Magic of Rotary – බලාපොරොත්තුවේ ගමන, කාර්යය සහ පරිවර්තනය

Share with your friend

රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්කය 3220 යනු ශ්‍රී ලංකාව සහ මාලදිවයින ආවරණය කරන, ගෝලීය රොටරි සංවිධානයට අනුබද්ධිත ස්වේච්ඡා සේවා සංවිධානයකි. මෙය ශ්‍රි ලංකාව තුළ  සමාජය හමුවේ පවතින දැඩිව වැදගත් වූ ගැටලු සහ අවශ්‍යතා සඳහා ක්‍රියාකාරී විසඳුම් ලබාදීම සඳහා කැපවුණු ජාත්‍යන්තර සේවා සංවිධානයකි.

මෙම දිස්ත්‍රික්කය යටතේ ක්‍රියාත්මක වන රොටරි සමාජ රාශියක්, සමාජ සේවාව, වෘත්තිය උපදේශනය සහ සංවර්ධනය, පාරිසරික තිරසාරභාවය, සාම සාධනය වැනි ක්ෂේත්‍රවල විශේෂ අවධානයක් යොමු කරමින් විශාල බලපෑමක් ලබාදීමට මෙහෙයවනු ලබයි.

“Magic of Rotary” ලෙස නම් කරන ලද වර්ෂික තේමාව යටතේ, 2024-25 රොටරි වසර තුළ ද දිවයින පුරා විසිරුණු රොටරි සමාජ මගින් විශිෂ්ට සහ සාර්ථක වර්ෂයක අවසානය සමරන ලදී. එය ජයග්‍රහණය සහ තිළිණත්වයෙන් පිරුණු අවස්ථාවක් විය.

රොටරි සංවිධානය වසරක් පාසා කේන්ද්‍රගත වන මූලික ක්ෂේත්‍ර 7ක් මත තම සේවා කටයුතු පදනම් කරගෙන යයි. එම ක්ෂේත්‍ර වන්නේ: 1. සාක්ෂරතාවය වර්ධනය, 2. ආර්ථික හා සමාජීය සංවර්ධනය, 3. පාරිසරික තිරසාරභාවය, 4. ළමා හා මාතෘ සෞඛ්‍යය, 5. රෝග නිවාරණය, 6. ජලය, සනීපාරක්ෂාව සහ පිරිසිදුකම, 7. සාමය සහ ගැටුම් විසඳීමයි. මෙම ක්ෂේත්‍ර 7 මගින් රොටරි සංවිධානය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජනතාවගේ ජීවිත ගුණාත්මකව වැඩි දියුණු කිරීමට මහත් දායකත්වයක් ලබාදෙයි.

මෙම රොටරි වසරේදී රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්කය 3220 අධිපති සුශේණ රණතුංග මහතාගේ නායකත්වය යටතේ ව්‍යාප්ත සමාජ බලපෑමක් ඇති ව්‍යාපෘති 6ක් සිදු කරන ලදී.

  1. Rotary for Little Hearts – මෙම වසරේ ප්‍රධාන ව්‍යාපෘතිය ලෙස හඳුන්වාදුන් අතර එය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ (Lady’s Ridgeway Hospital) නව හෘද සත්කාර අංශය සඳහා අවශ්‍ය උපාංග සහ පහසුකම් සැපයීම උදෙසා ක්‍රියාත්මක විය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යයවරුන්ගේ විද්‍යායතනය (Sri Lanka College of Paediatricians) වන අතර, එහි ව්‍යාපෘති නායකත්වය දරන්නේ ළදරු හෘද ශල්‍ය වෛද්‍යවරයෙකු වන වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතාය. ඔහුගේ වෛද්‍ය කණ්ඩායම හා සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය මෙරට වැදගත් සමාජ කටයුත්තක් බවට පත්විය. ළමා හෘද රෝග සඳහා ප්‍රතිකාර ලැබීම සහ ජීවිත ගලවා ගැනීම උදෙසා මෙම ව්‍යාපෘතිය දැඩිව වැදගත් වන අතර, Rotary, Rotaract, Interact සාමාජික සාමාජිකාවන්, ඔවුන්ගේ මිතුරන් හා පවුල්වල සහභාගිත්වයත් සමඟ මෙයට විශාල ජනතා සහයෝගයක් ලැබුණි. මෙම ව්‍යාපෘතිය සඳහා මේ වනවිට රුපියල් මිලියන 200 ක මුදලක් එකතු කර ඇත.

2. “Rotary for Healing Minds” ව්‍යාපෘතිය යටතේ සමාජය තුළ මානසික සෞඛ්‍යය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම සිදුවිය. රට පුරා වූ ජනතාව අතර මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීම හා Gatekeeper Training හරහා සමාජයේ සාමාජිකයන්ට අවශ්‍ය සහය ලබාදිය හැකි පුද්ගලයින් හඳුනාගැනීමට පුහුණු කිරීම සිදුකරමින් ආත්මහත්‍යා වළක්වීමට ද මෙය උපරිම දායකත්වය ලබා දුනි.

3. “Rotary for Environment” යනු ශ්‍රී ලංකාව පුරා සිදුකළ විශිෂ්ටතම ව්‍යාපෘතියක් වන අතර, එය ප්ලාස්ටික් අවභාවිතයට එරෙහිව ප්‍රබල ක්‍රියාවලියක් ලෙස සැලකේ. 2024 සැප්තැම්බර් මස දිවයිනේ සියලුම රොටරි සමාජ එක්ව රට පුරා ස්ථාන රැසක සාර්ථක පරිසර පිරිසිදු කිරීමේ ව්‍යාපෘති මාලාවක් පැවැත්වීමත් සමඟ ජනතා අවධානය දිනා ගන්නා ලදී. ඊට සමගාමීව  ළදරු පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම සහ ඔවුන් හරහා පරිසර හිතකාමී පණිවිඩය ළදරු අධ්‍යාපනයට එකතු කිරීම අරමුණු විය.

4. Rotary for Career Guidance – මෙම ව්‍යාපෘතිය යටතේ, ශිෂ්‍යයන්ට ඔවුන්ගේ හැකියාවන්ට ගැළපෙන වෘත්තීන් තෝරා ගැනීමට උපකාර කිරීම සිදු කරන ලදී. එය ගණිතමය මෘදුකාංගයක් භාවිතයෙන්, එක් එක් සිසුවාගේ හැකියාවන් අනුව වෘත්තිය මාර්ගය අනුරූපව හැඩගස්වනු ලැබීය. ගුරුවරුන් පුහුණු කරමින් එම වැඩසටහන ශිෂ්‍යයන්ට ලබාදීම සාර්ථකව ක්‍රියාත්මක විය.

5. Rotary Means Business – යනු රොටරි සාමාජික සාමාජිකාවන්ට තම ව්‍යාපාරික ජාලය සහ දැනුම වර්ධනය කිරීම සඳහා ඇති සුවිශේෂී අවස්ථාවකි. මෙහි පළමු පියවර වශයෙන්, ශ්‍රී ලංකාවේ රොටරි සාමාජික සාමාජිකාවන් ඉන්දියාවේ ව්‍යාපාරික ජාලයක් සමඟ එක්වී සබඳතා ගොඩනඟා, අලුත් අවස්ථා සහ දැනුමක් ලබා ගැනීමට විදේශ ගමනක් සිදුකරමින් ඉතා සාර්ථක අරම්භයක් ලබාදුන්හ.

6. “Rotary for Ability” ව්‍යාපෘතිය විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින්ට රැකියා අවස්ථා සොයාදීම, ඔවුන්ගේ ජීවිතය ස්වයංපෝෂිත කිරීම, ආර්ථික ස්ථාවරතාවය ලබාදීම සහ සමාජය තුළ සැලකිය යුතු තැනක් ලබාදීම උදෙසා ක්‍රියාත්මක විය. මෙම ව්‍යාපෘතිය ඔවුන්ට නිදහස්, ශක්තිමත් සහ ආවරණාත්මක ජීවිතයක් ගත කිරීමට උපකාර වීමත් සමඟ සමාජය තුළට ද කරුණාව සහ ආදරය ගෙන එයි.

මෙම වසර තුළ District 3220, “Magic of Rotary” තේමාව යටතේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ සත්‍ය වෙනසක් ඇති කිරීමට රොටරි නිවැරදි පියවර අරඹා ඇත. රොටරි සංවිධානය විසින් මෙම කර්තව්‍ය වසර අවසානය වන තෙක් මේ ලෙසම පවත්වාගෙන යාම සඳහා  පුද්ගලයන්, වෘත්තිකයන්, තරුණයින් සහ ව්‍යාපාරික හවුල්කරුවන් දිරිගැන්වීම සිදු කරනු ලබයි. ශක්තිමත් සහ නිරන්තරයෙන් වර්ධනය වන ගෝලීය ජාලයකින් යුතුව එකමුතුව කටයුතු කිරීමෙන් පුද්ගල ජීවිත පරිවර්තනය කළ හැකි බව “Magic of Rotary” තුළින් නැවත නැවතත් පෙන්වා දෙනු ලබයි.


Share with your friend