HUTCH වෙතින් ශ්‍රී ලාංකික සැමට Value Plans එකතුවක්

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදක සමාගමක් වන HUTCH, මෙරට සියලුම පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන්ට ගැළපෙන සුවිශේෂී Value Plans එකතුවක් හඳුන්වා දී තිබේ. මේ වනවිට මෙරට තුළ සහන මිලට ලබාගත හැකි විශ්වාසනීය දුරකථන සම්බන්ධතා සැලසුම් සඳහා පවතින ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින අතර, එම ඉල්ලුම සපුරාලන අතරම වර්තමානයේ ඩිජිටල් තාක්ෂණය මූලික කරගත්  ආර්ථිකය තුළ පාරිභෝගිකයන් සවිබල ගැන්වීමේ අරමුණින් HUTCH විසින් මෙම Value Plans හඳුන්වා දී ඇත.

මෙහිදී තරුණ තරුණියන්, සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, ව්‍යවසායකයන්, ගෘහස්ථ පාරිභෝගිකයන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු සියලුම කාණ්ඩ ආවරණය කිරීම HUTCH සමාගමේ අපේක්ෂාව විය. මේ කාණ්ඩ සියල්ලෙහිම අවශ්‍යතාවන්ට මෙන්ම ඔවුන්ට දැරිය හැකි වියදම් සීමාවන්ට ගැළපෙන අයුරින් HUTCH Value Plans සැලසුම් කර තිබේ. මෙය අන්තර්කරණය හා තිරසාරත්වය ප්‍රවර්ධනය කරන අතරම පාරිභෝගිකයන්ට ඉහළම වටිනාකමක් ලබාදෙන කාලෝචිත සේවාවන් හඳුන්වා දීම සඳහා HUTCH දරන උත්සාහයට මනා සාක්ෂියකි.

තරුණ පරපුර සහ සමාජ මාධ්‍ය පරිශීලකයන් ඉලක්ක කරගත් රු. 909  HUTCH සැලසුම මගින්  පාරිභෝගිකයන්ට ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුම් 9 ක් අසීමිතව භාවිතා කළ හැකි අතර, ඊට අමතරව 30GB Anytime Data සහ අසීමිත ඇමතුම් ඇතුළු වාසි රැසක්ද හිමි වේ. ඒ අනුව එය මාසික ඩේටා සහ ඇමතුම් අවශ්‍යතා සපුරාගැනීම සඳහා වඩාත්ම පිරිමැසුම්දායක සැලසුම් අතරින් එකක් ලෙස හැඳින්විය හැක. රු. 492 සැලසුම මගින් පාරිභෝගිකයන්ට  සමාජ මාධ්‍ය යෙදුම් 9 ක් අසීමිතව භාවිතා කළ හැකි නමුත් එම පැකේජයට අමතර Anytime Data ඇතුළත් නොවේ. මීට අමතරව වඩාත් සහනදායී සැලසුමක් වන රු. 371 සැලසුම මගින් පාරිභෝගිකයන්ට ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදුම් 4 ක් භාවිතා කළ හැක.

මේ අතර HUTCH ‘Oneload’ සැලසුම විධායක නිලධාරීන්, ව්‍යවසායකයන්, සහ වෘත්තිකයන් වැනි අයට බෙහෙවින් වාසිදායක වනු ඇත. එක්වරක් රීලෝඩ් කිරීම මගින් වසරක කාලයක් භාවිතා කළ හැකි මෙම සැලසුම විශේෂයෙන්ම කාර්යබහුල ජීවිත ගතකරන පුද්ගලයන්ට ඉමහත් පහසුවක් වනු නිසැක ය. මෙහි රු. 2,499 සැලසුම යටතේ 120GB Data සමග ඕනෑම ජාලයක් සඳහා මිනිත්තු 6,000 ක ඇමතුම් සහ අසීමිත WhatsApp පහසුකම් හිමි වේ. රු. 8,999 සැලසුමට අසීමිත සමාජ මාධ්‍ය භාවිතය, 360GB Data සහ අසීමිත ඇමතුම් ඇතුළත් වන අතර, රු. 14,999 සැලසුමට අසීමිත Data සහ අසීමිත ඇමතුම් ඇතුළත් වේ.

තවත් සුවිශේෂී සැලසුමක් වන HUTCH 2X හඳුන්වා දී ඇත්තේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගෘහස්ථ පාරිභෝගිකයන් සහ කුඩා පරිමාණ ව්‍යාපාර වැනි පාරිභෝගික කාණ්ඩ වෙනුවෙනි. මෙම සැලසුම නිවසේදී මෙන්ම ගමනේ බිමනේදී සහනදායී අන්තර්ජාල පහසුකම් ලබාදෙයි. මෙම සැලසුම් මගින් පාරිභෝගිකයන්ට තම ස්මාර්ට් දුරකථන Wi-Fi hotspots ලෙස භාවිතා කළ හැකි නිසා ඔවුන්ට අමතර ගාස්තු හෝ අමතර උපකරණ භාවිතා නොකර උපාංග කිහිපයකට අන්තර්ජාල සම්බන්ධතාව ලබාගත හැක. මෙහි රු. 1,099 සැලසුම මගින් 50GB Anytime Data හිමි වන අතර, රු. 2,099 සැලසුම මගින් 100GB Anytime Data හිමි වේ.

HUTCH Value Plan එකතුව පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා හෝ ඒවා ලබාගැනීම සඳහා <Link> වෙත පිවිසෙන්න. නැතිනම් <Number> අමතන්න.

HUTCH Sri Lanka පිළිබඳව

ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන HUTCH Sri Lanka, හොංකොං පදනම් කරගත් Fortune 500 සමාගමක් වන CK Hutchison Holdings (CKHH) හි අනුබද්ධ සමාගමකි. රටවල් 50 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති CK Hutchison Holdings සමාගමේ සේවය කරන පිරිස 300,000 ඉක්මවයි. වරාය හා ඒ ආශ්‍රිත සේවා, පාරිභෝගික විකුණුම්, යටිතල පහසුකම්, බලශක්තිය, මූල්‍ය හා ආයෝජන සහ දුරකථන සන්නිවේදන යන ප්‍රධාන ක්ෂේත්‍ර 6 තුළ ක්‍රියාත්මක වන CK Hutchison Holdings සමාගම 2022 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 36 ක ආදායමක් වාර්තා කිරීමට සමත් විය.

1997 වසරේදී ඇනලොග් සේවාවන් සමගින් මෙරට තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ HUTCH මේ වනවිට මෙරට විශාලතම ජංගම දුරකථන සේවා සම්පාදක සමාගමක් බවට පත් වී සිටී. 2004 වසරේදී GSM දියත් කිරීමෙන් අනතුරුව HUTCH විසින් 2011 වසරේදී 3G සේවාවන්ද, 2018 වසරේදී 4G සේවාවන්ද ආරම්භ කරන ලදි. 2019 වසරේදී Etisalat Sri Lanka සමාගම අත්පත් කරගැනීමත් සමග HUTCH තවදුරටත් ශක්තිමත් වූ අතර, ඒ නිසා 078 සහ 072 අංක යටතේ සහනදායී හා විශ්වාසනීය ජංගම දුරකථන සේවාවන් පිරිනැමීමට සමාගමට හැකියාව ලැබිණි. 2023 වසර වන විට HUTCH 4G ජාලය මගින් ශ්‍රී ලාංකික ජනගහනයෙන් 95% ක්ම ආවරණය වූ අතර, ඉදිරියේදී 5G සේවාවන්ද හඳුන්වා දීමට සමාගම සූදානමින් සිටී.

ශ්‍රී ලංකාවේ තුන්වැනි විශාලතම දුරකථන සන්නිවේදන සේවා සමාගම වශයෙන් HUTCH මෙරට ඩිජිටල් පරිවර්තනයටද කේන්ද්‍රීය දායකත්වයක් ලබාදෙයි. සිය පුළුල් 4G ජාලය සමගින් දිවයිනේ දුෂ්කරම ප්‍රදේශවලට පවා විශ්වාසනීය දුරකථන සම්බන්ධතා පහසුකම් ලබාදීමට සමාගමට හැකි වී ඇත. 5G ඇතුළුව සිය තාක්ෂණික හැකියාවන් වැඩිදියුණු කරගන්නා අතරම, ශ්‍රී ලාංකිකයන්ට එදිනෙදා සන්නිවේදන කටයුතු, ව්‍යාපාර කටයුතු සහ විනෝදාස්වාදය ආදිය සඳහා අවශ්‍ය වන නව්‍ය සේවාවන් හඳුන්වා දීමට HUTCH සෑම විටම කටයුතු කරයි. පාරිභෝගිකයන්ට සහනදායී ගාස්තු යටතේ සන්නිවේදන සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙමින් සහ උසස් ප්‍රමිතිය හා පාරිභෝගික තෘප්තිය සහතික කරමින්, ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන සේවා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සාමාජිකයෙකු ලෙස එහි දියුණුවට අඛණ්ඩව දායක වීම HUTCH හි අරමුණ වී තිබේ.


Share with your friend