කොළඹ: ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග සන්නාමයක් වන OPPO, ලොව ප්‍රථම Imaging අත්දැකීම් සහිත ඉහළ මට්ටමේ ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථනය OPPO Find X5 කාණ්ඩය හඳුන්වා දෙන බව නිවේදනය කළේය.

OPPO ඉහළම තත්ත්වයේ තාක්ෂණය සහ නවීන කැමරා නිමැවුම් සමඟ විශ්මයජනක සුන්දර නිමාවක් සමඟ එක්වේ. OPPO හි නිල නාලිකාව (www.oppo.com/en/events/find-x5-series-launch/) හරහා 2022 පෙබරවාරි 24 වනදා 11:00 GMT/ ශ්‍රී ලංකාවේ වේලාවෙන් 16:30 ට ගෝලීය Find X5 Series දියත් කිරීමේ උත්සවයේ සජීවීව විකාශනය කිරීම සමඟ සම්බන්ධ විය හැක.
OPPO INNO Day 2021 හිදී, OPPO විසින් MariSilicon X, dedicated imaging Neural Processing Unit හඳුන්වා දුන් අතර එමගින් ජංගම දුරකථන මඟින් වීඩියෝ කිරීමේ දී ඇතිවන විශාලතම අභියෝගය වන රාත්‍රි ආලෝකයේ පටිගත කිරීමේ අපහසුතා වළක්වයි. එහි අති නවීන 6nm architecture, real-time RAW processing සහ 20 ගුණයක් දක්වා වේගවත් 4K AI හැකියාව සමඟින් Find X5 Pro ඉතාම උසස් ගුණාත්මක නිෂ්පාදනයක් ලෙස අනභිබවනීය වෙයි.
නවීනතම multicore Snapdragon 8 Gen 1 ප්‍රොසෙසරයෙන් බල ගැන්වෙන, Find X5 Pro ඕනෑම තත්වයක් යටතේ උසස් ක්‍රියාකාරිත්වයකින් යුක්ත වන අතර ඉතා ජනප්‍රිය ජංගම දුරකථන ක්‍රීඩා සහ යෙදුම් පාවිච්චියට සුදුසු ලෙස සකසා ඇත. බාහිරින් එය ඉතා සුන්දර, කාලයත් සමඟ වෙනස් නොවන සහ අනාගත සුපිරි තාක්ෂණික උපාංගයක පෙනුම ප්‍රදර්ශනය කරයි. අතිශය ශක්තිමත් සෙරමික් පිටුපස කොටසක් සමඟ Find X5 Pro පැහැදිලි, නවීන සූක්ෂම පෙනුමක් පිහිටන අතරම ඇඟිලි සලකුණු අඩුවෙන් පිහිටන මතුපිටක් නිර්මාණය කරන අතර කැමරා මාදිලිය සඳහා සුමුදු මටසිළුටු පෙනුමක් ලබා දෙයි.
අසමසම රාත්‍රී ඡායාරූප ගැනීමේ හැකියාව සමඟින්, ඉහළ මට්ටමේ 5G පහසුකම සහිත ප්‍රමුඛතම Find X5 Pro, මූලික DNA මත ගොඩනඟා ඇති අතර එමඟින් OPPO පාරිභෝගිකයින් සහ විචාරකයින් අතර අතිශය ජනප්‍රිය වනු ඇත. අනාගත සෞන්දර්යය, නව ColorOS පද්ධතිය, ඉහල මට්ටමේ ක්‍රියාකාරිත්වය, අතිශය වේගවත් සම්බන්ධතාව සහ අසමසම කැමරා පද්ධතියක් සමඟින් Find X5 Pro, ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලනු ඇත.
පෙබරවාරි 24 බ්‍රහස්පතින්දා 11:00 GMT/ ශ්‍රී ලංකාවේ වේලාවෙන් 16:30 ට OPPO හි නිල නාලිකාවෙන් (www.oppo.com/en/events/find-x5-series-launch/) ජාත්‍යන්තර මාර්ගගත එලි දැක්වීමේ අවස්ථාවට සම්බන්ධ විය හැක.