කොළඹ ඃ දශක 4කට වැඩි කාලයක් ශ්‍රී ලාංකීය මුල්‍ය ක්ෂේත්රයේ විශිෂ්ටත්වය සහ ස්ථාවරත්වය අත්පත් කරගත් Orient Finance PLC ආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance PLC ආයතනය, මුල්‍ය වර්ධනය සහ මුල්‍ය ශක්‍යතාවය නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින මුල්‍ය ආයතනයක් ලෙස ස්ථානගත වී තිබේ.
පසුගිය මුල්‍ය වර්ෂයේ ආසන්න වශයෙන් මිලියන 350 ලාභයක් සහ බිලියන 20 වැඩි මුල්‍ය වත්කම් වර්ධනයක් සමග අසමසම මුල්‍ය ජයග්‍රහණ අත්පත් කරගෙන තිබේ. ඉලක්කගත ක්‍රියාත්මකවීම් සහ මුදල් පූර්ණය කරගැනීමේ උපායමාර්ගික එළඹුම් සාර්ථක කරගැනීම් හරහා Orient Finance PLC ආයතනය, තමන්ගේ මුල්‍ය ස්ථාවරත්වය ගොඩනගා ගනිමින් අනාගතයට තිරසර වර්ධනයක් අත්පත් කරගැනීමට අවශ්‍ය මාවත සකස් කරගෙන තිබේ.
සිය 43 වැනි සංවත්සරය වෙනුවෙන් Orient Finance PLC ආයතනය, කළුතර දිස්ත්‍රික්කයේ රුක් රෝපණ ව්‍යාපෘති සඳහා පැල 7500කින් දායකත්වය ලබාදී තිබේ. මෙම මූලිකත්ව වැඩසටහන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පාසල් සහ ප්‍රජා සංවිධාන වලට සහයෝගය ලබාදෙමින් යගිරල, රෑණකන්ද සහ හේකොක් වනාන්තර ප්රදේශයන්ගේ වන වගාව ව්‍යාප්ත කිරීමට දිරිදෙයි.
බස්නාහිර පළාතේ වර්ග කිලෝ මීටර් 1598 ආවරණය කරන කළුතර දිස්ත්‍රික්කය ලංකාවේ ප්‍රධාන ජල ධාරා වන කළුගඟ, පානදුර ගඟ, බෙන්තොට ගඟ ආදීයෙන් පෝෂීතව සහ කිලෝ මීටර් 40ක දිග වෙරළ තීරයකින් සමන්විතව පවතී. ස්වාභාවික මූලයන්ගෙන් අනූන මෙම දිස්ත්‍රික්කයේ වනාන්තර වැස්ම 9%ක් තරම් අසාමාන්‍ය ලෙස පහළ අගයක පවතී. මෙම වන වගා ව්‍යපෘතිය තුලින් එම පළාතේ වනාත්තර ගහනය වර්ධනය කර නායයාම්, පාංශූ ඛාදනය සහ වන විනාශය වළක්වා ගැනීමට අවස්ථාව සැළසෙයි.
වනජීවි දෙපාර්තමේන්තුව, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ බස්නාහිර පළාතේ ඉඩම් කොමිසම සමග ඒකාබද්ධ වී පළාතේ පහත් බිම් හරිත කලාප සහ කඩොලාන වන වගා ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණයට Orient Finance ආයතනය කැපවෙයි. මෙම ව්‍යාපෘතිය සංවිධානය කරන්නේ පරිසර සංරක්ෂණය උදෙසා සිය දායකත්වය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ඇගයීමට පාත්‍ර වූ මිහිජය පාරිසරික සංවිධානයයි.
මෙම සුවිශේෂී අවස්ථාවේ දී සිය අදහස් දැක්වූ Orient Finance ආයතනයේ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම් ජබීර් මහතා,“43 වන සංවත්සරය සමරන මේ මොහොතේ දී අප ලබා තිබෙන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ආයතන ක්ෂේත්රයේ අප සතු විශේෂඥතාවය සහ ස්ථායීතාවය පිළිබඳව මනා පිළිබිඹුවකි. දශක 4කට වැඩි මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ විවිධ ආර්ථික සහ වෙළඳපොළ ප්රවණතා අවබෝධ කරගනිමින් සහ ඒවාට නිවැරදිව මුහුණදෙමින් ආයතනයක් ලෙස අද අප ස්ථාවරව ගොඩනැගෙන්නට අපට හැකියාව ලැබුණා. එමෙන්ම පාරිභෝගිකයා කෙන්ද්‍ර කරගනිමින් ගොඩනැගුණු අපේ ආයතනික දැක්ම තුලින් මනා මුල්‍ය ස්ථාවරත්වය අත්පත් කරගැනීමට සහ පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට හැකියාව ලැබීම මෙතෙක් අප ආ ගමන් මග පිළිබඳ මනා සහතිකයක් වෙනවා. මෙම දීර්ඝ කාලීන ස්ථාවරත්වය නිසා අප පිළිබඳ පිළිගැනීම, විශ්වාසය ඇති වූවා සේම අපට තව තවත් වර්ධනය වීමට සහ ව්‍යාප්තවීමට ශක්තිමත් පදනමක් වුණා. සුපුරුදු පරිදි අනාගතය දකින ආයතනයක් ලෙස අපේ අරමුණ වී තිබෙන්නේ අපේ හැකියාවන් වර්ධනය කරගැනීමට මෙන්ම නව අවස්ථාවන් ව්‍යාප්ත කරගන්නා ගමන් අපගේ මූලික වටිනාකම් සමග සිටිමින් නව්‍ය සහ ආචාර ධාර්මික මුල්‍ය විසඳුම් ජනතාවට ලබාදීමයි.“
ශ්‍රී ලාංකික මුල්‍ය ක්ෂේත්රයේ 43 වසරක විශිෂ්ටත්වයෙන් ඉදිරියට යන ස්ථාවර මුල්‍ය ආයතනයක් වන Orient Finance ආයතනය ශ්‍රී ලංකාවේ මුල්‍ය ක්ෂේත්රයට සහ ජනතාවට ධනාත්මක දායකත්වයක් ලබාදෙමින් තිරසර සංකල්පය ගොඩනැගීමට කැපවෙමින් කටයුතු කරයි.