PFEC Global, සිය මුල්ම අධ්‍යාපනික ප්‍රදර්ශනය, “World Study Fair” කොළඹදී සාර්ථකව පවත්වයි

Share with your friend

විදේශ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ලොව පිළිගත් ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන PFEC Global, සිය මුල්ම “World Study Fair” අධ්‍යාපනික ප්‍රදර්ශනය පසුගියදා කොළඹදී අතිශය සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. ඕස්ට්‍රේලියාව මූලස්ථානය කරගනිමින් පිහිටුවා ඇති මෙම ආයතනය ඉකුත්දා පවත්වන ලද එම ප්‍රදර්ශනය, මෙරට සිය ගණනක් සිසුන්ගේ විදේශ අධ්‍යාපන සිහිනය සැබෑවක් බවට පත්කරන ගමනේ මුල්ම පියවර විණි. 

PFEC Global හි ප්‍රධාන විධායක නිලධාරී එම්.ඩී. ෂයිදුල් ඉස්ලාම් මහතා ප්‍රදර්ශනයේදී අදහස් දක්වමින්.

ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ කැනඩාව යන රටවල ඉහළම පෙළේ විශ්ව විද්‍යාල මෙන්ම අනෙකුත් අධ්‍යාපනික ආයතන  හා අත්වැල් බැඳ ගනිමින් මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණේ, තම විදෙස් අධ්‍යාපනික සිහිනය සැබෑ කර ගැනීමට සුදුසුම මග සොයන ශ්‍රී ලාංකික සිසුන්ටත්, ඔවුන්ගේ දෙමව්පියන්ටත් එම අරමුණු සපල කරගැනීමට සෘජුවම දොරටු විවර කරමිනි. 

මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය සමග එක්වූ මෙරට සිසුන්ට ලොව පිළිගත් අධ්‍යාපනික ආයතන 100 කට වැඩි සංඛ්‍යාවක ජාත්‍යන්තර නියෝජිතයින් හා සාකච්ඡා කිරීමෙන් තමන් කැමති අධ්‍යයන මාවත තෝරා ගැනීමට අවස්ථාව ලැබිණි. එමෙන්ම විදෙස් අධ්‍යාපනය ලබන සිසුවකු සපුරා ගත යුතු සුදුසුකම්, ඔවුන්ට ලබාගත හැකි ශිෂ්‍යත්ව මෙන්ම පශ්චාත් අධ්‍යාපනික අවස්ථා හා තම වෘත්තීය අපේක්‍ෂාවන් පිළිබඳව පැහැදිලි අවබෝධයක්ද එහිදී සිසුන්ට ලබාගත හැකි විය. සිසුන්ගේ අධ්‍යයන විස්තර ඇගැයීමද එම ප්‍රදර්ශනයේදීම සිදුකෙරුණු අතර, ඔවුන්ට ශිෂ්‍යත්ව අවස්ථාවන් උදාකර ගැනීමට මෙන්ම සහන ගාස්තු යටතේ අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය මඟ පෙන්වීම්ද සිදු කරනු ලැබිණි. සිසුන්ට තම අධ්‍යයන ගමන සඳහා සුරක්ෂිතව තැබිය හැකි මුල්ම පියවර ලෙස දීමනා යටතේ අධ්‍යාපනය හැදෑරීම සඳහා අවශ්‍ය ලිපිද ප්‍රදර්ශනය තුළින්ම ලබා ගැනීමට හැකි වීම විශේෂත්වයකි. එපමණක් නොව, විදෙස් අධ්‍යාපනය සිසුන්ට  දැරිය හැකි මිලකට, පහසුවෙන්ම සැබෑ කරගත හැකි සිහිනයක් බවට පත්කළ මෙම ප්‍රදර්ශනය හරහා තම අනාගත අඩිතාලම දැමූ සිසුන්ට,  කිසිදු ගාස්තුවකින් තොරව විශ්ව විද්‍යාල සඳහා අයදුම් කිරීමේ හැකියාව සැලසුණු අතර, ගුවන් ටිකට්පත් සඳහා වට්ටම් හා ගමන්මලු දීමනා ද ඇතුළත්ව සුවිශේෂී වරප්‍රසාද ලබා ගැනීමට හැකි විය. 

මෙම ප්‍රදර්ශනයේ සාර්ථකත්වය පිළිබඳව, PFEC Global හි ප්‍රධාන විධායක නිලධාරී එම්.ඩී. ෂයිදුල් ඉස්ලාම් මහතා මෙසේ අදහස් දැක්විය. “මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකික සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ලැබුණු ප්‍රතිචාර අතිවිශිෂ්ටයි. විදෙස්ගතව අධ්‍යාපන ලැබීමට මේ තරම් උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන් පිරිසක් ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සමග සෘජුවම සම්බන්ධ කිරීමට හැකිවීම අපට ආඩම්බරයට කාරණයක්. මෙම ප්‍රදර්ශනය, ආරම්භයක් පමණයි. දක්ෂ ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තර වශයෙන් දියුණුව සාක්ෂාත් කරගැනීමට දොරටු විවර කිරීමට අපි තවදුරටත් කැපවී සිටිනවා.” 

PFEC Global Sri Lanka ආයතනයේ ප්‍රධානී නව්දීප් කෝර් මහත්මියද අදහස් දැක්වූවාය.  “මෙම ප්‍රදර්ශනයට පැමිණි සිසුන් තම අධ්‍යාපන ගමන් මග සාක්ෂාත් කර ගැනීමට පිරිනැමුණු දීමනා සමග, අනාගතය පිළිබඳව පැහැදිලි අවබෝධයකින් පිටව යන ආකාරය දැකගැනීමට හැකිවීම, පුදුමාකාර සතුටක් දැනවූ  කාරණයක්.  අපගේ ඉලක්කය, සිසුන්ගේ විදේශ අධ්‍යාපන ගමන සරල කරමින් ඔවුන් බලගැන්වීමයි. මෙම ප්‍රදර්ශනය මගින් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල නියෝජිතයින් සමඟ සිසුන් සෘජුවම සම්බන්ධ කිරීමෙන් සිසුන්ගේ එම අධ්‍යාපන ගමනට කොයිතරම් දුරට බලපෑමක් කල හැකිද යන කාරණය මැනවින් ඔප්පු වුණා.” 

2006 වසරේ පටන්ම, සිසුන්ට තම ජාත්‍යන්තර අධ්‍යාපන සහ සංක්‍රමණික ඉලක්ක ජය ගැනීම සඳහා නිසි මග පෙන්වීම් කරන පුරෝගාමී අධ්‍යාපනික උපදේශන ආයතනයක් වන PFEC Global, ඕස්ට්‍රේලියාව මූලස්ථානය කරගනිමින් පිහිටුවා ඇති ලොව පිළිගත් ආයතනයකි. ලොව පිළිගත් විශ්ව විද්‍යාල හා අධ්‍යාපනික ආයතන  550 කට අධික ප්‍රමාණයක් සමග අත්වැල් බැඳගනිමින් කටයුතු කරන  PFEC Global, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පුරා පවත්වාගෙන යන ශාඛා එකොළහක් හරහා මේ දක්වා 22.000 කට අධික සිසුන් පිරිසකගේ අධ්‍යාපන ගමනෙන් ඔවුන් සාර්ථකව එතෙර කර තිබෙන අතර, තම විදෙස් අධ්‍යාපන ඉලක්කය  සාර්ථක ජය ගැනීම සඳහා අවසානය දක්වාම සහය සොයන ලොව පුරා සිසුන්ගේ විශ්වාසය දිනූ, කීර්තිමත් නාමයක් බවට PFEC Global පත්ව තිබේ. 


Share with your friend