OPPO INNO DAY 2021 වෙබ් අඩවියට FOTD සම්මානයක් හිමි වේ

Share with your friend

OPPO INNO DAY 2021 වෙබ් අඩවියට පසුගියදා FOTD (FWA of the Day) සම්මානය හිමි විය. FOTD සම්මානය ලොව ඩිජිටල් සැලසුම් සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍ර වල නිර්මාණශීලීත්වය ඇගයීම සඳහා පිරිනමන ප්‍රමුඛතම සම්මානයක් ලෙස සැලකේ. රටවල් 35 කට අධික සංඛ්‍යාවක වෘත්තිකයන් 500 දෙනෙකුට අධික පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් FWA සම්මාන සඳහා සජීවීව ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදුකරනු ලබයි. 

“සුවිශේෂී සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද OPPO INNO DAY 2021 වැඩසටහන, චීනය තුළ අතථ්‍ය (Virtual) ආකාරයට පැවැත්වූ මෙම වර්ගයේ ප්‍රථම වැඩසටහනයි. වැඩසටහනට සහභාගී වූවන්ට පෙර නොවූවිරූ ආකාරයේ අන්තර්ක්‍රියාකාරී අත්දැකීමක් පිරිනැමීමට එම වැඩසටහන සමත් වුණා. මෙය ඉදිරියේදී අතථ්‍ය ලෝකය දියුණු වන ආකාරය පිළිබඳ පැහැදිලි පෙරනිමිත්තක් ලෙස හැඳින්විය හැකියි.” – සම්මානය පිළිබඳ FWA හේතුපාඨයේ එසේ දැක්වේ. 

OPPO INNO DAY 2021 වැඩසටහන 2021 දෙසැම්බර් 14 සහ 15 දෙදින තුළ OPPO INNO WORLD හිදී පැවැත්විණි. එහිදී OPPO INNO WORLD වෙත පිවිසුණු පරිශීලකයන්ට තම Avatars කැමති පරිදි සකස් කරගැනීම, සජීවී විකාශයන් නැරඹීම, ඡායාරූප ගැනීම, සහ OPPO Air Glass සහ OPPO Find N වැනි නවීනතම නිර්මාණ පරීක්ෂා කිරීම වැනි බොහෝ කටයුතු වල යෙදීමට අවස්ථාව උදා විය. එමෙන්ම භෞතික සීමාවන් ඉක්මවා යමින්, ලොව පුරා පුද්ගලයන් සමග සම්බන්ධ වී අදහස් හුවමාරු කරගැනීමටද පරිශීලකයන්ට හැකියාව ලැබිණි.  OPPO INNO DAY 2021 වැඩසටහන අතරතුර INNO WORLD වෙත පිවිසුණු පරිශීලකයන් සංඛ්‍යාව 2,500,000 කට අධික ය. INNO DAY වැඩසටහනට සීමා නොවී දිගින් දිගටම INNO WORLD වෙත පිවිසී රිසි සේ අතථ්‍ය ලෝකයේ චමත්කාරය අත්විඳීමට පරිශීලකයන්ට අවස්ථාව සලසා දීමට OPPO කටයුතු කර තිබේ. 

FWA (Favorite Website Awards) වැඩසටහන 2000 වසරේදී එංගලන්තයේදී ආරම්භ විය. පසුගිය වසර 22 ක කාලය තුළ FWA මගින් දිනපතා, සතිපතා, මාස්පතා සහ වාර්ෂික වශයෙන් FOTD (FWA of the day), FOTM (FWA of the month), FOTY (FWA of the year), සහ People’s Choice Awards යන සම්මාන පිරිනමා තිබේ. එම සම්මාන, ලොව පුරා ඩිජිටල් සැලසුම් සහ වෙබ් අඩවි නිර්මාණ ක්ෂේත්‍ර වල නිර්මාණකරුවන් දිරිගැන්වීම සඳහා මහඟු මෙහෙවරක් ඉටුකර ඇත. 


Share with your friend