Playdium ශ්‍රී ලංකාවේ ප්‍රථම  Bowling League තරගාවලිය සාර්ථකව සංවිධානය කරයි 

Share with your friend

ශ්‍රී ලංකාවේ තුළ bowling ඇතුළු විනෝදාස්වාද පහසුකම් සැපයීමේ ප්‍රමුඛයාවන Playdium සමාගම විසින් සංවිධානය කරන ලද Playdium Pin League (PPL) පළමු අදියර පසුගිය සැප්තැම්බර් 11 වැනිදා අති සාර්ථක අන්දමින් පැවැත්වුණි. 

Panther Paces කණ්ඩායම Playdium Pin League ශූරතාවලිය දිනාගත් මොහොත

පළමු වරට සංවිධානය කරන ලද මෙම තරගාවලියට කණ්ඩායම් 22ක් නියෝජනය කරමින් තරගකරුවෝ 10කට වැඩි ප්‍රමාණයක් එක්වූ අතර, ඔවුහු ආයතනික සහ විවෘත අංශවලින් තරගවැදුණහ. ජාත්‍යන්තර තරගාවලි සඳහා භාවිතකරන Brunswick Champion standard bowling alleys මෙම තරගාවලියට යොදාගැනීම විශේෂත්වයක් විය. 

Panther Paces කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනාගත් අතර, Fireball සහ Ball Burners කණ්ඩායම්, පිළිවෙළින් අනුශූරතාව සහ තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත්වූහ. 

″ශ්‍රී ලංකාවේ ප්‍රථම Bowling League තරගාවලියට සත්කාරකත්වය සැපයීම ගැන අපි මහත් සේ ආඩම්බරයට පත්වෙනවා.  අපේ දැක්ම වන්නේ තරගකාරීත්වය සහ විනෝදාස්වාදය එකට මුසුවුණු, එමෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින්ට සමීපකිරීමයි. මෙවර තරගාවලියේ සාර්ථකත්වය තුළින් Bowling ක්‍රීඩාවට ශ්‍රී ලංකාව තුළ ඇති උද්‍යෝගය හොඳින් පිළිබිඹු වෙනවා. ඉදිරියේදී වසර දෙකින් දෙකට මෙම තරගාවලිය සංවිධානය කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා″, යනුවෙන් Playdium අධ්‍යක්ෂ අශාන් ද ලිවේරා මහතා ප්‍රකාශ කළේය. 

දෙවැනි තැන දිනාගත් Fireball (වමේ) කණ්ඩායම සහ තෙවැනි තැන දිනාගත් Ball Burners (දකුණ) කණ්ඩායම

ෂැංග්‍රිලා One Galle Face සුපිරි සාප්පු සංකීර්ණයේ බිම් මහලේ පිහිටි Playdium යනු ජාත්‍යන්තර  අත්දැකීමක් සමීප කරන ශ්‍රී ලංකාවේ දැවැන්තම bowling සහ විනෝදාස්වාද පරිශ්‍රයයි. Brunswick Champion ප්‍රමිතියේ bowling lane වලට අමතරව දියුණු ලකුණු සටහන් කිරීමේ ක්‍රමවේදයක් ද එය සතු අතර, සමස්ත පරිශ්‍රයේ ඉඩ ප්‍රමාණය වර්ග අඩි 20,000කට අධික ය. එමෙන්ම bowling ක්‍රීඩාවට අමතරව, වෙනත් ආකේඩ් ක්‍රීඩා, කුඩා ළමුන්ගේ ක්‍රීඩා ස්ථානයක්, VR ක්‍රීඩා කලාපයක්, බම්පර් කාර් පිටියක්, කැරෝකේ පහසුකම්, පෞද්ගලික සාද පැවැත්වීමේ ස්ථාන සහ Champions Table අවන්හල ආදී පහසුකම් රැසක් මෙහි ඇත. 

අති නවීන පහසුකම් සමඟින් කොළඹ නාගරික විනෝදාස්වාද අංශය තුළ සුවිශේෂී වෙනසක් ඇතිකිරීමටත්, ආයතනික කණ්ඩායම් ක්‍රියාකාරකම්, තරගකාරී ක්‍රීඩා තරගාවලි, සමාජ හමු, පවුලේ සාද මෙන්ම සංචාරක කටයුතු ආදියට පහසුකම් සැලසීමටත් Playdium සමත්වී තිබේ. 


Share with your friend