ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, සිය තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් ප්‍රධාන අධ්‍යාපන වැඩසටහනක් වන HNB Teen+ Quiz Champs පසුගියදා මාතර සහ බදුල්ල යන ප්‍රදේශවලදී සාර්ථකව පැවැත්විණි. ගණිතය, විද්‍යාව, ක්‍රීඩා, තාක්ෂණය, තිරසාරභාවය, ඉතිහාසය සහ සාමාන්‍ය දැනුම යන විෂයන් පිළිබඳ දැනුම පරීක්ෂා කරන ලද මෙම තරගාවලියට පාසල් 80 කින් සිසු සිසුවියන් 600 කට වැඩි පිරිසක් සහභාගී විය.


බැංකුවේ තැන්පතු බලමුළු ගැන්වීමේ ඒකකය (Deposit Mobilization Unit) විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන්වල ප්‍රධාන අරමුණ වූයේ පාසල් සිසු සිසුවියන්ට තම දැනුම වැඩි දියුණු කිරීමට, තරඟයකදී එකිනෙකාට එරෙහිව ඔවුන්ගේ කුසලතා පරීක්ෂා කිරීමට සහ තම සම වයසේ මිතුරන් සමඟ අත්දැකීම් බෙදාහදා ගනිමින් පුද්ගලිකව සහ අධ්‍යාපනික වශයෙන් දියුණු වීමට අවස්ථාවක් ලබා දීමයි. තවද සිසු සිසුවියන් මෙහිදී තම අධ්‍යයන විශිෂ්ටත්වය, කණ්ඩායම් හැඟීම හා ඉගෙන ගැනීමට ඇති දැඩි ඇල්ම පෙන්නුම් කළේය.
මෙම ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය යොවුන් වියේ පසුවන්නන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති HNB හි Teen+ ගිණුමට ද සම්බන්ධ කර ඇත. මෙම ගිණුම රු. 1,000 ක් වැනි අවම මුදලකින් ආරම්භ කළ කළ හැකි අතර Tap & Go ඩෙබිට් කාඩ්පතක්, real-time SMS සේවාව, ඩිජිටල් බැංකුකරණ ප්‍රවේශය, මුදල් ආපසු ගැනීම්, විද්‍යුත් ප්‍රකාශන මෙන්ම විශේෂ වට්ටම් හා දීමනා වැනි බොහෝ ප්රතිලාභවලින් ද සමන්විතය. එමෙන්ම HNB Teen+ ගිණුම සිසුන්ට තමන්ගේම බැංකු කටයුතු කළමනාකරණය කිරීමට හැකියාව ලබා දෙන අතරම ඔවුන්ට පෞද්ගලිකව වර්ධනය වීමටද උපකාරී වෙයි.
මාතරදී පැවති වැඩසටහන සඳහා පාසල් 42ක් සහ සිසුන් 340කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. එහිදී මාතර සුජාතා විද්‍යාලය ප්‍රථම ස්ථානය දිනා ගත් අතර මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගත්තේය. මෙම අවස්ථාවට HNB උප සභාපති – තැන්පතු විරංග ගමගේ සහ දකුණු පළාතේ AVP/ප්‍රාදේශීය ව්‍යාපාර ප්‍රධානී රජිත විජේනායක සහභාගී වූහ.
මීට අමතරව පාසල් 38ක් සහ සිසු සිසුවියන් 304ක් බදුල්ලේදී පැවති වැඩසටහනට සහභාගී වූ අතර බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය මෙහි ප්‍රථම ස්ථානයත්, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ ඌව විද්‍යා විද්‍යාලය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගනු ලැබීය. HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/සිල්ලර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම සහ උප සභාපති – තැන්පතු විරංග ගමගේ යන මහත්වරු මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූහ.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/සිල්ලර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “Teen+ Quiz Champs හරහා අපි අලුත් පරම්පරාවට උද්යෝගයෙන් හා ආශාවෙන් ඉගෙන ගැනීමට දිරිමත් කරනවා. මෙහිදී සිසුන් විසින් පෙන්නුම් කළ දැඩි උද්යෝගය හා ආශාව විශිෂ්ටයි. ඒවගේම තරුණ ප්‍රජාව අතර විශ්වාසය, කණ්ඩායම් හැඟීම සහ වර්ධනය ගොඩනඟන වැඩසටහන් සඳහා සහාය වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වනවා.” යනුවෙනි.“මෙම වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා අපගේ කැපවීම මැනවින් පෙන්නුම් කරනවා. Teen+ Quiz Champs සිසුන්ට අධ්‍යයන කටයුතු සඳහා පමණක් නොව, අනාගතයට වැදගත් වන සන්නිවේදනය, විවේචනාත්මක චින්තනය සහ කණ්ඩායම් හැඟීම වැනි කුසලතා වැඩිදියුණු කිරීමට ද උපකාරී වනවා.” යනුවෙන් HNB උප සභාපති – තැන්පතු විරංග ගමගේ මහතා සඳහන් කළේය.