‘Make in India’ සඳහා සහය ලබා දීමට ඉන්දියාවේ විශාලතම ‘නිපුණතා සහ රැකියා’ වැඩසටහන අදානි විසින් අරඹයි

Share with your friend

  • සිංගප්පූරුවේ ITE අධ්‍යාපන සේවා සමඟ හවුල්කාරීත්වයක්
  • කර්මාන්ත සඳහා සූදානම් වෘත්තිකයන්ගේ සංචිතයක් ඇති කිරීම සඳහා ඉන්දියන් රුපියල් කෝටි 2,000ක පරිත්‍යාගයක්
  • වාර්ෂිකව පුහුණුලාභීන් 25,000ක් සමඟ ලොව විශාලතම නිපුණතා ඇකඩමිය

අහමදාබාද්, 2025 පෙබරවාරි 12: අදානි සමූහයේ සභාපති ගෞතම් අදානිගේ සමාජ දර්ශනය වූ सेवा साधना है, सेवा प्रार्थना है और सेवा ही परमात्मा है, (සේවය වෙනුවෙන් උපරිමයෙන් කැපවීම) යන තේමාව පෙරදැරිව, අදානි සමූහය සිංගප්පූරුවේ ITE අධ්‍යාපන සේවා (ITEES) ආයතනය සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කොට ඇත. මේ යටතේ, හරිත බලශක්තිය, නිෂ්පාදන, අධි තාක්‍ෂණය, ව්‍යාපෘති විශිෂ්ටත්වය සහ කාර්මික නිර්මාණය ඇතුළු කර්මාන්තවල අවශ්‍යතා සපුරාලීම සඳහා ජාත්‍යන්තර පරිසාධන මට්ටමේ නිපුණතාවන්ගේ පිරිපුන් වෘත්තිකයන් සැපයීම සිදු කෙරෙන අතර, කර්මාන්ත සඳහා සූදානම් කළ මෙම ශ්‍රම බලකා සංචිතය ගොඩනැඟීම සඳහා අදානි පවුල ඉන්දියානු රුපියල් කෝටි 2,000කට අධික මුදලක් පරිත්‍යාග කිරීමට යෝජිතය.

Adani Global Skills Academy ලෙස හඳුන්වන මෙම සෑම සමාප්තිකරණ පාසලක් (Finishing School) මඟින්ම, ඉන්දියාවේ තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන පසුබිම්වලින් සිසුන් තෝරා ගැනෙනු ඇති අතර, ‌මෙම සිසුන් ඔවුන් කැමති කර්මාන්ත ක්ෂේත්‍ර හා ඔවුන්ගේ අභිමත රැකියාවන් වෙත සම්බන්ධ කෙරෙනු ඇත. සිසුන් තෝරාගනු ලබන අධ්‍යයන ක්ෂේත්‍රයේ සහතිකය ලැබූ පසු අදානි සමූහය තුළ මෙන්ම පුළුල් කර්මාන්ත තුළ ඔවුන්ගේ පුහුණුව ලැබූ ක්ෂේත්‍රය හා අභිමත භූමිකාවන් අනුව රැකියා හිමි වනු ඇත. පුහුණුව ලත් වෘත්තිකයන් පළමු දිනයේ, පළමු පැයේ පටන් ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ටතා ප්‍රමිතීන්ට අනුකූලව වූ, කර්මාන්ත සඳහා සූදානම් වෘත්තිකයන් බවට මෙමඟින් සහතික කෙරෙනු ඇත.    

මෙහි ආරම්භක අදියරේදී, ලොව විශාලතම තාක්ෂණික පුහුණුව සඳහා වන සමාප්තිකරණ පාසල ගුජරාටයේ මුන්ද්‍රා හි පිහිටුවීමට මෙම වැඩසටහන මඟින් ප්‍රමුඛත්වය දෙනු ඇති අතර, එමඟින් පුළුල් පරාසයක කර්මාන්ත හා සේවා භූමිකාවන් සඳහා වාර්ෂිකව පාඨමාලාධාරීන් 25,000කට අධික සංඛ්‍යාවක් සඳහා නිපුණතාව ලබා දීම අරමුණු කෙරේ. පුහුණුලාභීන් ITI හෝ පොලිටෙක්නික් වෘත්තීය හා තාක්ෂණික සුදුසුකම් සම්පූර්ණ කළ නවක උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් වන අතර, ඔවුන්ව පාසැල් තුළ ක්‍රියාත්මක කෙරෙන තීව්‍ර පුහුණු කඳවුරු සඳහා තෝරා ගැනීම සිදු කෙරේ.

Adani Global Skills Academy මෙවැනි ආකාරයෙන් නිර්මාණය වූ ලොව විශාලතම නිපුණතා පුහුණු ආයතනය වනු ඇති අතර නවෝත්පාදන මධ්‍යස්ථාන සහ AI මත පදනම් වූ සිමියුලේටර් මඟින් සැබෑ ලෝකයට සමාන අත්දැකීමක් සහිතව හැදෑරීම් කළ හැකි පහසුකම් ඒකාබද්ධ කළ අධ්‍යාපන අත්දැකීමක් මෙමඟින් ලබා දීමට නියමිතය. එමෙන්ම, සිසුන්ට පූර්ණ නේවාසික පහසුකම් ලබා දීමට ද මෙහිලා කටයුතු යොදා ඇත.

උසස් තත්ත්වයේ ඉගෙනුම් අත්දැකීමක් සහතික කිරීම සඳහා, වෘත්තීය මූලික තාක්ෂණික සහ වෘත්තීය පුහුණුව ලබා දීමේ ලොව ප්‍රමුඛතම ආයතනයක් මෙන්ම ජාතික වෘත්තීය නිපුණතා සහතික කිරීමේ සහ ප්‍රමිති සංවර්ධනයේ ප්‍රධාන පෙළේ ආයතනයක් වන සිංගප්පූරුවේ ITEES සමඟ හවුල්කාරීත්වයක් ඇති කරගන්නට ද අදානි සමූහය කටයුතු කර ඇත.

මේ අයුරින්, තාක්ෂණික සුදුසුකම්ලත් සහ කර්මාන්ත සඳහා සූදානම් දක්ෂතා සහිත වෘත්තිකයන් සඳහා අඛණ්ඩව ITEES සිංගප්පූරුව දැනුම් සහකරුවෙකු ලෙස සේවය ලබා දීමට නියමිතය. මෙම සහයෝගීතාවයේ සෙසු ක්ෂේත්‍ර අතරට ජාත්‍යන්තර මට්ටමේ යටිතල පහසුකම්, විමුක්ත තාක්ෂණික අන්තර්ගතයන් උපයෝගී කර ගන්නා හොඳම ඉගෙනුම් අත්දැකීමක් නිර්මාණය කිරීම සහ නූතන යුගයේ කර්මාන්ත පිළිබඳ තියුණු විශේෂඥතාවක් ඇති ප්‍රමුඛ පීඨයක් නිර්මාණය කිරීම යනාදිය ඇතුළත් වේ.

“ඉහළ මට්ටමේ තාක්ෂණික නිපුණතාවන් ඇති කිරීමට මෙම හවුල්කාරිත්වය ඉතා වැදගත් වනු ඇති අතර, අපගේ සමස්ත වැඩපිළිවෙළ පුරාම Make-in-India කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. අධ්‍යයන තත්ත්ව සහතිකය, සහතික ප්‍රමුඛ කරගත් ඉගෙනුම් මාර්ග, පීඨ සහ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ නායකත්ව සංවර්ධනය ආදී අංශ කෙරෙහි තියුණු අවදානය ඇතිව, මෙම හවුල්කාරිත්වය මඟින් කර්මාන්ත සඳහා සහාය වීම සඳහා යෙදවුම්-මූලික ඉගෙනීමේ හොඳම අංග ඇතුළත් කොට ඇති අතර, එමඟින් වික්සිත් භාරත් සඳහා දායක වීමට ද අප අපේක්ෂා කරනවා.” Adani Skills & Education ප්‍රධාන විධායක නිලධාරී රොබින් භෞමික් මහතා පැවසීය.

“කුසලතා අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ ITE හි විශේෂඥතාව සහ දැනුම බෙදා ගැනීම සඳහා අදානි සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳ ITEES ලෙස අප ඉතාමත් සතුටට පත් වෙනවා. මෙම අර්ථවත් හවුල්කාරිත්වය තුළින්, ITEES හි අරමුණ වන්නේ අධ්‍යාපනය සහ ජීවිත වෙනස් කළ හැකි නිපුණතා සංවර්ධනය වැඩි දියුණු කිරීම මඟින් කල් පවත්නා බලපෑමක් ඇති කිරීමයි.” සිංගප්පූරුවේ ITEES හි ප්‍රධාන විධායක නිලධාරී සුරේෂ් නටරාජන් මහතා පැවසීය.

වසර ගණනාවක් පුරා, තාක්ෂණික අධ්‍යාපනයේ සිදුකළ පුරෝගාමී පරිවර්තනය වෙනුවෙන් ITEES බොහෝ ඇගයීම් ලබා ඇති අතර, 2011 දී සුවිශේෂී ඇගයුමක් වූ සිංගප්පූරු තත්ත්ව සම්මානය දිනාගනු ලැබුවේ එම සම්මානය දිනාගත් පළමු අධ්‍යාපන ආයතනය බවට ද පත් වෙමිනි.

අදානි සමූහය ගැන බිඳක්

ඉන්දියාවේ අහමදාබාද් හි මූලස්ථානය පිහිටා අදානි සමූහය, ඉන්දියාවේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරවල විශාලතම සහ වේගයෙන්ම වර්ධනය වන සමූහය වේ. බලශක්ති සහ උපයෝගිතා, ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහන (වරාය සහ ගුවන් තොටුපොළ, නැව්ගත කිරීම, මාර්ග සහ දුම්රිය ඇතුළුව) ලෝහ සහ ද්‍රව්‍ය මෙන්ම පාරිභෝගික අංශය කෙරෙහි ද උනන්දුවක් ඇති අදානි සමූහය, වෙළඳපොළ ප්‍රමුඛස්ථානයේ රැඳී සිටීමට සමත්ව ඇත. අදානි සමූහයේ සාර්ථකත්වයට සහ නායකත්වයටත් බලපෑ, තිරසර සංවර්ධනයට මඟ පෙන්වූ දර්ශනය වූයේ ‘ජාතිය ගොඩනැගීම’ සහ ‘යහගුණ සමඟ වර්ධනය’ සමූහයේ මුඛ්‍ය ප්‍රතිපත්තිය බවට පත් කරගැනීමයි. තිරසරභාවය, විවිධත්වය සහ බෙදාගත් වටිනාකම් පිළිබඳ මූලධර්ම මත පදනම් වූ අදානි සමූහයේ ආයතනික සමාජ වගකීම් පිළිබඳ වැඩසටහන් හරහා පරිසරය ආරක්ෂා කිරීමටත්, ප්‍රජාවන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමටත් සමූහය නිරන්තරයෙන් කැපවී සිටී.

ITEES Singapore ගැන බිඳක්

සිංගප්පූරුවේ තාක්ෂණික අධ්‍යාපන ආයතනය (ITE) 1992 දී සිංගප්පූරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පශ්චාත්-ද්විතියික අධ්‍යාපන ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලදී. එය වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනයේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වන අතර සිංගප්පූරුවේ ශ්‍රම බලකායේ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ජාතික වෘත්තීය කුසලතා සහතික කිරීම සහ ප්‍රමිතීන්හි ප්‍රධාන සංවර්ධකයෙකු ද වේ. එහි උපදේශන අංශය වන ITE අධ්‍යාපන සේවා (ITEES) හරහා, ITE ලොව පුරා කුසලතා සංවර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති අතර, එහි වැඩසටහන් සහ සහතික ලොව පුරා පිළිගැනීමට ලක් වේ.

ITE හි පූර්ණ හිමිකාරීත්වය ඇති අනුබද්ධිත ආයතනයක් ලෙස, ITEES 2003 දී පිහිටුවන ලද්දේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (TVET) පිළිබඳ ITE හි අත්දැකීම් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ බෙදා ගැනීමේ අරමුණෙනි.


Share with your friend