NIBM REACH 2024, සැඟවුණු සිසු දක්ෂතා කලඑළි ගැන්වීමට සූදානම් වෙයි

Share with your friend

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ව්‍යවස්ථාපිත ආයතනයක් මෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය (NIBM),  සිය ආයතනය හා සම්බන්ධ සිසුන් පිරිසගේ සුවිශේෂී කුසලතා ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන්  NIBM REACH 2024, Talent Show වැඩසටහන දියත් කරන බව සතුටින් දැනුම් දෙයි. 

NIBM REACH 2024, Talent Show වැඩසටහන මෙවර දියත් කෙරෙන්නේ අඛණ්ඩව දෙවන වරට වන අතර, එය NIBM සංවිධානය කරනු ලබන වැඩසටහන් අතරෙන් සුවිශේෂී වැඩසටහනකි. එහි සිසු සිසුවියන්ගේ  සැඟවුණු සෞන්දර්යය කුසලතා එළිදැක්වීම සඳහා මෙන්ම, පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත එම දක්ෂතා ප්‍රදර්ශනය කිරීම දිරිමත් කරමින් ක්‍රියාවට නැංවෙන NIBM REACH 2024, Talent Show, සිසුන්‌ගේ දක්ෂතාවන්ට පිළිගැනීම හිමිකර දෙන මාහැඟි වේදිකාවකි. එපමණක් නොව සිසු සිසුවියන්ට ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සමඟ සම්බන්ධ වීමටද අවකාශ සලසන මෙම වැඩසටහන මගින්  ඔවුන්ගේ සහජ දක්ෂතා දිරිගන්වමින් හා ඔප් නංවමින්, NIBM  හි නවෝත්පාදන ඔස්සේ සවිබල ගැන්වෙන සංස්කෘතියක් ගොඩනැගීම අපේක්ෂාවයි. ඒ හැරුණු විට ඔවුන්ගේ අනාගත වෘත්තීය සංවර්ධනයට ඉවහල් වන අවස්ථාවන් සැලසෙන පරිදි හා  ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්  අතර  සම්බන්ධතා ගොඩනැගෙන පරිදි මෙම වැඩසටහන සංවිධානය කර තිබේ. ඉගෙනුම හා වෘත්තීය සාර්ථකත්වය අතර පරතරය අවම කිරීමට ඉවහල් වන මෙම වැඩසටහන  මගින්, සිසුන් ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තීකයින් සමග සම්බන්ධ කරමින්, සිසු දක්ෂතා සඳහා පුළුල් ප්‍රේක්ෂකාගාරයක් සකස් කර දෙයි. 

මේ පිළිබඳව සිය අදහස් දක්වමින් NIBM සංවිධායක කමිටුව

සඳහන් කළේ මෙලෙසිනි. “දක්ෂතාවය කියන දේ සෑම තැනකම පවතිනවා. එම දක්ෂතා හඳුනාගෙන ඒවා පෝෂණය කිරීමෙන් අනාගත තරු රටට බිහිකිරීම අපගේ අරමුණයි.  NIBM REACH 2024 වැඩසටහන, කුසලතා සෙවිමට වඩා වැඩි යමක් තිබෙන වැඩසටහනක්. එමගින් සිහින හඹායන අතරෙහි නිර්මාණශීලිත්වය, කැමැත්ත  වගේම දක්ෂතාවය සැමරීමත් සිදුකෙරෙනවා. නැගී එන දක්ෂයින්ට අපි මේ වේදිකාව සකස් කර අවසන්. දැන්, අපේ සිසුන් එම වේදිකාවේ උපරිම හැකියාවන් ප්‍රදර්ශනය කරන ආකාරය දැකගැනීමට නොඉවසිල්ලෙන් පසු වෙනවා. NIBM ආයතනයේ සිසුන්ට මේ වැඩසටහනෙන් විනෝදයක් ලැබෙන අතරම, එයින් ලැබෙන පිළිගැනිම, සාර්ථක වෘත්තීය ජීවිතයක පළමු පියවර බවට පත්කර ගැනීමට මෙය මාහැඟි අවස්ථාවක්.”

තරඟ අංග ගණනාවකින් යුතුව පැවැත්වෙන NIBM REACH 2024 වැඩසටහන, ඕනෑම වයස් කාණ්ඩයක් යටතේ ඕනෑම පසුබිමක  තරගකරුවන්ට විවෘත ය. මෙහිදී ගායන, නර්තන හා වාදන ආදී කාණ්ඩ ගණනාවක් යටතේ සිය දස්කම් ප්‍රදර්ශනය කිරීම සඳහා ශිල්පීන්ට අවස්ථාව උදා වේ.  තෝරා ගැනීමේ වට කිහිපයකින් යුතුව, පැවැත්වෙන මෙහි මුල්ම තෝරා ගැනීමේ තරගය අගෝස්තු 15 වැනි දින ආරම්භ වීමට නියමිත ය. පළමු වටයේ තරග  අගෝස්තු 29 වැනිදා සහ  අවසන් පූර්ව තරග සැප්තැම්බර් 5 වැනිදා පැවැත්වේ. අවසන් මහා තරගය, කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී  සැප්තැම්බර් 19 වැනිදා පැවැත්වෙයි.  අදියර ගණනාවක් ඔස්සේ තරගකරුවන්ගේ දක්ෂතා පුළුල් වශයෙන් මෙහිදී ඇගයීමට ලක් වන අතර, විනිශ්චය මණ්ඩලයේ අදහස් දැනගන්නා අතරෙහි තම දක්ෂතාවන් එළිදැක්වීමට මෙමගින් සුවිශාල අවස්ථාවක් උදා වේ. සමස්ත තරගය පුරාම සියලු තරගකරුවන්ගේ දක්ෂතා පිළිබඳව අදහස් දක්වමින්,   ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම තරගයේ ඇගයීම් කටයුතු ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරනු ලබයි.

ගෝලීය අධ්‍යාපන ප්‍රවණතාවන්ට අනුකූලව වෙනස්වන ඉගෙනුම් රටාවකට සිසුන් යොමු කරන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන  ආයතනයක් ලෙස ප්‍රසිද්ධියට පත් NIBM ආයතනය ඉගෙනීම මෙන්ම ප්‍රායෝගික හැදෑරීම් පිළිබඳවද සිය ප්‍රමුඛ අවධානය යොමු කරයි. ඒ අනුව සිසුන්ගේ  නවෝත්පාදන සහ විවේචනාත්මක චින්තනය සඳහා ඉවහල් වන ප්‍රායෝගික මෙන්ම සජීවී ව්‍යාපෘතීන්වල නිරත වෙයි.  නවතම පාඨමාලා පිරිනමමින්, ජාත්‍යන්තර ආයතන හා මනා සහයෝගීතාවයෙන් කටයුතු කිරීම මගින්, NIBM මෙරට සිසු පරපුර අනාගත  ගෝලීය අධ්‍යාපනය සහතික කරයි.  ආරම්භයේ පටන් මේ දක්වා දහස් ගණනක් වූ ශිෂ්‍ය ප්‍රජාවට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කර ඇති NIBM ආයතනය,  ව්‍යාපාරික ලෝකයට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ලබා දී ඇති දායකත්වයද සුළුපටු නොවේ.


Share with your friend