ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සියලුම බැංකු සේවා සහ පහසුකම්වලින් සමන්විත නව පාරිභෝගික ඒකකයක් පසුගියදා City of Dreams Sri Lanka හිදී විවෘත කළේය.



ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම සහ ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හිදී විවෘත කළ මෙම HNB නව පාරිභෝගික ඒකකය මගින් පුළුල් පරාසයක බැංකු සේවාවන් සඳහා ජනතාවට පහසු ප්‍රවේශයක් ලබා දෙයි. තවද මෙම විවෘත කිරීම තුළින් බැංකුව හා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහය අතර පවතින දිගුකාලීන ශක්තිමත් සම්බන්ධතාවය මැනවින් පෙන්නුම් කරන අතර City of Dreams Sri Lanka සඳහා අරමුදල් සැපයීමේදී HNB ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබීය.
මෙම පාරිභෝගික ඒකකය මගින් උපදේශන සේවා සහ ස්වයං සේවා යන්ත්‍ර ඇතුළුව HNB හි සියලුම බැංකු සේවා සපයයි. එමෙන්ම එය සංචාරකයින්, අවට පදිංචිකරුවන්, ව්‍යාපාර සහ City of Dreams Sri Lanka වෙත පැමිණෙන සියලුම දේශීය හා ජාත්‍යන්තර අමුත්තනගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇත.
City of Dreams Sri Lanka දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙස සැලකෙයි. තවද මෙරට ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණය මගින් ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සිතියමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අරමුණු කරයි.
ඇමරිකානු ඩොලර් බිලියන 1.2 කට අධික වටිනාකමින් යුතුව සංවර්ධනය කරන ලද City of Dreams Sri Lanka කාමර 800කින් යුතු සුඛෝපභෝගී හෝටලය, සුවිශේෂී අවන්හල්, සාප්පු සංකීර්ණ, උත්සව හා විනෝදාස්වාද ස්ථාන, කාර්යාලීය පහසුකම් මෙන්ම MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) අත්දැකීම්වලින් සමන්විත වෙයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “මෙම පාරිභෝගික ඒකකය විවෘත කිරීම මගින් HNB ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ ව්‍යාපාරික අංශවල ප්‍රධාන, වර්ධනය වන ක්ෂේත්‍රවල කොටසක් වීමට දරන අඛණ්ඩ උත්සාහය පෙන්නුම් කරනවා. City of Dreams Sri Lanka එහි විශාලත්වය සහ සංචාරක කර්මාන්තයට ධනාත්මක ලෙස බලපෑම් කිරීමට එයට ඇති හැකියාව නිසා මෙම නව පාරිභෝගික ඒකකය ශ්‍රී ලංකාවේ වැදගත් ආයෝජනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. සෑම නවීන බැංකු අවශ්‍යතාවයක් සඳහාම ආරක්ෂිත, වෘත්තීයමය සහ පහසු බැංකු සේවා සපයන මෙම සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය තුළ ක්‍රියාත්මක වන එකම බැංකුව වීම ගැන HNB නිහතමානීව ආඩම්බර වනවා.” යනුවෙනි.’‘බැංකු සේවා සඳහා වර්ධනය වන ඉල්ලුමක් ඇති නගරවල ජීවත්වන ජනතාවගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීම මෙම නව පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ අරමුණයි. මෙමගින් විදේශීය අමුත්තන්ට, ව්‍යාපාරවලට හෝ දේශීය සේවාදායකයින්ට සේවය ලබා දීමට අමතරව අපගේ පළපුරුදු දක්ෂ කණ්ඩායමක් විසින් විශ්වාසදායක සහ බාධාවකින් තොර උසස් තත්ත්වයේ සේවාවන් සැපයීම සහතික කරනවා.” යනුවෙන් HNB විධායක උප සභාපති/ශාඛා ජාල ව්‍යාපාර ප්‍රධානී සුපුන් ඩයස් මහතා පැවසුවේය. තවද මෙම නව පාරිභෝගික ඒකකය සියලුම ගනුදෙනුකරුවන්ට බැංකු කටයුතු සිදු කිරීමට පහසු ප්‍රවේශය මෙන්ම ඩිජිටල් සහ එක් එක් ගනුදෙනුකරුවන්ට සරිලන පරිදි විශේෂයෙන් සකස් කළ සේවාවන් රැසක් ද ලබා දෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.