HNB සහ CFA Society Sri Lanka 2024 2024 වසරේ මූල්‍ය අංශයේ වර්ධනය වෙනුවෙන් සිය හවුල්කාරීත්වය අලුත් කරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට මූල්‍ය අංශයේ සංවර්ධනය වෙනුවෙන් සිය කැපවීම යළිත් තහවුරු කරමින් CFA Society Sri Lanka සමඟ වන හවුල්කාරීත්වය නැවත අලුත් කිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව මෙරට මූල්‍ය අංශයේ වෘත්තිකයින්ගේ වෘත්තීය සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සිය හවුල් ඉලක්කයන් ශක්තිමත් කරමින් 2025 වසර දක්වා සිය සහයෝගීතාව පවත්වාගෙන යාමට එම ආයතන කටයුතු කරනු ඇත. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම ආයතන දෙකෙහි ප්‍රධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

CFA හි සභාපතිනි – රශ්මි පීරිස් පරණවිතාන, උප සභාපතිනි – රසංජා පෙරේරා, භාණ්ඩාගාරික-  නදික රණසිංහ, අධ්‍යක්ෂ – රිචඩ්සන් මොරායස්, ප්‍රධාන විධායක නිලධාරී – අරුණ අල්විස්, HNB කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී –  දමිත් පල්ලෙවත්ත, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී-  සන්ජේ විජේමාන්න, කුඩා හා මධ්‍ය පරිමාණ හා ක්ෂුද්‍ර ව්‍යාපාර පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – රජීව් දිසානායක,  ප්‍රධාන වර්ධන නිලධාරී – බිමල් පෙරේරා, ජාලගත ව්‍යාපාර සහකාර සාමාන්‍යාධිකාරී – සුපුන් ඩයස්, ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී – සමුද්දික මෙන්ඩිස්, සේවක බැංකුකරණ සබඳතා කළමනාකාර – රුවන්තිකා පෙරේරා සහ පුහුණු බැංකු සහකාර – විනුකි රත්නායක යන මහත්ම මහත්මීන් 2025 වසර දක්වා වන අවබෝධතා ගිවිසුම අලුත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා “CFA Society Sri Lanka සමඟ වන අපගේ දිගුකාලීන හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ඔවුන් සමඟ වන මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ නව්‍යකරණය හා විශිෂ්ටත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමේ අපගේ මෙහෙවර ඉදිරියට ගෙන යාමට ඉතා වැදගත් වනවා. විශේෂිත බැංකුකරණ විසඳුම් හා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අධ්‍යාපන අවස්ථා සපුරා ගැනීමේ හැකියාව මූල්‍ය වෘත්තිකයින් වෙත උදා කර දීම මෙම හවුල්කාරීත්වය තුලින් අප අරමුණු කොට ගෙන තිබෙනවා” යනුවෙන් පැවසීය.

මෙම හවුල්කාරීත්වයේ එක් පියවරක් ලෙස CFA Society Sri Lanka සාමාජිකයින් සඳහා සුවිශේෂී වට්ටම් සහ දීමනා සහිත සම සන්නාමගත ක්‍රෙඩිට් කාඩ්පතක් පිරිනැමීමට HNB කටයුතු කරනු ඇත.  තවද CFA අපේක්ෂක කවුන්සිලයේ ශිෂ්‍ය සාමාජිකයින් හට CFA හි විභාග ලියාපදිංචි ගාස්තු ගෙවීම හා වැඩි දියුණු කළ පුද්ගලික බැංකු සේවා සපයා ගැනීම වැනි ප්‍රතිලාභ ලබා ගත හැකි  Visa Signature ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීමට ද අවස්ථාව ඇත.

මූල්‍ය සේවාවන්ට අමතරව HNB සාමාජිකයින් සඳහා වෘත්තීය සංවර්ධනය පිළිබඳ විශේෂඥ දැනුම ලබා දීම වෙනුවෙන් අධ්‍යාපනින වැඩසටහන්, ජාලකරණ වැඩසටහන හා දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ වැනි දේ සංවිධානය කිරීමට මෙම අවබෝධතා ගිවිසුම අනුව CFA Society Sri Lanka කටයුතු කරනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ CFA හි සභාපතිනි රශ්මි පීරිස් පරණවිතාන මහත්මිය සඳහන් කර සිටියේ “HNB සමඟ වන සබඳතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට හැකිවීම පිළිබඳ ඉතා සතුටට පත් වෙනවා. අපගේ සාමාජිකයින්ට මෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකට ප්‍රතිලාභ සැලසෙන මෙම හවුල්කාරීත්වය ආචාරධාර්මික ප්‍රමිතීන් හා වෘත්තීය වර්ධනය වෙනුවෙන් HNB හි කැපවීම මෙරට මූල්‍ය කර්මාන්තය නඟා සිටුවීමේ අපගේ මෙහෙවර සමඟ හොඳින් ගැලපෙනවා.” යනුවෙනි.

2001 වසරේදී පිහිටුවනු ලැබූ CFA Society Sri Lanka ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රධාන මූල්‍ය නිලධාරීන් වැනි ජ්‍යෙෂ්ඨ මූල්‍ය වෘත්තිකයින් මෙන්ම ආයෝජන විශ්ලේෂකයින් හා කළඹ කළමනාකරුවන් ඇතුළු CFA හි වරලත් සාමාජිකයින් 250කට අධික සංඛ්‍යාවකගේ වෘත්තීය වර්ධනය වෙනුවෙන් දායක වන ප්‍රධාන ආයතනයකි.


Share with your friend