ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පෝට්ලන්ඩ් සිමෙන්ති වර්ගය වන INSEE සංස්ථා සිමෙන්ති අඛණ්ඩව 11 වන වරටත් SLIM Kantar ජනතා සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. “SLIM Kantar People’s Awards 2022’ සම්මාන උළෙලේදී ‘වසරේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය’ කාණ්ඩය යටතේ මෙම සම්මානය INSEE සංස්ථා සිමෙන්ති වෙත පිරිනමන ලදි. මෙරට සන්නාම හා අලෙවිකරණය සම්බන්ධ ජනප්‍රියම සම්මාන උළෙලක් වන මෙය, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙහි විශේෂත්වය වන්නේ ජනතාවගේ කැමැත්ත අනුව කර්මාන්ත හා ක්ෂේත්‍ර රැසක සන්නාමයන් ඇගයීමට ලක්කිරීම ය.
2022 මාර්තු මස 21 වන දින Monarch Imperial හිදී පැවති මෙම උත්සවයට සන්නාම හා අලෙවිකරණ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ. මෙහිදී INSEE වෙත හිමි වූ සම්මානය එහි විධායක උප සභාපති සහ අධ්‍යක්ෂ (අලෙවිකරණ, විකුණුම් හා නවෝත්පාදන) යාන් කුනිග් මහතා විසින් පිළිගන්නා ලදි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුනිග් මහතා කියා සිටියේ අඛණ්ඩව 11 වන වරටත් INSEE සිමෙන්ති ජනතා සම්මාන හිමි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බවයි. “මේ ආකාරයට නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජනප්‍රියම සන්නාමය ලෙස වසරක් පාසා ජනතාවගේ ඇගයීමට ලක්වීම යනු, අපගේ නිෂ්පාදන වල උසස් ප්‍රමිතියට මෙන්ම, පාරිභෝගිකයන්, බෙදාහරින්නන් සහ අලෙවිකරුවන් ඇතුළු සියලුම පාර්ශ්ව සමග අප පවත්වාගෙන යන සමීප සම්බන්ධතාවට මනා සාක්ෂියක්. INSEE සංස්ථා සිමෙන්ති මෙරට විශිෂ්ටතම සිමෙන්ති ලෙස ඇගයීමට ලක්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ට අපගේ කෘතඥතාව පිරිනමන අතරම, අපගේ නිෂ්පාදන හා සේවාවන් සෑම විටම උසස්ම ප්‍රමිතියෙන් යුතුව පවත්වා ගන්නා බවට අප ලබා දී ඇති ප්‍රතිඥාව නැවත වරක් තහවුරු කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” කුනිග් මහතා වැඩිදුරටත් පැවසී ය.
ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ප්‍රථම පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ති වර්ගය වන INSEE සංස්ථා සිමෙන්ති, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන එකම සිමෙන්ති වර්ගයද වේ. මෙම සිමෙන්ති වර්ගයේ ඇතුළත් “Super S” අංශු ව්‍යුහය හේතුවෙන් එහි ශක්තිය හා කල්පැවැත්ම වැඩි වීම සහ ඉහළ ක්‍රියාකාරීත්වයක් සහතික වීම නිසා එය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී ඇත. එමෙන්ම INSEE සංස්ථා සිමෙන්ති නිෂ්පාදනයේදී වැසි ජලය ඇතුළු වීම වළක්වන සුවිශේෂී ජල ආරක්ෂණ තාක්ෂණයක්ද භාවිතා වන අතර, පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙස Green Building Council හි සහතිකකරණයද එයට හිමි වී තිබේ. මේ සියල්ල නිසා ගොඩනැගිලි ඉදිකිරීමේදී INSEE සංස්ථා සිමෙන්ති භාවිතා කිරීම නැණවත් ආයෝජනයක් මෙන්ම පරිසර හිතකාමී පියවරක් බවටද පත් වී ඇත. සෑම විටම නැවුම් සහ නොවෙනස් ප්‍රමිතියකින් යුත් INSEE සංස්ථා සිමෙන්ති, ශ්‍රී ලංකාවේ වෙනත් ඕනෑම සිමෙන්ති වර්ගයකට වඩා ශක්තිමත් ඉදිකිරීම් සිදුකළ හැකි සිමෙන්ති වර්ගයකි.
අලංකාර නිමාවක් ලබාදෙන සිමෙන්ති වර්ගයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන INSEE සිමෙන්ති සඳහා මිශ්‍ර කළ යුතු ජලය ප්‍රමාණයද සාමාන්‍ය සිමෙන්ති වර්ග වලට වඩා අඩු ය. INSEE සංස්ථා සිමෙන්ති කොට්ටයක් සඳහා අවශ්‍ය වන්නේ ජලය ලීටර් 25 ක් පමණක් වන අතර, මෙය අනෙකුත් සන්නාම යටතේ එන සිමෙන්ති වර්ග වලට අවශ්‍ය ජලය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු ප්‍රමාණයකි. මේ නිසා ශ්‍රී ලංකාවේ ඉදිවන සෑම නිවාස 3 කින් 2 කටම INSEE සංස්ථා සිමෙන්ති භාවිතා වේ. මේ සියලු ගුණාංග සමගින් ඉංජිනේරුවන්, ඉදිකිරීම් කාර්මිකයන් සහ පොදු ජනතාවගේ හදවත් දිනාගනිමින් දිගින් දිගටම ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමුඛතම තේරීම බවට පත්වීමට INSEE සංස්ථා සිමෙන්ති සමත් වී ඇත.