IIHS ගෝලීය සෞඛ්‍ය සේවා නායකයන් සඳහා ඇති ඉල්ලුම සැපිරීමට EMBA වැඩසටහන් තුනක් දියත් කරයි 

Share with your friend

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශාල ඉල්ලුමක් ඇති නායකත්ව වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණෙන් MBA (EMBA) වැඩසටහන් තුනක් හඳුන්වා දී තිබේ. දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද විශාල ඉල්ලුමක් ඇති සෞඛ්‍ය පරිපාලනය, ඩිජිටල් සෞඛ්‍යය සහ වැඩිහිටි රැකවරණ යන අංශවලට අදාළව හඳුන්වා දී ඇති එම වැඩසටහන් හදාරන සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් වෘත්තිකයන් බවට පත් විය හැකිය. 

IIHS ආයතනය පසුගිය දශක දෙකක කාලය තුළ ලොව පුරා රටවල් රැසක සෞඛ්‍ය සේවා ආයතන සඳහා අවශ්‍ය වෘත්තිකයන් නිර්මාණය කිරීමට සුවිශේෂ දායකත්වයක් දක්වා ඇත. ඊට අනුබද්ධිත IIHS Multiversity හරහා පිරිනමන නව EMBA වැඩසටහන් තුළින් සෞඛ්‍ය සේවා, ප්‍රතිපත්ති සහ නව්‍යකරණ වැනි ක්ෂේත්‍රවල නායකත්ව තනතුරු සඳහා අවශ්‍ය දැනුමෙන් සහ කුසලතාවලින් පරිපූර්ණ වෘත්තිකයන් බිහි කිරීමට අපේක්ෂා කෙරේ. 

“මෙම වැඩසටහන් සැළැසුම් කර තිබෙන්නේ අපේ රටට පමණක් නොවෙයි, ලෝකයටම ගැළපෙන ආකාරයෙන්. මේ තුළින් ලෝකයේ ඕනෑම රටක සේවය කළ හැකි, යාවත්කාලීන වූ දැනුම සහිත, ප්‍රායෝගික කුසලතා සහිත සහ වර්තමාන හා නැගී එන අභියෝග පිළිබඳව පුළුල් අවබෝධයක් සහිත වෘත්තිකයන් නිර්මාණය කිරීමට අපට හැකි වේවි.” IIHS ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේය. 

සෞඛ්‍ය පරිපාලනය පිළිබඳ EMBA වැඩසටහන රෝහල් කළමනාකරුවන්, ව්‍යාපෘති නායකයන් සහ මහජන සෞඛ්‍ය විධායකයන් වැනි වෘත්තිකයන් ඉලක්ක කරයි. 2030 වසර වන විට ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, නවසීලන්තය වැනි රටවල්ද ඇතුළුව ලොව පුරා සෞඛ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට අදාළව තනතුරු මිලියන 1.5ක් පමණ නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම රටවල් සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා ආකර්ෂණීය සංක්‍රමණ අවස්ථාද හඳුන්වා දී ඇත. උදාහරණයක් වශයෙන් කැනඩාව සිය ජාතික රැකියා වර්ගීකරණ (National Occupation Classification) ලැයිස්තුවට සෞඛ්‍ය පරිපාලන තනතුරු ඇතුළත් කර තිබේ. ඕස්ට්‍රේලියාව සිය මධ්‍යම සහ දීර්ඝකාලීන උපායමාර්ගික කුසලතා ලැයිස්තුවට (Medium and Long-term Strategic Skills List) එය ඇතුළත් කර ඇත.

ඩිජිටල් සෞඛ්‍යය පිළිබඳ EMBA වැඩසටහන නවීන තාක්ෂණය සමඟ මුසු වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන වෘත්තිකයන් වෙනුවෙන් හඳුන්වා දී ඇති වැඩසටහනකි. 2027 වන විට ටෙලි සෞඛ්‍ය කළමනාකරණය සහ සායනික තොරතුරු විද්‍යාව (Telehealth Management & Clinical Informatics) යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ලක්ෂ පහකට වැඩි සංඛ්‍යාවක් නිර්මාණය වනු ඇතැයි ගණන් බලා තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල් රැසක සෞඛ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට මෙම වැඩසටහන් හදාරන වෘත්තිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. ජර්මනිය සහ එක්සත් රාජධානිය වැනි රටවල් ඩිජිටල් සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා පහසු සංක්‍රමණ අවස්ථා හඳුන්වා දී තිබේ.

ලොව පුරා අංක එකේ ප්‍රමුඛතාවක් බවට පත් වෙමින් ඇති වැඩිහිටි රැකවරණ කළමනාකරණ ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් තෙවැනි EMBA වැඩසටහන දියත් කර ඇත. සෑම රටක්ම පාහේ වැඩිහිටි රැකවරණ ක්ෂේත්‍රය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන බැවින් 2030 වන විට ලොව පුරා රටවල ඒ ආශ්‍රිත රැකියා අවස්ථා මිලියන 2.3ක් පමණ නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ, ඩිමෙන්ෂියා රැකවරණ සැළැසුම්කරු, ප්‍රතිපත්ති විශේෂඥ ඒ අතරින් කිහිපයකි. ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, ජර්මනිය, නවසීලන්තය වැනි රටවල වැඩිහිටි රැකවරණ වෘත්තිකයන්‌ට විශාල ඉල්ලුමක් ඇත. ඕස්ට්‍රේලියාව සහ කැනඩාව මෙම වෘත්තිකයන් සඳහා විශේෂ සංක්‍රමණ අවස්ථා හඳුන්වා දී තිබේ.

මාර්ගගත සහ සති අන්තවල පැවැත්වෙන පන්ති කාමර ඉගැන්වීම්වලින් සමන්විත දෙමුහුම් ක්‍රමවේදයක් යටතේ ඉගැන්වීම් කටයුතු සැළැසුම් කර ඇත. ඊට පර්යේෂණ ව්‍යාපෘතියක්ද අන්තර්ගත වේ. අන්තර්ජාතික ඉගැනුම් සහ කර්මාන්ත ප්‍රමිතිවලට අනුකූල වන සේ විෂය නිර්දේශය සකස් කර ඇත. ප්‍රතිපත්ති, තොරතුරු විද්‍යාව, වැඩිහිටි රැකවරණ උපායමාර්ග සහ සෞඛ්‍ය සේවා ව්‍යවසායකත්වය වැනි අංශ ඊට ඇතුළත් වේ. ඒ ඒ වැඩසටහන ආචාර්ය උපාධි (PhD හෝ DBA) මට්ටම දක්වා යාමට වෘත්තිකයන්ට අවස්ථාව සළසයි. 

කළමනාකරණ අංශයට පිවිසීමට බලාපොරොත්තු වන වෛද්‍යවරුන්ට සහ හෙද නිලධාරීන්ට, සම සෞඛ්‍ය වෘත්තිකයන්ට, ඩිජිටල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට, සුවතාව හා වැඩිහිටි රැකවරණය පිළිබඳව උනන්දුවක් දක්වන සමාජ ව්‍යවසාකයන්ට සහ රාජ්‍ය නොවන සංවිධාන නායකයන්ට මෙම වැඩසටහන් හැදෑරිය හැකිය. IIHS ආයතනයේ අධ්‍යාපනය හැදෑරු විශාල පිරිසක් මේ වන විට ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, එක්සත් රාජධානිය වැනි රටවලට සංක්‍රමණය වී තිබේ. මෙම වැඩසටහන් හැදෑරීම තුළින් නායකත්ව සහ ක්ෂේත්‍රයට වෙන් වූ කුසලතා සපුරා ගැනීමටත්, එම රටවල ස්ථිර පදිංචිය ලැබීමටත් හැකි වනු ඇත.

පළමු බඳවා ගැනීමට අදාළ අයැදුම්පත් භාර ගැනීම මේ දිනවල සිදු වේ. උනන්දුවක් දක්වන වෘත්තිකයන් වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩසටහන් සහ නම්‍යශීලී ගෙවීම් ක්‍රම හඳුන්වා දී ඇත. සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් ඇති බැවින් ඉක්මනින් අයැදුම්පත් යොමු කිරීම වඩාත් සුදුසු බව IIHS ආයතනය සඳහන් කළේය. www.iihs.edu.lk යන වෙබ් අඩවිය හෝ info@iihs.edu.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ වැඩි විස්තර ගත හැකිය.


Share with your friend