ශ්‍රී ලංකාව තුළ ගැල්වනයිස් ලෝහ වයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකුවන ලංකා ස්පෙෂල් ස්ටීල්ස් සමාගම (LANKA SSL), කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා භාවිතයට සුදුසු තම නවතම නිෂ්පාදනය LANKA SSL AGRI-GOLD නමින් පසුගියදා වෙළෙඳපොළට හඳුන්වාදුනි. මෙම නවතම GI වයර් සහ කටු කම්බි නිෂ්පාදනය, වැඩි කල්පැවැත්මක්, ශක්තිමත්බවක් සහ දිගුකාලීන භාවිතයත් සමඟ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතා හොඳින් ගැලපෙන ලෙස නිපදවා තිබීම විශේෂත්වයකි.

නව නිෂ්පාදනය හඳුන්වාදීමට සමගාමීව විශේෂ දැනුවත්කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීමට ද LANKA SSL සමාගම පියවර ගෙන තිබුණි. ඇඹිලිපිටිය කලාපීය ගොවි ජන සංගමයේ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වුණු මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට ඇඹිලිපිටිය කෘෂි සංවර්ධන මධ්‍යස්ථානයේ සහයෝගය ද හිමිව තිබුණි.
ගොවිපොළ ආරක්ෂාව, වැටවල් බැඳීම සහ බෝග ආරක්ෂාව වෙනුවෙන් උසස් ප්‍රමිතියේ GI සහ කටුකම්බි භාවිත කිරීමේ වාසි පිළිබඳ ප්‍රදේශයේ ගොවි ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.
තව ද මෙම වැඩසටහනට ඇඹිලිපිටිය ප්‍රදේශය නියෝජනය කරන ප්‍රධාන බෙදාහැරීමේ නියෝජිතයින් 60 දෙනෙකු ද සම්බන්ධ වූහ. ඒ හරහා LANKA SSL AGRI-GOLD නිෂ්පාදන පෙළ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට ද ඔවුනට හැකිවිය. විශේෂයෙන්ම එම නිෂ්පාදන පෙළෙහි තාක්ෂණික විශිෂ්ටත්වය සහ වෙළෙඳපොළ විභවතාව ගැන ඔවුන් දැනුවත් වූ අතර, LANKA SSL සහ එහි කලාපීය බෙදාහැරීම් ජාලය අතර බැඳීම ශක්තිමත් වීමට ද එය හේතුවක් විය.
″LANKA SSL AGRI-GOLD නිෂ්පාදන පෙළ සමඟින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත අංශයට උසස්ම ප්‍රමිතියේ ලෝහ වයර් සපයමින් ගොවි ජනතාවට ශක්තියයක් වීමට අප සමාගමට හැකිවී තිබෙනවා. මෙවැනි දැනුවත්කිරීමේ වැඩසටහන් මෙන්ම බෙදාහැරීම් නියෝජිතයින් සමඟ ඇති හවුල්කාරීත්වය වැඩිදියුණු කිරීම තුළින් ද ගොවි ප්‍රජාවට ඉහළ සේවාවක් ලබාදීම අපේ අරමුණයි″, යනුවෙන් LANKA SSL සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීන් ද සිල්වා මහතා පැවසුවේය.
2023 වසරේ මැද භාගයේදී ආරම්භ කෙරුණු නවතම ගැල්වනයිස් ලෝහ වයර් නිෂ්පාදන කර්මාන්තශාලාව සමඟින් උසස්ම තාක්ෂණයෙන් සහ ප්‍රමිතියෙන් යුතු ලෝහ වයර් නිෂ්පාදනය කරමින් දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ ජයගැනීමට LANKA SSL සමාගමට හැකිවිය. විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවලට අවශ්‍ය කල්පැවැත්මෙන් ඉහළ ලෝහ වයර් නිෂ්පාදන සපයමින් ශ්‍රී ලංකාව තුළ ලෝහ වයර් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස නමක් දිනාගැනීමට ද සමාගමට අවස්ථාව උදාවිය.
LANKA SSL සමාගමට ISO 9001:2015 සහ ISO 45001:2018 තත්ත්ව සහතික ද හිමිව තිබේ. දශක තුනකට ආසන්න කාලයක් පුරා දැවැන්ත කීර්තිනාමයක් මෙන්ම ළබැඳි පාරිභෝගික සමූහයක් දිනාගැනීමට ද සමාගමට හැකිවී ඇත. එහි hot-dipped GI වයර් නිෂ්පාදනය ශ්‍රී ලංකාව තුළ SLS 139:2003 ප්‍රමිති සහතිකය හිමි එකම නිෂ්පාදනය වීම ද විශේෂත්වයකි. තව ද සමාගමේ කටු කම්බි නිෂ්පාදන සඳහා SLS 31:1988 ප්‍රමිති සහතිකය හිමි අතර මෙරට තුළ SLS සහතිකය හිමි එකම කටුකම්බි නිෂ්පාදනය එය වීම ද කැපීපෙනේ.
මීට අමතරව, LANKA SSL සමාගමේ නවෝත්පාදනය සහ ප්‍රමිතිය වෙනුවෙන් වෙනත් සම්මාන බුහුමක් රැසක්ම හිමිව තිබේ. ඒ අතර, ප්‍රමිති සහ ඵලදායීතා ජාතික සමුළු සම්මානය, ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය සහ CNCI Achiever සම්මානය ආදිය ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම සමාගමේ නිෂ්පාදන ඉන්දියාව, කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය සහ ජපානය වැනි රටවල් වෙත ද අපනයනය කෙරේ.