Omega Line සමාගම, 2025 CPM Sri Lanka කළමනාකරණ නායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන දිනයි

Share with your friend

මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ට නායකත්වය නැවත වරක් පෙන්නුම් කරමින් 2025 CPM Sri Lanka කළමනාකරණ නායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී, යුරෝපය ඇඟලුම් අපනයනය කරන ශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගමක්වන Omega Line (Oniverse  සමූහයට අයත්) හි සේවකයින් සිව්දෙනෙක් ඇගයීම් සම්මාන දිනාගත්හ. 

(වමේ සිට දකුණට) Omega Line සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී- නිෂ්පාදන, කණිෂ්ක වීරසිංහ; සහකාර සාමාන්‍යාධිකාරී- නිෂ්පාදන, ඩේමියන් ලේකම්ගේ; සහකාර සාමාන්‍යාධිකාරී-නිෂ්පාදන සැලසුම්, චාර්මන් ඩෙප් සහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී සම්පත් වීරකෝන් යන මහත්වරු

එහිදී සමාගමේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී සම්පත් වීරකෝන් මහතා ආයතනික කළමනාකරණ කාණ්ඩයේ ඇඟලුම් සහ රෙදිපිළි අංශ ජයග්‍රාහකයා වූ අතර ජාතික මට්ටමේ සමස්ත ලෝකඩ සම්මානය ද හිමිකරගත්තේය. ඔහු මෑතකදී පැවැති විසිවැනි සේවායෝජක සන්නාම සම්මාන උළෙලේදී ආසියාවේ හොඳම මානව සම්පත් නායකයින් අතරට ද තෝරාගෙන තිබුණි. ඒ අනුව හුදෙක් ඇඟලුම් අංශය තුළ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ව්‍යාපාර පරිසරය තුළ ද වීරකෝන් මහතා සතු මානව සම්පත් දැක්ම මෙසේ පිළිගැනීමට ලක්වීම විශේෂත්වයක් විය. 

තව ද ඔහුගේ ජයග්‍රහණය තුළින් නවෝත්පාදනය, අන්තර්කරණය සහ තිරසාර වර්ධනය වැනි වටිනාකම් වර්ධනය කරන නායකයින් බිහිකිරීමට Omega Line සතු කැපවීම පිළිබිඹු වූ අතර මෙරට වඩාත්ම සේවක කේන්ද්‍රී ඇඟලුම් අපනයනකරුවෙකු ලෙස සමාගමේ කීර්ති නාමය ශක්තිමත් කිරීමට ද හේතුවිය. 

මේ අතර සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී- නිෂ්පාදන කණිෂ්ක වීරසිංහ, සහකාර සාමාන්‍යාධිකාරී- නිෂ්පාදන ඩේමියන් ලේකම්ගේ සහ සහකාර සාමාන්‍යාධිකාරී නිෂ්පාදන සැලසුම් චාර්මන් ඩෙප් යන මහත්වරු ද සම්මාන උළෙලේ එම අංශයේ ම දෙවැනි ස්ථාන ජයග්‍රහණ ලබාගත්හ. 

මෙම ජයග්‍රහණ මගින් උපායමාර්ගික දැක්මක් ලබාදීමට, සේවක කණ්ඩායම් අභිප්‍රේරණය කිරීමට සහ නවෝත්පාදන මෙහෙයවීමට Omega Line සතු අඛණ්ඩ ඉදිරිගාමී සංස්කෘතිය ඉස්මතුකර පෙන්වයි. තව ද මෙම ජයග්‍රහණ, සිය දැක්ම යථාර්ථයක් බවට ඵලදායී ලෙස පරිවර්තනය කරමින් කළමනාකරණ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ප්‍රජා සේවය ළඟාකරගන්නා ව්‍යාපාරික නායකයින් ඇගයීමේ CPM Sri Lanka හි වටිනාකම් සමඟ ද සමීපව සමපාත වේ.

මෙරට ජාතික ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් සපයන Omega Line සමාගම සතු සඳලංකාව සහ වව්නියාව කර්මාන්තශාලා ආශ්‍රිතව 7,500කට වැඩි පිරිසක් සේවය කරති. එම කර්මාන්තශාලා මගින් වාර්ෂිකව ඇඟලුම් එ්කක මිලියන 100කට වඩා නිෂ්පාදනය කෙරේ. Omega Line සමාගම සිය අනුබද්ධිත ආයතන හා එක්ව ශ්‍රී ලංකාව තුළ ඩොලර් මිලියන 450කට වැඩි ආයෝජන සිදුකර ඇති අතර, සමාගමේ වාර්ෂික අපනයන වටිනාකම ඩොලර් මිලියන 500කට ආසන්න වේ. වාර්ෂිකව අපයනය කරන ඇඟලුම් ඒකක ප්‍රමාණය මිලියන 200 ඉක්මවයි. 

තම සේවකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන්ට තාක්ෂණික පුහුණු, ජීවන කුසලතා පුහුණු, නායකත්ව සහ කණ්ඩායම් ක්‍රියාකාරකම්, විධිමත් කාර්යසාධන ඇගයීම් සහ අභ්‍යන්තර රැකියා උසස්වීම් අවස්ථා ආදිය නොමසුරුව පිරිනැමීමට සමාගම ක්‍රියාකරයි. ඊට අමතරව, සේවක සුබසාධනය වෙනුවෙන් නොමිලේ වෛද්‍ය සේවා, අඩු වියදම් ප්‍රවාහන, අඩු මිලට ආහාර, ව්‍යායාම් පහසුකම්, ක්‍රීඩා පහසුකම් ආදිය ද සේවකයින්ට පිරිනැමේ. එමෙන්ම රැකියා ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමබර කරගැනීමට ද, ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව බලගැන්වීමට ද සමාගම ක්‍රියාකරයි. 

Omega Line සමාගම දිගින් දිගටම මෙවැනි සම්මාන බුහුමන් ලබාගත් ආයතනයකි. නිෂ්පාදන සහ කර්මාන්ත අංශයේ සේවයට සුදුසුම සමාගම් 15 අතරට ද නම් කෙරුණු Omega Line, මෑතකදී සිංගප්පූරුවේ පැවැති විසිවැනි සේවායෝජක සන්නාම සම්මාන උළෙලේදී ද ආසියාවේ හොඳම සේවායෝජක සන්නාම සම්මානය දිනාගැනීමට සමත්විය.


Share with your friend