Kaspersky ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ B2C බෙදාහරින්නා ලෙස Technocity පත්කරයි

Share with your friend

ගෝලීය සයිබර් ආරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Kaspersky, සිය පරිගණක වෛරස විනාශ කිරීමේ මෘදුකාංග (Anti-virus software – පාරිභෝගික කාණ්ඩය) සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ B2C බෙදාහැරීම් නියෝජිත ලෙස Technocity (පුද්.) සමාගම පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පසුගියදා පැවති උත්සවයකදී මෙම පත් කිරීම පිළිබඳව නිවේදනය කළ අතර එම අවස්ථාව සඳහා ආයතන දෙකෙහි ප්‍රධාන පෙළේ නියෝජිතයන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Kaspersky හි දකුණු ආසියානු කලාපීය පාරිභෝගික ව්‍යාපාර ප්‍රධානී පුර්ෂෝත්තම් භාතියා මහතා සභාව අමතමින්

මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ Kaspersky හි පාරිභෝගික ව්‍යාපාර ප්‍රධානී (දකුණු ආසියාව) පුර්ෂෝත්තම් භාතියා මහතා “මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ පාරිභෝගික අංශය ඉහළ නැංවීමේ අපගේ උපාය මාර්ගික වැඩපිළිවෙලෙහි කොටසක් ලෙස පෙන්වා දිය හැකියි. තොරතුරු තාක්ෂණික පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් දශක දෙකකට අධික පළපුරුද්දක් සහිත Technocity සමාගම සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම පිළිබඳ ඉතාමත් සතුටුයි. සයිබර් ආරක්ෂාව සම්බන්ධ තර්ජන ගෘහස්ථ පාරිභෝගිකයන්ට මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාරවලට එල්ල වීමේ ඉහළ අවදානමක් පවතිනවා. ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට අවශ්‍ය අවබෝධය ලබා දෙමින් ඔවුන්ට Kaspersky සයිබර් ආරක්ෂණ විසඳුම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම අපගේ අරමුණයි” යනුවෙන් පැවසී ය.

Technocity පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆාහ්මි ඉස්මයිල් මහතා රැස්ව සිටි පිරිස ඇමතූ අයුරු

මෙහිදී අදහස් දැක්වූ The Technocity පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆාහ්මි ඉස්මයිල් මහතා සඳහන් කර සිටියේ “ලොව ප්‍රමුඛතම සියබර් ආරක්ෂණ විසඳුම් සපයන්නා වන Kaspersky හි නිල බෙදා හරින්නා ලෙස පත් වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙම හවුල්කාරීත්වය මෙරට සයිබර් ආරක්ෂණයේ සුවිශේෂී ඉදිරි පියවරක් වන මෙය ශක්තිමත් සයිබර් අවකාශයක් සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දෙනවා. ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ බෙදාහරින්නකු ලෙස ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ සෑම පාරිභෝගිකයකුටම Kaspersky හි ලෝක මට්ටමේ විසඳුම් ලබා දීමට අපි කැපවී කටයුතු කරනවා.” යනුවෙනි.

Kaspersky හි දකුණු ආසියානු කලාපීය පාරිභෝගික ව්‍යාපාර ප්‍රධානී පුර්ෂෝත්තම් භාතියා මහතා සහ Technocity පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆාහ්මි ඉස්මයිල් මහතා විසින් කොළඹ කිංග්ස්බරි හෝටලයේදී හවුල්කාරීත්වය ප්‍රකාශ කළ මොහොත

මෙම පත්කිරීමත් සමඟ Technocity විසින් Kaspersky හි Kaspersky Standard, Kaspersky Plus සහ Kaspersky Premium ඇතුළු සයිබර් තර්ජනයන්ට එරෙහි ශක්තිමත් හා පරිපූර්ණ ආරක්ෂාවක් ලබා දීම වෙනුවෙන් වන Kaspersky හි සුවිශේෂී විසඳුම් පාරිභෝගිකයින් වෙත ලබා දෙනු ඇත.


Share with your friend