කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) දායකත්වය සහිතව “QofL” (Quality of Life) නාමයෙන් රූපලාවණ්‍ය හා සෞඛ්‍යාරක්ෂණ නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇත. සොබාදහමේ යහගුණ සුරැුකෙන ආකාරයෙන් වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන ආ විද්‍යාත්මක පර්යේෂණයන්ගේ ප්‍රතිඵල නවීන තාක්ෂණය හා මුසුකොට උසස් තත්ත්වය, සෞඛ්‍යාරක්ෂිතබව හා QofL නිෂ්පාදන සකස් කෙරේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ IBMBB පර්යේෂණ කණ්ඩායමේ සහයෝගීතාවයෙන් සකස් කරන ලද “QofL” සන්නාමයේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කෙරේ. ස්වභාවික අමුද්‍රව්‍ය යොදා සොබාදහමේ යහගුණ සුරැකෙන ආකාරයේ සෞඛ්යාරක්ෂිත නිෂ්පාදන ක්‍රමවේදයකින් සකස් කෙරෙන QofL භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵල විද්‍යාත්මකව තහවුරු කොට ඇත. වේගයෙන් වෙනස් වෙන තරගකාරී ලෝකයේ වෙනස්වන ජීවන අවශ්‍යතාවන්ට සරිලන ආකාරයෙන් QofL නිෂ්පාදනය කෙරේ. සෞඛ්‍ය සම්පන්න ප්‍රීතිමත් දිවියක් උදෙසා සොබාදහමේ යහගුණය රැුඳි නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් දෙස් විදෙස් කීර්තිය දිනූ ෆැඞ්නා නිවසේ නවතම නිෂ්පාදන පෙළ ලෙස “QofL” සන්නාමයේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කෙරේ.
සෛල වර්ධනය වීම වැළැක්විය හැකි බව විද්‍යානුකූලව තහවුරු කළ නිෂ්පාදනයක් වන VERNOLAC කැප්සියුල්, සෞඛ්යාරක්ෂිත ලෙස ස්ථූලතාවය පාලනය කිරීමෙහිලා සකස් කළ BIO SHAPE කැප්සියුල් සහ සන්ධි හා මාංශපේශීන්ගේ ඇතිවන වේදනාවන්ට ඉක්මන් හා කල්පවත්නා සහනයක් ගෙන එන වේදනා නාශක ආලේපනයක් වන ORTHO-SHIELD යන නිෂ්පාදනයන් IBMBB පර්යේෂණ කණ්ඩායමේ විශිෂ්ඨත්වය ප්‍රකට කරවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා බුද්ධිමය හා තාක්ෂණික දායකත්වයක් දක්වන ප්රමුඛ පෙළ විශ්ව විද්‍යාලයක් ලෙස කීර්තිමත් කොළඹ විශ්ව විද්‍යාලය විසින් දේශීය කර්මාන්ත හා ව්‍යාපාරික ආයතන රැුසක නිෂ්පාදනයන්ගේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීම උදෙසා මහඟු දායකත්වයක් සපයනු ලබයි. සෞඛ්‍ය සම්පන්න ප්‍රීතිමත් දිවියක් උදෙසා සොබාදහමේ යහගුණය රැඳි නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් දෙස් විදෙස් කීර්තිය දිනූ ෆැඞ්නා නිවසේ සුවිශේෂී කාණ්ඩයේ නවතම නිෂ්පාදන පෙළ ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ IBMBB පර්යේෂණ කණ්ඩායමේ සහයෝගීතාවයෙන් සකස් කරන ලද “QofL” සන්නාමයේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කෙරේ.