Mahogany Masterpieces වෙතින් 50 වසරක විශිෂ්ටත්වය විදහාපාමින් අතිනවීන කලාත්මක ගෘහ භාණ්ඩ හා තෑගි භාණ්ඩ එකතුවක්

Share with your friend

ශ්‍රී ලංකාවේ අතිදක්ෂ ගෘහභාණ්ඩ නිෂ්පාදකයින්ගේ දෑතින් නිමවන කලාත්මක ගෘහ භාණ්ඩ සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය සන්නාමයක් වන Mahogany Masterpieces, මෙරට ගෘහ භාණ්ඩ වෙළෙඳ පොළේ 50 වැනි සංවත්සරය කරා සාඩම්බරයෙන් එළඹෙයි. 

කලාත්මක නිමාවෙන් අනූනව, නවතම ගෘහ භාණ්ඩ එකතුවක් හඳුන්වා දෙමින් Mahogany Masterpieces සිය 50 වැනි සංවත්සරය සනිටුහන් තබන්නේ, දෙස් විදෙස් ගෘහ භාණ්ඩ වෙළෙඳ පොළේ පාරිභෝගික සිත් සතන්හි නොමැකෙන සන්නාමයක් ලෙසිනි. ඒ අනුව, 50 වසරක ගමන් මග සලකුණු තබා ඇති සාම්ප්‍රදායික හා නවීන ශිල්ප ක්‍රම සිහිගන්වන, සියුම් නිමාවේ කැටයමෙන් යුතු අති නවීන මෝස්තරවල ගෘහ භාණ්ඩ එකතුවක් පාරිභෝගිකයින් වෙත පිරිනැමේ. නවීනතම කලාත්මක ගෘහ භාණ්ඩ සඳහා නමක් දරන Mahogany Masterpieces, මෙරට හා ජාත්‍යන්තර branded ඔරලෝසු හා ස්වර්ණාභරණ සඳහා වන ඇසුරුම්, ට්‍රේ සහ කෝස්ටර්ස් වැනි තෑගි භාණ්ඩද  සංවත්සර නිෂ්පාදන පෙළට එක් කරයි.

ගෘහ භාණ්ඩ නිෂ්පාදනයෙහිලා දෙස් විදෙස් මං සලකුණු තැබූ පනස් වසරක සාඩම්බර ගමන් මග පිළිබඳව, Mahogany Masterpieces හි කළමනාකාර අධ්‍යක්ෂ කිෂාන් ගුණරත්න මහතා සිය මතකය මෙලෙස ආවර්ජනය කරයි. 

“1974 වසරේදී මුලින්ම, මගේ පියා සහ ඔහුගේ සහෝදරයින් මෙම කටයුතුවලට අත ගැසුවේ Craft Suppliers කියන සන්නාමයෙන්. මගේ පියාට මේ ක්ෂේත්‍රය පිළිබඳ විධිමත් පුහුණුවක් තිබුණෙ නැතිවුණත්, ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට ඔහුගේ සුවිශාල ආසාවක් තිබුණා. ඒ අනුව ඔහු නිෂ්පාදන කටයුතු දිගටම කරගෙන ගියා. අපගේ මුල්ම සාර්ථකත්වයට ඉවහල් වුණේ, Barefoot සන්නාමය සඳහා බැරල් හැඩයේ ලී බොත්තම් සඳහා ලැබුණු ඇණවුමක් බව මේ අවස්ථාවේ ඉතාම සතුටින් යුතුව මතක් කරනවා. එය එක්තරා ආකාරයක ජයග්‍රහණයක්. ඒ ඇණවුමෙන් පසුව අපි ලී භාණ්ඩ  නිෂ්පාදන විදිහට, බිත්ති පුවරු, තේ ඇසුරුම් කරන බැරල්, තිර රෙදි සඳහා Rods වැනි දේ නිෂ්පාදනයට පෙළඹුණා. අනතුරුව හස්ත කර්මාන්ත නිෂ්පාදන වලින් ගෘහ භාණ්ඩ නිෂ්පාදනයටත් සාර්ථකව යොමුවීමට අපට හැකියාව ලැබුණා.” 

එයින් පසුව, 1980 දශකයේ Craft Suppliers නිෂ්පාදන තවදුරටත් ව්‍යාප්ත වන්නට වූයේ, ගෘහ භාණ්ඩ සම්බන්ධ ජාත්‍යන්තර විශේෂඥයකුගේ සහාය ලැබීමෙනි. “1980 දශකයේ යුරෝපා වෙළෙඳ පොළ සඳහා ගෘහ භාණ්ඩ ප්‍රතිනිර්මාණය කිරීමට ගෘහ භාණ්ඩ සම්බන්ධ ස්කොට්ලන්ත විශේෂඥයෙක් මගේ පියා හමුවීමට පැමිණියා. ඔහු අපගේ වඩු කාර්මිකයින්ට ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී කලාත්මක සියුම් නිර්මාණ සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දුන්නා. අදටත් ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී අපි භාවිත කරන සාම්ප්‍රදායික හා නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම එහි ප්‍රතිඵලයක්. ඒ පුහුණුවත් සමග, හස්ත කර්මාන්තවලින් ගෘහභාණ්ඩ නිෂ්පාදනයට පිවිසීම අප ලැබූ එක්තරා සුවිශේෂී ජයග්‍රහණයක් වගේම සන්ධිස්ථානයක්. එලෙස, ගෘහ භාණ්ඩ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශේෂඥයකුගේ මග පෙන්වීම හා හැදෑරීම් සඳහා අවස්ථාව ලැබීම, ඉහළම ප්‍රමිතියට අනුව අපගේ නිෂ්පාදන සිදු කිරීමට මහෝපකාරී වූ කාරණයක්.” 

ගෙවුණු 50 වසරක ඉතිහාසය තුළ Craft Suppliers, සන්නාමය Mahogany Masterpieces ලෙසින් සුවිශේෂී පරිවර්තනයක් කරා බඳුන් වූයේ, ගෘහ භාණ්ඩ වෙළෙඳ පොළට සියුම් නිමාවෙන් යුතු අති නවීන නිෂ්පාදන පිරිනැමීමේ එහි ප්‍රයත්නයද මල්ඵල දරමිනි.  

එයින් නොනැවතී, 2010 වසරේ ගෘහ භාණ්ඩ සඳහා Furniture Spa සුවිශේෂී සේවාව හඳුන්වාදීමටද Mahogany Masterpieces සමත් විය. එම සේවාව තුළින් ගෘහභාණ්ඩ සඳහා අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් පාරිභෝගිකයින් වෙත පිරිනමින්, එහි සියලු නිෂ්පාදනවල නඩත්තුව මෙන්ම කල්පැවැත්ම සැලසීම සිදුකෙරේ. එවැනි විසඳුම් ඔස්සේ Mahogany Masterpieces සන්නාමය යටතේ, පාරිභෝගික ආලින්දයේ සිට මුළුතැන්ගේ දක්වාම ගෘහ භාණ්ඩ සම්බන්ධ සියලු විසඳුම් ඇතුළත් නිෂ්පාදන හා සේවාවන් සපයන සන්නාමයක් ලෙසින් සාර්ථක ප්‍රගතියක් අත්පත් කර ගැනීමට එය සමත් වී තිබේ. මහල් නිවාස, සුඛෝපභෝගී නිවාස, විලා ආදියෙහි පමණක් නොව, කාර්යාල හෝටල් හා නිවාඩු නිකේතන ආදී සියල්ලේම ගෘහ අලංකරණ කටයුතු සිදුකරන සන්නාමයක් බවට ද Mahogany Masterpieces අද වන විට පත්ව තිබේ. ඒ, ගෘහ භාණ්ඩ සැලසුමෙහි පටන් සවිකිරිම දක්වාම වූ සියලු කාර්යයන් සිය සන්නාමයේ වගකීම යටතට පවරා ගනිමිනි. 

“සාර්ථක නිෂ්පාදන ක්‍රියාවලියක් වසර පුරාම පවත්වාගෙන යාමට ගෘහභාණ්ඩ නිෂ්පාදනයේ සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම, නව මුහුණුවරක් කරා වෙනස් කිරීමට අපි සමත් වුණා. ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ළඟා කර ගැනීමට අප දක්වන කැපවීම, අපගේ ගෘහ භාණ්ඩ සැලසුම් හා නිෂ්පාදන අසමසම ප්‍රමිතියකින් පවත්වාගෙන යන බවට හොඳම සාක්ෂියක්. එකම ආකාරයේ අනුකාරක ගෘහ භාණ්ඩ නිෂ්පාදනවලින් පිරුණු දේශීය හා ගෝලීය වෙළෙඳ පොළට එක් කෙරෙන අපගේ සෑම නිෂ්පාදනයක්ම, අසමසම කලාකෘතියක්.” 

Mahogany Masterpieces සන්නාමය යටතේ එන, අව්‍යාජ ශ්‍රී ලාංකීය ගෘහ භාණ්ඩ නිෂ්පාදන ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිමවා ඇත්තේ, පාරිභෝගිකයින්ට හිතේ හැටියට කාලයක් පුරා භාවිත කිරීමට හැකියාව සැලසෙන පරිද්දෙනි. සමාගම විසින් කාලාන්තරයක් තිස්සේ පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් අත්කරගෙන ඇති කීර්තිය, අද වන විට  නවීනතම ගෘහ භාණ්ඩ නිමැවුම් ඔස්සේ පාරිභෝගිකයින්ට  හොඳම විසඳුම් පිරිනමන, ඔවුන්ගේ ප්‍රියතම ගෘහ භාණ්ඩ තේරීමට බවටද Mahogany Masterpieces පත් කරලන හේතුවකි. ඒ අනුව, ශ්‍රී ලංකාව මතු නොව, රටවල් 16 කට අධික සංඛ්‍යාවක ජාත්‍යන්තර පාරිභෝගික පිරිසකට උසස්ම තත්ත්වයේ Mahogany Masterpieces ගෘහ භාණ්ඩ අපනයනය කිරීමටද සමාගම සමත් වී තිබේ. ඇසුරුම් කිරීම, ප්‍රවාහනය හා නැව් ගත කිරීම ආදී සියල්ල, සමාගමේ වගකීම යටතේ ඉටු කෙරෙන බැවින්, ලොව පුරා අති මහත් පාරිභෝගික පිරිසක් Mahogany Masterpieces ගෘහ භාණ්ඩ ඉතා පහසුවෙන් ඇණවුම් කිරීමටද පෙළඹී සිටිති. 

Mahogany Masterpieces, ප්‍රදර්ශනාගාරය සහ එහි Design Studio පාරිභෝගිකයන්ට පහසුවෙන් ළඟාවිය හැකි පරිදි, අංක 87, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 05 ලිපිනයේ පිහිටා තිබේ. වැඩි විස්තර සඳහා කරුණාකර, +94 112 689315 / +94 112 689337 යන දුරකතන අංකයෙන් විමසන්න, නැත්නම් www.mahoganymasterpieces.com වෙත පිවිසෙන්න. 


Share with your friend