Raffles, ක්ෂේත්‍රයේ 25 වසරක ඔරොත්තු දීමේ හා නවෝත්පාදන හැකියාව සමරන විශිෂ්ටත්ව ගමන්මග සනිටුහන් කරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ පාරිභෝගික ආදරය දිනාගත් Raffles Consolidated (Pvt) Ltd හි 25 වැනි සංවත්සරය 2024 දෙසැම්බර් මස 01 වැනිදාට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ඉදිරි වසර කිහිපය ඉලක්ක කරගත් සුවිශේෂී සැලසුම් ගණනාවක් සමගින් සමාගම
එළඹෙන වර්ධනීය යුගය කරා පියවර තබයි. 

2025 නව වසරේ ආරම්භයේ පටන්, සමාගමේ මීළඟ වර්ධනීය යුගය කරා රැගෙන යන එම සැලසුම් සාර්ථකව දියත් කිරීම අපේක්ෂාවයි. මෙරට හෝටල් ක්ෂේත්‍රයේ අභියෝගාත්මක වසර කිහිපයකට පසුව, සංචාරක ව්‍යාපාරය නැවතත් යථා තත්ත්වයට පත්වෙද්දී, 2025 වසරේදී සමාගමේ කාර්යයන් තවදුරටත් පුළුල් කිරීමටත්, බුටික් හෝටල් කළමනාකාරීත්වය වෙත යොමුවීමටත් සමාගම සූදානම් වේ.  ඒ, මෙරට සංචාරක ක්ෂේත්‍රය දිනෙන් දින අත් කරගන්නා වර්ධනීය තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීම අරමුණු කරමිනි. ඒ අනුව, දිවයින පුරාම වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමිකර ගන්නා ස්ථානවල පිහිටි මෙම හෝටල්, එම ප්‍රදේශයේ ආවේණික සංස්කෘතික ලක්ෂණද විදහා දක්වමින්, එක් එක් සංචාරකයා වෙනුවෙන්ම සුවිශේෂී, ඉහළම සුඛෝපභෝගී අත්දැකීමක් පිරිනමනු ලබයි. එපමණක් නොව, කලක් තිස්සේ ඉහළම පාරිභෝගික ආකර්ෂණය දිනාගත්, නිරන්තරයෙන් ප්‍රභූන් ගැවසුණු ස්ථානයක් වන, අංක 35, බගතලේ පාර, කොළඹ 03 ලිපිනයෙහි පිහිටි Raffles අවන්හල වැනි ස්ථානයක් නැවතත් එළඹෙන වසරේදී විවෘත කිරීමටද සමාගම අපේක්ෂාවෙන් පසු වෙයි. එම අවන්හල ප්‍රදේශයේ සුවිශේෂී සලකුණක් බවට පත්කිරීම Raffles හි අපේක්ෂාව වන අතර, ඒ සමගින් ප්‍රදේශයේ පාරිභෝගිකයින් වෙත ආහාර කලාවේ විශිෂ්ටත්වය මුසු, ප්‍රණීත පිරි ආහාර පාන අත්දැකීමක්ද හිමි වේ. 

1999 වසරේ ආහාර පාන ක්ෂේත්‍රයට පිවිසුණු Raffles ආයතන හා එළිමහන් උත්සව සඳහා කේටරින් සේවාවන් සපයන සමාගමක් ලෙස ආරම්භ විණි. එතැන් සිට උත්සව අංග ගණනාවක් වෙනුවෙන් ආහාර සපයන, ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ආයතනයක් ලෙසින් වර්ධනයක් අත්කර ගනු ලැබුවේ කැෆේ, ආයතන සහ උත්සව යන ප්‍රධාන කාණ්ඩ තුන සඳහා කේටරින් සේවා සපයන සමාගමක් බවටද පත් වෙමිනි. 2001 වසර වන විට ආයතනික අංශය සඳහා ආහාර පාන සැපයීම ආරම්භ කළ Raffles එම කාර්යයට අත ගැසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක අවන්හල් පවත්වාගෙන යාම සඳහා කොන්ත්‍රාත් දිනා ගනිමිනි. පෙර, 350 දෙනකුගෙන් යුත් ආයතනික කාර්ය මණ්ඩලයක් සඳහා ආහාර පාන සැපයූ Raffles මේ වන විට කර්මාන්තශාලා ගණනාවක උදේ, දිවා හා රාත්‍රී ප්‍රධාන ආහාර වේල් සපයන ප්‍රමුඛ සැපයුම්කරුවෙකු ලෙසින් කටයුතු කරයි. ආයතන සඳහා ආහාර පාන සැපයීම Raffles හි ව්‍යාපාරික කටයුතු අතර මුල්තැන හිමිවන කාර්යයක්ද වෙයි. 

2016 වසරේ දී Raffles Residence පරිශ්‍රය විවෘත කරමින් සමාගමේ කටයුතු තවදුරටත් පුළුල් කරනු ලැබුවේ, පාරිභෝගිකයන්ට සිය ජීවිතයේ අමතක නොවන උත්සව අවස්ථාවන් සැමරීම සඳහා හොඳම පරිශ්‍රයක් පිරිනමිනි. එම පරිශ්‍රය සුඛෝපභෝගීත්වයේ සංකේතයක් බඳුව නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පිහිටා තිබේ. අමුත්තන් 100 ක හා 300 ක පමණ පිරිසකට නිදහසේ එක් රැස්ව ප්‍රීති සම්භාෂණ පැවැත්විය හැකි ශාලා දෙකකින් සමන්විත මෙම පරිශ්‍රය තුළදී සියලුම කේටරින් හා උත්සව අවශ්‍යතාද Raffles Residence ඉටු කර දේ. වැඩිවන පාරිභෝගික ආකර්ෂණය සමගින් මේ වනවිට එහි අභ්‍යන්තරික නවීකරණ කටයුතු තවදුරටත් සිදු කෙරෙන අතර, Raffles සිය 25 වැනි සංවත්සවය සමරන දෙසැම්බර් 01 වැනිදා සුභ මොහොතින් එය මහජනතාව සඳහා විවෘත කෙරේ. 

සිය 25 වසරක ගමන් මඟ පිළිබඳව Raffles නිර්මාතෘ හා සභාපති ටෝනි බොහොරාන් මෙලෙස සඳහන් කළේය. “ගතවුණු 25 වසරක කාලය පුරාම වසංගත හා ආර්ථික අර්බුදය වැනි බාධක හමුවේ වුණත්, කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් සමගින් සාර්ථක වර්ධනයක් අත්පත් කර ගැනීමට Raffles වෙත හැකියාව ලැබුණා. දුෂ්කර තත්ත්වයන්ට වේගයෙන් අනුවර්තනය වෙමින් නව ආකාරයෙන් කටයුතු කිරීම තුළින් එම අභියෝග සාර්ථක ලෙස ජයගැනීමට අපට හැකි වූ බව ප්‍රකාශ කිරීම සතුටක් වගේම ආඩම්බරයක්.”

Raffles හි ප්‍රධාන විධායක නිලධාරි උපුල් ගමගේ මහතා ද මේ පිළිබඳව සිය අදහස් පළ කළේය. “අවුරුදු 25 ක කාලය තුළ අපගේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමේදී ඔරොත්තු දීමේ හැකියාව, සෑම අවස්ථාවකම පොදු කාරණයක් බවට පත්ව තිබුණා. අභියෝග ජයගැනීමට අප සතු හැකියාව නිසාම, අපේ ව්‍යාපාරික ගමන් මගේ නවතම පරිච්ඡේදයක් කරා එළඹෙද්දී, නව ව්‍යාපාරික ක්ෂේත්‍ර කරා විශ්වාසයෙන් යුතුව පිවිසීමට අප තුළ විශ්වාසය ගොඩනැගී තිබෙනවා. අපගේ අපූරු කණ්ඩායම සතු වැඩ කිරීමේ ආශාව, කැපවීම හා වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීමේ හැකියාව නිසා අනාගත සැලසුම් සියල්ලක්ම සාර්ථක වන බවට අප තුළ සුබවාදී බලාපොරොත්තු පවතිනවා.” 

Raffles හි සාර්ථකත්ව ගමන් මගෙහි රහස නම්, සමාගම විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමට ඇති කැපවීම අවධාරණය කරමින්, ක්ෂේත්‍රයේ ප්‍රමිති සහතික හිමිකර ගනිමින්, සේවා ප්‍රමිතීන් ඉහළින්ම අනුගමනය කිරීම සඳහා අවධානය යොමු කිරීමයි. ආයතනයේ සියලුම අංශ නියමිත ප්‍රමිතීන්ට අනුව කටයුතු කෙරෙන බව සොයා බලමින්, ආහාර සුරක්ෂිතාව  සහතික කිරීම සඳහා ආයතනයේ තත්ත්ව පරීක්ෂණ කණ්ඩායම  පැය 24 පුරාම කටයුතු කරයි. ඊට අමතරව, ආයතන සඳහා දිනපතාම නැවුම් හා ගුණාත්මක තත්ත්වයෙන් යුතු ආාහාර ‌බෙදාහරින  බව සහතික කරන පුළුල් සැපයුම් ජාලයක්ද Raffles සතු වෙයි. 


Share with your friend