HUTCH Cheer Points වැඩසටහන, SLASH සමඟ එක්ව පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙයි.

Share with your friend

HUTCH සමාගම, SLASH සමඟ එක්ව “HUTCH Cheer Points” ලෝයල්ටි වැඩසටහන හරහා සිය පාරිභෝගිකයින්ට ආහාරපාන, ගමන් බිමන්, විනෝදාස්වාදය ඇතුළුව තෝරාගත් අංශ කිහිපයකට දහසකට වැඩි සුවිශේෂී දීමනා සහ වට්ටම් ලබා දීමට පියවර ගෙන ඇති අතර, මෙම වැඩසටහන ජුලි මාසයේ සිට මාස තුනක කාලයක් දක්වා ක්‍රියාත්මකයි.

SLASH හී නිර්මාතෘ හුසේන් තුරාබලි, එහි සම නිර්මාතෘ ටස්නීම් තුරාබලි, HUTCH Sri Lanka සමාගමේ සාමාන්‍යාධිකාරී (සන්නාම, සන්නිවේදන හා පාරිභෝගික ළැදියා) කෞෂලා අමරසේකර, එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී සචිනි මහේෂා සහ එහි විධායක නිලධාරී දිනිති දිසානායක යන මහත්ම මහත්මීන් 

පුළුල් පරාසයක් ආවරණය කරමින් සුවිශේෂී දීමනා රැසකින් සමන්විත වන මෙම හවුල්කාරිත්වය තුළින් HUTCH පාරිභෝගිකයින්ට ප්‍රණීත ආහාරපානවල සිට අති සුඛෝපභෝගී නිවාඩු නිකේතන ආදිය දක්වා විනෝදාත්මක අත්දැකීම් රැසක ආශ්වාදය මෙමගින්  ලඟා කරදෙයි.

මේ පිළිබඳව SLASH හි සම-නිර්මාතෘ ටස්නීම් තුරාබලි මහත්මිය මෙසේ අදහස් දැක්වීය. “SLASH හි අපගේ අරමුණ වී ඇත්තේ, පා‌රිභෝගිකයින්ට වෙනස් ආකාරයේ අත්දැකීමක් අත්විඳීමට අවස්ථාව සලසා දීමයි. SLASH නිර්මාණය කරන ලද්දේ ජනතාවගේ ජීවන තත්ත්වය ගැන සැලකිලිමත් වෙමින් අඩු වියදමකින් වැඩි ප්‍රතිලාභ ලබාදීමටයි. විශිෂ්ට ආහාරපාන සහ scuba diving to surfing ආදී දේ දක්වා, ඔබට අවශ්‍ය දේවල් අධික මුදල් ප්‍රමාණයක් වැය නොකර ඉටු කර ගැනීමට අපි පහසුකම් සලසන්නෙමු.’’ 

HUTCH ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී (සන්නාම, සන්නිවේදන හා පාරිභෝගික ළැදියා) කෞෂලා අමරසේකර මහත්මිය ප්‍රකාශ කළේ. “අපගේ Cheer Points පවුලේ සාමාජිකයෙකු ලෙස SLASH එක්වීම අපිට ඉමහත් සතුටක්. අපගේ පාරිභෝගිකයින් නිරන්තරයෙන් අපේක්ෂා කරන්නේ සාම්ප්‍රදායික යල්පැනගිය සේවාවන්ගෙන් ඔබ්බට ගොස් වඩා පුළුල් අත්දැකීමක් ලබාගැනීමට මෙන්ම ඒවා ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට වඩාත් ප්‍රයෝජනවත් සහ වටිනාකම් ගෙන දිය යුතු බවයි. SLASH සමඟින්, අපි ඔවුන්ට මාසයක් පුරා සම්පූර්ණයෙන්ම නොමිලේ, අත්විඳිය හැකි ආකර්ෂණීය දීමනා සිය ගණනකට ප්‍රවේශ වීමේ අවස්ථාව ලබා දෙනවා”

මේ අනුව, HUTCH Cheer Points ලෝයල්ටි වැඩසටහන මගින් පාරිභෝගිකයන්ට සරල සුවපහසු ජීවන රටාවට ගැලපෙන අවස්ථාවක් ලබා දීමට HUTCH සමාගම දෑරු උත්සාහය මෙයින් පිලිබිඹු වන අතර මෙම වැඩසටහන Scope Cinemas, Spring & Summer, Pearl Bay, Fitness First ඇතුළුව තවත් ප්‍රමුඛ පෙළේ සන්නාම සමඟ හවුල්කාරිත්වයන් දරමින් HUTCH සමාගම සිය පාරිභෝගිකයන්ට එදිනෙදා ජීවිතයට වටිනාකමක් එක් කරමින්, තව දුරටත් ප්‍රතිලාභ පුළුල් කිරීමට අපේක්ෂා කරයි.

SLASH යෙදුම (http://onelink.to/slash) හරහා පාරිභෝගිකයින්ට මෙම දීමනා පහසුවෙන් ලබා ගත හැකිය. Cheer Points ලෝයල්ටි වැඩසටහන සහ දීමනා පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට සඳහා https://hutch.lk/cheer-points/ වෙත පිවිසෙන්න.


Share with your friend