NDB Wealth, ආයෝජනයන් සඳහා සුදුසු ස්මාර්ට් ක්‍රමවේදයක් වන Xapp හඳුන්වා දෙයි. 

Share with your friend

පුද්ගල ආයෝජන අවශ්‍යතා උදෙසා නිර්මාණය කර ඇති ඒක පුද්ගල මූල්‍ය විසඳුම් සඳහා ප්‍රසිද්ධත්වයක් උසුලන; පුද්ගලික අංශයේ විශාලතම වත්කම් කළමනාකරු වන NDB Wealth, කළමනාකරණය යටතේ බිලියන 350කට අධික වත්කම්, තත්‍ය කාලීන ප්‍රවේශය, මනා පාලනයක් සහ වැඩිදියුණු කළ නම්‍යශීලීභාවයක් සහිතව, ආයෝජන කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති ඩිජිටල් ආයෝජන ක්‍රමවේදයක් වන Xapp හඳුන්වා දී තිබේ.  උසස් තාක්‍ෂණය උපයෝගී කර ගනිමින්, ආයෝජකයින් අපේක්ෂා කරන ස්ථාවරත්වය සහ ආරක්ෂාව පවත්වා ගනිමින් සහ ජනතාවට ආයෝජන අවස්ථා ප්‍රමාණයන් වැඩි දියුණු කරමින්, Xapp මඟින් බාධාවකින් තොරව සහ කාර්යක්ෂමව ආයෝජනය කිරීමේ හැකියාව තහවුරු කෙරේ. 

වසර ගණනාවක් මුළුල්ලේ, NDB Wealthහි ධන කළමනාකරණය, සම්බන්ධතා කළමනාකරුවන් සහ සේවාදායකයින් අතර ශක්තිමත්, පුද්ගලාරෝපිත වූ සබඳතා මත ගොඩනැගී ඇත.  මෙම විශ්වාසදායක ප්‍රවේශය අපගේ සේවාවන්හි ප්‍රමුඛස්ථානයේ පවතින අතර, Xapp සමඟින්, විශේෂඥ මග පෙන්වීම තහවුරු කරන සුවිශේෂී ඩිජිටල් මෙවලමක් ආයෝජකයින් වෙත හඳුන්වාදීමෙන් අපි මෙම සම්බන්ධතාවය වැඩි දියුණු කරන්නෙමු.  මෙම ක්‍රමවේදය, අපගේ නියමිත ධන කළමනාකරණ විසඳුම් සමඟ මනා ලෙස ඒකාබද්ධ වන අතර, මෙය ගනුදෙනුකරුවන්ට ඔවුන් විශ්වාසය තබන්නා වූ සහාය ලබා දීම්වලට බාධා නොකර, ඔවුන්ගේ ආයෝජන නිරීක්ෂණය කිරීමට සහ කළමනාකරණය කිරීමට පහසු වඩාත් කාර්යක්ෂම ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය.

Xapp හඳුන්වාදීම තුළින් බොහෝ ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන පොදු අභියෝගයක් වන, සාම්ප්‍රදායික ඉතුරුම් විකල්පවලට වඩා වැඩි නම්‍යශීලී බවක් සහ ප්‍රතිලාභ ලබා දෙන ආයෝජන විසඳුම් පිළිබඳ සීමිත දැනුවත්භාවය උදෙසා විසඳුම් සැපයේ.  ස්ථාවර තැන්පතු සහ සාම්ප්‍රදායික ඉතුරුම් ගිණුම් ජනප්‍රිය තේරීම් ලෙස පැවතුන ද, වැඩිදියුණු කළ මූල්‍ය වර්ධන අවස්ථා ළඟා කෙරෙන ස්මාර්ට් විකල්ප පිළිබඳව බොහෝ පිරිසකගේ දැනුවත්භාවය අවම විය හැකිය. Xapp හඳුන්වාදීම, ශ්‍රී ලාංකිකයින්ට සාම්ප්‍රදායික බැංකු ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගොස් නවීන මූල්‍ය මෙවලම් වෙත පහසු ප්‍රවේශයක් ලබා දීම උදෙසා වන NDB Wealth හි අගනා ප්‍රයත්නයකි.  මෙම යෙදුම ජංගම දුරකථනය හරහා බාගත කරගත හැකි අතර, ගිණුමක් ආරම්භ කොට රටේ ඕනෑම ස්ථානයක සිට ආයෝජනය කිරීමේ හැකියාව පවතී.  රජයේ බැඳුම්කරයන්හි ආයෝජනය කෙරෙන NDB Wealth මඟින් ලබා දෙන අරමුදල, ස්ථාවර ආයෝජනවලට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ප්‍රතිලාභ ලබා දෙන අතර, මූල්‍ය වර්ධනයට ස්ථාවර සහ ආරක්ෂිත මාවතක් ගොඩනඟමින් අවශ්‍ය ඕනෑම අවස්ථාවක මුදල් ආපසු ලබා ගැනීමේ පහසුකම් ද සපයයි.  Xapp භාවිත කිරීම හරහා ආයෝජකයින්ට, සාම්ප්‍රදායික ඉතුරුම් ක්‍රමයන් හා අදාළ සීමාවන් නොමැතිව මෙම වැඩිදියුණු කළ මූල්‍ය අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ලබා ගත හැකිය.

NDB Wealth හි ප්‍රධාන විධායක නිලධාරී රුවන් පෙරේරා පවසා සිටියේ,

“NDB Wealth සැමවිටම ආයෝජකයින් වෙත ප්‍රවේශ්‍යතාව සහ කාර්යක්ෂමතාවයෙන් බලගැන්වූ මූල්‍ය විසඳුම් ළඟා කරලීමට කැපවී සිටියි. සියලු ශ්‍රී ලාංකිකයින්ට බාධාවකින් තොරව ඩිජිටල් ප්‍රවේශය (digital access), තත්‍ය කාලීන නිරීක්ෂණය (real-time tracking) සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමේ හැකියාව සමඟ ඔවුන්ගේ ආයෝජන කෙරෙහි වැඩි පාලනයක් ඇති බව සහතික කරමින් Xapp හඳුන්වාදීම මෙම කැපවීම අවධාරණය කරයි.” ලෙසය.

Xapp අනවශ්‍ය ප්‍රමාදයන් මඟඅරවමින්, පරිශීලකයින්ට සජීවී යාවත්කාලීන කිරීම් සහ වෙළඳපල වෙනස්වීම් පිළිබඳ ක්ෂණික දැනුම්දීම් සමඟ ඔවුන්ගේ ආයෝජන විස්තර පිළිබඳ පැහැදිලි තොරතුරු දැක බලා ගැනීමේ පහසුකම් ලබා දෙයි.  මෙහිදී, ආයෝජකයින්ට සිය ආයෝජන කාර්ය සාධනය පහසුවෙන් නිරීක්ෂණය කිරීමට, ස්වයංක්‍රීය ආයෝජන සැකසීමට සහ බුද්ධිමත් තීරණ ගැනීම සඳහා සවිස්තරාත්මක මූල්‍ය අවබෝධයක් ලබා ගත හැකිය. මූල්‍ය වත්කම් සමූහයක් ගොඩනඟා ගැනීම හෝ ඉතුරුම් වර්ධනය කිරීම උදෙසා වඩා උචිත ක්‍රමවේදයක් සෙවීම අරමුණු කරන්නේ නම්, Xapp ඒ සඳහා රු. 5,000 ක ආරම්භක ආයෝජනයකින් එහි ප්‍රවේශ්‍යතාව සහතික කරයි. ස්ථාවර කාලීන තැන්පතු මෙන් නොව, ඕනෑම අවස්ථාවක දී මනා පාලනය සහ ආරක්ෂාව යටතේ මූල්‍ය ප්‍රවේශය ලබා ගත හැකි අතර, එහි ගණුදෙණු පුවරුව වත්කම් සහ ප්‍රතිලාභ පිළිබඳ පුළුල් දළ විශ්ලේෂණයක් සපයයි.

මෙම නවතම හඳුන්වාදීමත් සමඟ, NDB Wealth මූල්‍ය නවෝත්පාදනයෙහි ප්‍රමුඛස්ථානය ලබා ගනිමින්, සාම්ප්‍රදායික බැංකුකරණය සහ නවීන ආයෝජන විසඳුම් අතර පරතරය අවම කරයි.  Xapp, App Store සහ Google Play ඔස්සේ බාගත කිරීමේ හැකියාව පවතී. 

වැඩි විස්තර සඳහා 1360 අමතන්න.

NDB Wealth යනු, මූල්‍ය සේවා සහ බැංකු අංශයේ ප්‍රමුඛයා වීමේ උපායමාර්ගික මෙහෙවරක් සහිත ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සේවා සමූහ ව්‍යාපාරයක් වන ජාතික සංවර්ධන බැංකුවේ (National Development Bank PLC) පූර්ණ අනුබද්ධිත ආයතනයකි. මූලාරම්භයේ සිටම, NDB Bank, NDB Capital Holdings Limited, NDB Investment Banking, NDB Wealth, NDB Securities සහ NDB Capital Bangladesh යනාදිය ඇතුළත් මෙම සමූහය, ආර්ථිකයේ සෑම ස්ථරයකම ව්‍යවසායකයින්, ආයතනික සමාගම් සහ පුද්ගලයින් බලගන්වමින් දේශයේ සංවර්ධනය උදෙසා මහඟු උත්ප්‍රේරකයක් වී ඇත.  සියලුම NDB සමූහ සමාගම්වල ගනුදෙනුකරුවන් NDB බැංකුවේ සහ එහි අනුබද්ධිත සමාගම්හි පුළුල් නිෂ්පාදන සහ සේවා පිරිනැමීම්වලින් ප්‍රතිලාභ ලබා ඇත.


Share with your friend