INSEE සංස්ථා සිමෙන්ති, කොට්ලර්ගේ ‘Essentials of Modern Marketing’ ශ්‍රී ලංකා සංස්කරණය තුළින් ජාත්‍යන්තර ඇගයුමට පාත්‍ර වේ

Share with your friend

INSEE සිමෙන්ති හි ප්‍රමුඛතම සන්නාමය වන INSEE සංස්ථා සිමෙන්ති, අලෙවිකරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් පුරෝගාමියෙකු වන මහාචාර්ය පිලිප් කොට්ලර් විසින් රචිත Essentials of Modern Marketing (EOMM) හි ප්‍රථම ශ්‍රී ලංකා සංස්කරණයේ සිද්ධි අධ්‍යයනයක් ලෙස ඉදිරිපත් කර ඇත.

මෙම කීර්තිමත් ප්‍රකාශනය, 2025 අගෝස්තු 22 දින, කොළඹ Cinnamon Grand හෝටලයේදී Kotler Impact Inc. සහ Deyo Consultancy and Advisory යන ආයතනවල සහයෝගයෙන් ප්‍රකාශයට පත් කරන ලදි. EOMM ගෝලීය ප්‍රකාශන මාලාවේ විශේෂිත සංස්කරණයක් නිකුත් කෙරුණු පළමු රට ලෙසට ශ්‍රී ලංකාව සනිටුහන් වේ. මෙය ගෝලීය වශයෙන් අප රට හිමි කරගෙන ඇති, අලෙවිකරණ නවෝත්පාදනය සහ සන්නාම විශිෂ්ටත්වය මැනවින් විදහා පාන්නකි.

ගෞරවාන්විත සන්නාමයක් ලෙස වසර 55කට අධික කාලයක් පුරා නොසැලෙන උරුමයකට හිමිකම් කියන්නට සහ ශ්‍රී ලංකාවේ නිදහසින් පසු යටිතල පහසුකම් සංවර්ධනය හැඩගැස්වීමේ ප්‍රධාන පෙළේ කාර්යභාරයක් ඉටු කරන්නටත් INSEE සංස්ථා සිමෙන්ති සමත්ව ඇත. INSEE සංස්ථා සිමෙන්ති යනු දේශීයව නිෂ්පාදනය කරන ලද පළමු පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති (PCC) වන අතර නිදහසින් පසු රටේ සංවර්ධනයේ කතාව සමඟ සමීපව බැඳුණු සන්නාමයකි. 

දේශීය අවශ්‍යතාවලට ගැළපෙන ගෝලීය තාක්ෂණයන් නිරන්තරයෙන් හඳුන්වා දෙමින්, පාරිභෝගික විශ්වාසය පවත්වා ගැනීමට INSEE සංස්ථා සිමෙන්ති සමත් වී ඇත. පුත්තලමේ පිහිටි ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති කම්හලේ නිෂ්පාදනය කරනු ලබන INSEE සංස්ථා සිමෙන්ති, අද වන විට දේශයේ වඩාත්ම කැපී පෙනෙන සිමෙන්ති සන්නාමය ලෙස අඛණ්ඩව රැඳී සිටියි.

INSEE සංස්ථා සිමෙන්ති, දේශයේ වඩාත්ම ගෞරවනීය සන්නාම සමඟ ඒකාබද්ධව අලෙවිකරණ විශිෂ්ටත්වය ඉස්මතු කරමින්, ජාත්‍යන්තර වේදිකාවක ස්ථානගත කරන්නට මෙම සන්ධිස්ථානය හේතු විය. මහාචාර්ය කොට්ලර්ගේ මෙම සුවිශේෂී ප්‍රකාශනය හරහා, ශ්‍රී ලාංකික නවෝත්පාදන සහ ව්‍යාපාර විශිෂ්ටත්වය ජාත්‍යන්තර තලයේ අවදානය සහ විශ්වසනීයත්වය දිනාගන්නට සමත්ව ඇත. මෙම ජයග්‍රහණය තුළින් ලොව පුරා වෙසෙන ජනතාවට ශ්‍රී ලංකාවේ අලෙවිකරණ නවීනත්වය ප්‍රදර්ශනය කරන්නටත්, INSEE සංස්ථා සන්නාමයේ විශිෂ්ටත්වය හා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස දිනා ඇති ස්ථානය තහවුරු කරන්නටත් මග පාදා ඇත.

“වසර 55 කට වැඩි උරුමයක් ඇති අපගේ ප්‍රමුඛතම සන්නාමය වන INSEE සංස්ථා සිමෙන්ති, මහාචාර්ය පිලිප් කොට්ලර්ගේ EOMM ශ්‍රී ලංකා සංස්කරණයේදී පිළිගැනීමට ලක්වීම අපට සැබවින්ම ගෞරවයක්. මෙම පිළිගැනීම පරම්පරා ගණනාවක් තිස්සේ ලාංකිකයන් INSEE සංස්ථා සන්නාමය කෙරෙහි තබා ඇති දීර්ඝ කාලීන විශ්වාසයේ පිළිබිඹුවක්. එමෙන්ම, ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව නව නිපැයුම් සිදු කරමින්, නව නිර්ණායකයන් හඳුන්වා දීමට අපගේ කණ්ඩායම දක්වන කැපවීම ද මෙමගින් තහවුරු වෙනවා. මෙම සුවිශේෂී ජයග්‍රහණය තුළින්, දේශයේ සංවර්ධනයට සහ ශක්තිමත් බවට දායක වීමත්, ප්‍රගතිය වෙනුවෙන් අප විසින් ගෙනයන මෙහෙවර තවත් සවිමත් කරන්නටත් හේතුවනු ඇති බව නොඅනුමානයි” යනුවෙන් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය මහතා පැවසීය.‍‍මෙම පිළිගැනීම, නවෝත්පාදනය, තිරසාරභාවය සහ දේශය ගොඩනැගීම සඳහා INSEE සිමෙන්ති සතු නොසැලෙන කැපවීම සඳහා නිදසුනක් සපයන අතරම, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් සංවර්ධනයේ කොඳු නාරටිය ලෙස පෙන්වා දිය හැකි අපගේ කාර්යභාරයන්‌ගේ වටිනාකම් ද නැවතත් තහවුරු කරන්නකි. INSEE සංස්ථා සන්නාමය කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තබමින් පළ කළ සහයෝගය හා පක්ෂපාතීත්වය වෙනුවෙන් ගනුදෙනුකරුවන්, පෙදරේරුවන්, තාක්ෂණික නිලධාරීන්, ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු අපගේ සියලුම කොටස්කරුවන්ට අපගේ හෘදයාංගම කෘතඥතාව මෙසේ පළ කරමු.


Share with your friend