Joseph Fraser Ninewells රෝහල ශත සංවත්සරය සමරයි. 

Share with your friend

ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා සෞඛ්‍ය සේවාවන් සම්බන්ධයෙන් කීර්තිමත් රෝහලක් වන JOSEPH FRASER NINEWELLS රෝහල පසුගියදා සිය ශත සංවත්සරය අභිමානයෙන් සැමරී ය. 1923 වසරේදී ක්‍රිසී ෆ්‍රේසර් මහත්මිය විසින්, සිය අභාවප්‍රාප්ත සැමියාට ගෞරව පිණිස මෙම රෝහල ඉදිකරවන ලදි. මෙරට කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ මෙම රෝහල පසුකාලීනව මෙරට කාන්තා හා ළමා සෞඛ්‍ය සේවාවන් සම්බන්ධ ප්‍රමුඛතම රෝහල් ජාලයක් වන නයින්වෙල්ස් රෝහලේ හිමිකාරීත්වය යටතට පත් විය.  නයින්වෙල්ස් ශක්තිය සමගින් මේ වනවිට ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල සිය උදාර මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙනයමින් සිටී. 

මෙම ශත සංවස්තරය වෙනුවෙන් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. 

මෙම උත්සවයේ ප්‍රධානතම අංගයක් වූයේ, JOSEPH FRASER NINEWELLS රෝහලේ ශත සංවත්සරය නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ය. ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහලේ සුවිශේෂී උරුමය මෙන්ම, රටේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් එම රෝහල ඉටුකරමින් සිටින උදාර මෙහෙවර සංකේතවත් කරමින් මෙම සමරු මුද්දරය නිකුත් කරන ලදී. සියවසක කාලයක් පුරා රෝහල පැමිණි ගමන් මග මෙරට වෙසෙන යුරෝපීය ප්‍රජාවගේද ඇගයීමට ලක් වී තිබීම, රෝහලේ දැක්ම සහ මෙහෙවර තුළින් ඉටුවන උදාර කර්තව්‍යයට මනා සාක්ෂියකි. 

මෙම උත්සවයේදී අදහස් දැක්වූ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ නැවත අවධානය යොමු කළ යුතුව තිබෙන බවත්ය. 

JOSEPH FRASER NINEWELLS රෝහල මේ වනවිට කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් නේවාසික හා බාහිර ප්‍රතිකාර සේවාවන් සමඟින්, තවත් විවිධාකාර වූ රෝගී සත්කාර සේවා රාශියක් පවත්වාගෙන යනු ලබයි. සුඛෝපභෝගී මට්ටමේ සේවාවන් සැපයීම සම්බන්ධයෙන් එය අත්කරගෙන තිබෙන ජනප්‍රියත්වය හේතුවෙන් JOSEPH FRASER NINEWELLS රෝහල ඉහළම ගුණාත්මක මට්ටමක සේවාවන් අපේක්ෂා කරන බොහෝ දෙනෙකුගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී තිබේ. මෙම රෝහල පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා තිබීම මෙන්ම එහි පවතින නිස්කලංක පරිසරය, නව ජීවයක් මෙලොව එළිදකින මොහොතක් වඩාත් සුවිශේෂී අත්දකීමක් බවට පත්කරයි. 

මේ ආකාරයට සියවසක සාඩම්බර උරුමය තුළින් පන්නරය ලබමින්, මෙරට කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීම ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහලේ ඉලක්කය වී තිබේ. මේ වනවිට එය නයින්වෙල්ස් රෝහල් ජාලයේ සාමාජිකයෙකු වශයෙන් මෙම මෙහෙවර වඩාත් ශක්තිමත් ලෙස සපුරාලීමට ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහලට හැකියාව ලැබෙනු නිසැක ය. 


Share with your friend