ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් රැසකට ෆොන්ටේරා සමාගමෙන් කිරිපිටි

ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් රැසකට ෆොන්ටේරා සමාගමෙන් කිරිපිටි

ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000 ක් සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයට’ රුපියල් මිලියන 174 ක් වටිනා කිරිපිටි ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton),ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා,ෆොන්ටේරා සමාගමේ ශ්‍රී ලංකා ශාඛාව   කළමනාකරණ අධ්‍යක්ෂ විද්‍යා සිවරාජා,ෆොන්ටේරා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි (ජාත්‍යන්තර වෙළඳ) ජුඩිත් ස්වොල්ස්  මහත්මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. එම කිරිපිටි තොගය  නිල වශයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීම ෆොන්ටේරා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජුඩිත් ස්වොල්ස්  මහත්මිය විසින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) සිදු කෙරිණි. රට පුරා සිටින ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් 70,000ක් වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාලහරහා මෙම කිරිපිටි ලබා දීමට නියමිතය. එම අවස්ථාවට එක් වූ ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති සහ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා ප්‍රකාශ කළේ, රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ දැක්ම වනුයේ සෑම පුරවැසියෙකුටම අවශ්‍ය පෝෂණය ලැබීම සහතික කිරීම බවයි.  එහි මූලික පියවරෙහි අරමුණු වඩාත් අවදානමට ලක් වූ පවුල්වල පෝෂණ අවශ්‍යතාවයන් සැපිරීමට සහාය දීම බවත් ඒ සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වීම ගැන ෆොන්ටෙරා සමාගමට ස්තූති වන බවත් ඒ මහතා පැවසීය. නිවැරදි දේ කිරීමට කැපවී සිටින වගකිවයුතු ආයතනයක් ලෙස, ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලාංකිකයින්ට උසස් තත්ත්වයේ කිරි පෝෂණය සැපයීමට උපරිමයෙන් කටයුතු කරයි. මෙම සත්කාර්ය, සමාගම පසුගිය වසර 40 තුළ ආරම්භ කර ඇති ප්‍රජා සේවයේ දිගුවකි.
Fibre வேகத்தை 200Mbps வரை அதிகரித்து SLT-MOBITEL 2023 ஐ வரவேற்றுள்ளது 

Fibre வேகத்தை 200Mbps வரை அதிகரித்து SLT-MOBITEL 2023 ஐ வரவேற்றுள்ளது 

இந்த ஊக்குவிப்புத் திட்டம் தொடர்பான மேலதிக தகவல்களை SLT-MOBITEL இணையத்தளமான www.sltmobitel.lk இலிருந்து பெற்றுக் கொள்ளலாம். 2023 ஆம் ஆண்டு வருடப்பிறப்பை கொண்டாடும் வகையிலும், மக்களின் டிஜிட்டல் வாழ்க்கையை மேம்படுத்தும் வகையிலும், தேசிய தகவல்.....
SLT-MOBITEL නව වසරට පියවර තබමින් ෆයිබර් සම්බන්ධතා වේගය  200Mbps දක්වා වැඩි කරයි

SLT-MOBITEL නව වසරට පියවර තබමින් ෆයිබර් සම්බන්ධතා වේගය  200Mbps දක්වා වැඩි කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2023 වර්ෂය ආරම්භයේදීම තම ෆයිබර්(Fibre) සම්බන්ධතාවන්හි ඩවුන්ලෝඩ්                   .....
සෙලාන් බැංකුව අඛණ්ඩව සිවුවැනි වරටත් LMD පාරිභෝගික විශිෂ්ටත්ව සමීක්ෂණයේ අංක එක ස්ථානය හිමිකරගනී 

සෙලාන් බැංකුව අඛණ්ඩව සිවුවැනි වරටත් LMD පාරිභෝගික විශිෂ්ටත්ව සමීක්ෂණයේ අංක එක ස්ථානය හිමිකරගනී 

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති LMD පාරිභෝගික විශිෂ්ටත්ව සමීක්ෂණයේදී අඛණ්ඩව සිවුවැනි වරටත් අංක එක ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.  මෙම ජයග්‍රහණය,.....
සර්වෝදය සංවර්ධන මුල්‍ය සමාගම විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්වය(TAGS)  වාර්තාකරණය සඳහාවූ රන් සම්මානයෙන් පිදුම් ලබයි. 

සර්වෝදය සංවර්ධන මුල්‍ය සමාගම විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්වය(TAGS)  වාර්තාකරණය සඳහාවූ රන් සම්මානයෙන් පිදුම් ලබයි. 

විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්ව (TAGS) වාර්තාකරණය සඳහා පෙන්නුම් කළ කැපවීම සහ විශිෂ්ටත්වය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී සංවර්ධන මූල්‍ය සමාගමක්වන සර්වෝදය සංවර්ධන මුල්‍ය සමාගම.....
வர்த்தக மகளிர் Tag Rugby Sevens போட்டியில் CDB அணி வெற்றி

வர்த்தக மகளிர் Tag Rugby Sevens போட்டியில் CDB அணி வெற்றி

சிட்டிசன்ஸ் டிவலப்மன்ட் பிஸ்னஸ் ஃபினான்ஸ் பிஎல்சியின் (CDB) மகளிர் ரக்பி அணி, அண்மையில் இடம்பெற்ற வர்த்தக மகளிர் Tag Rugby Sevens போட்டித் தொடரின் சம்பியன்களாக வெற்றி வாகை சூடியிருந்தனர். இந்த வெற்றியைப் பெறுவதற்கு,.....
CDB, වෙළෙඳ සේවා කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලියේ අපරාජිත ශුරයන් ලෙස කිරුළු පළඳී

CDB, වෙළෙඳ සේවා කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලියේ අපරාජිත ශුරයන් ලෙස කිරුළු පළඳී

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) හි කාන්තා රග්බි කණ්ඩායම පසුගියදා නිමා වූ වෙළෙඳ සේවා කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලියේ අපරාජිත ශුරයන් බවට පත්විය. සිය.....
අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම දොළොස්බාගේ ග්‍රාමීය පාසලකට පිරිසිදු පානීය ජල පහසුකම් පරිත්‍යාග කරයි

අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම දොළොස්බාගේ ග්‍රාමීය පාසලකට පිරිසිදු පානීය ජල පහසුකම් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම (Allianz Lanka), දොළොස්බාගේ ප්‍රදේශයේ අවම පහසුකම් සහිත පාසලක් වන කෙලී ගෲප් ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය.....