Rakuten Viber සහ Mineski Global එක්ව විනෝදාශ්වාදය සමගින් Viber හි mgames chatbot එළිදක්වයි

Share with your friend

පුද්ගලික ලොබි හරහා ප්‍රජාවන්ගේ ක්‍රීඩා අතර උද්යෝගය සොයමින් ලොව ප්‍රමුඛ පෙළේ පණිවිඩ යැවීමේ යෙදුම තුළ Hypercasual ක්‍රීඩාවන්ට පිවිසෙන්න

Rakuten Viber හා Mineski Global සමඟ සහයෝගීතාවය ඇතිව ලොව ප්‍රමුඛ පෙළේ පණිවුඩකරණ යෙදුම වන Viber තුළ ආකර්ෂණීයව සහ පහසුවෙන් ක්‍රීඩා කළ හැකි අති නවීන වූ ජංගම වීඩියෝ ක්‍රීඩා (Hypercasual Games) හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

ආසියා පැසිෆික් කලාපය පුරා විසිරී සිටින Viber පරිශීලකයින් සඳහා 2022 වසරේ ජූනි මාසයේ සිට Viber හි mgames chatbot හරහා සෑම මසකම නව ක්‍රීඩා හඳුන්වාදීමට නියමිත අතර ඒ සමඟින්, Hypercasual ක්‍රීඩා 70ක් දක්වා නොමිලේ සහ පහසුවෙන් ක්‍රීඩා කිරීමට ප්‍රවේශය ලබා දී ඇත. mgames යනු Mineski Global සමාගම විසින් නිර්මාණය කරන ලද ජංගම වීඩියෝ ක්‍රීඩා වේදිකාවක් වන අතර ක්‍රීඩා කිරීමට පහසු මෙන්ම ක්‍රීඩාව හා සම්බන්ධ නියමයන් සහ සැලසුම් අනුව සැහැල්ලු ලෙස ක්‍රීඩා කිරීම සඳහා පුළුල් අවස්ථා රැසක් සලසා දී ඇත.

“විවිධ වූ පරිශීලකයින් සඳහා ජංගම ක්‍රීඩා අපගේ වේදිකාවට ඒකාබද්ධ කිරීමට Mineski Global සමාගම සමඟ අප ඇති කරගත් සහයෝගීතාවය පිළිබඳව සතුටට පත් වන බව Rakuten Viber හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩේවිඩ් ට්සේ පවසයි. ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි.”අපි Viber තුළින්  හුදෙක් ක්‍රීඩාවක් පමණක් එළිදක්වන්නේ නැත. අපිට අවශ්‍ය වන්නේ මේ හරහා Hypercasual ක්‍රීඩකයින්ගේ ප්‍රජාවක් ගොඩනැඟීමටයි. අපගේ පරිශීලකයින්ට ක්‍රීඩා වින්දනයක් තුළින් එකිනෙකා අතර අන්තර් සබඳතා සහ සන්නිවේදන ක්‍රියාවන් වැඩි දියුණු කිරීම සඳහා තවත් මාවතක් සලසා දීම අපගේ අපේක්ෂාවයි.” 

ඇදහිය නොහැකි ලෙස වචන ගලපන්නන් (Word Masters) සහ ත්‍රාසය සොයන ඇඩ්‍රිනලින් ලෝලීන්ගේ සිට අපූරු ප්‍රහේලිකා විසඳන්නන් සහ තරඟකාරී ධාවකයන් ඇතුළුව  Viber භාවිතා කරන සියල්ලන් සහ වයස් කාණ්ඩ සඳහා විවිධ වූ විකල්ප සමඟින් නියත වශයෙන්ම මෙහි ක්‍රීඩාවක් නිර්මාණය වී ඇත.

මෙම Hypercasual ක්‍රීඩා මගින් Viber පරිශීලකයින්ට තරඟකාරීව ත්‍යාග දිනා ගැනීමට සහ එම ක්‍රීඩා වල ප්‍රමුඛත්වයන් හිමි කර ගැනීම සඳහා ඔවුන්ගේ Viber ජාලය ඉඩ සලසා දෙයි. පරිශීලකයින්ට ඔවුන්ගේම පුද්ගලික ලොබි නිර්මාණය කිරීමට සහ Viber මත ඔවුන්ගේ මිතුරන් සහ පවුලේ අය සමඟ ප්‍රීතිමත් කාලයක් ගත කළ හැකිය.

”ක්‍රීඩාවේ සමාජ පැතිකඩ බොහෝ විට නොසලකා හරිනවා. නමුත් එය පාරිභෝගික හැසිරීම් දිරිමත් කරන බව අපි විශ්වාස කරනවා. උදාහරණයක් ලෙස, Viber හි mgames වල පුද්ගලික ලොබි තිබෙනවා. එම නිසා පරිශීලකයින්ට ඔවුන්ගේ පවුලේ අය සහ මිතුරන් සමඟ මිත්‍රශීලී තරඟ පැවැත්වීමේ හැකියාව පවතිනවා. මෙය සහ අනෙකුත් විශේෂාංග තුළින් ඔබගේ පණිවිඩ යැවීමේ යෙදුම වඩාත් උනන්දුවක් ඇතිකරවන අත්දැකීමක් බවට පත් කරන නව්‍යතාවයක් එක් කරනවා. ” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mineski Global සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොනාල්ඩ් රොබින්ස් පවසයි.

”ජංගම දුරකථන වීඩියෝ ක්‍රීඩා වල රසිකයෙක් ලෙස මට Viber හි මෙම නව එකතු ඉතාමත් විනෝදජනකයි. එය මට මගේ මිතුරන් සමඟ අත්විඳිය හැකි තවත් උද්යෝගිමත් ක්‍රියාවක්.” බව මෙම අවස්ථාවට සහභාගී වූ පිලිපීන අන්තර්ගත නිර්මාතෘ කයිල් වර්ගාරා පැවසීය. Viber හි ඇති mgames අපට ලඟ නොසිට දුරස්ථව හෝ සම්බන්ධ වීමට ඉඩ සලසා දෙනවා. මම ඉදිරියේදී මිතුරන් සමඟ විනෝදාත්මක තරඟ පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා” යැයි වර්ගාරා වැඩිදුරටත් අදහස් දැක්වීය.

“ක්‍රීඩා කිරීමෙන් තමන්ට සතුටක් ගෙන දෙන බව උද්යෝගිමත් ක්‍රීඩා අන්තර්ගත නිර්මාපකයෙකු වන ෂායි ඔර්ටිලී පවසයි. Viber හි මෙම ක්‍රීඩා මට මගේ මිතුරන් සහ සහෝදර සහෝදරියන් සමඟ සහ මගේ දෙමාපියන් සමඟ පවා බෙදා ගැනීමට ඉඩ සලසනවා. මෙම Hypercasual ක්‍රීඩා තුළින් අනෙක් අයට ක්‍රීඩා කිරීමෙහි සතුට සොයා ගෙන යාමටත්, ඔවුන් කැමති නම් ඒ සඳහා ලැදි වූ  ක්‍රීඩකයින් වීමටත් මග පාදනු ඇතැයි මම අපේක්ෂා කරනවා “යැයි ඔහු සඳහන් කරයි.

පසුගිය ජූනි 8 වන දින Mandaluyong නගරයේ පැවති Viber හි mgames chatbot මාධ්‍ය වෙත එළිදැක්වූ අවස්තාව අතරතුර පිලිපීන ජනමාධ්‍ය සාමාජිකයින් සහ ඇතැම් අන්තර්ගත නිර්මාපකයින් ආකර්ෂණීය ත්‍යාග දිනා ගැනීම සඳහා තරඟ කරමින් විනෝදයක් අත්විඳිනු ලැබුහ. නේපාලයේ සහ බංගලාදේශයේ ජනමාධ්‍ය සාමාජිකයන්ද ඊට මාර්ගගතව සම්බන්ධ විය. මෙම උත්සවයේදී පුද්ගලික ලොබිවල ක්‍රීඩා කරන ලද සමහර ක්‍රීඩා වූයේ Tako Block ක්‍රීඩාවයි. මෙය ප්‍රීතිමත් හා නිමක් නැතිව ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාවක් වන අතර එහිදී ක්‍රීඩකයින්ට බාධක බිඳ ගෙන හෝ ඒවා හරහා යාමට Tako Block තැනීමට අවශ්‍ය වේ. Whack A Mole ක්‍රීඩාව කාලානුරූපී විනෝදාත්මක සහ වේගවත් අයුරින් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ විනෝදය හා අත්දැකීම තව තවත් ලබා  දීමට ඉඩ සලසා දෙයි. Furious Speed ක්‍රීඩාව ක්‍රීඩකයින්ගේ ඇඩ්‍රිනලින් හෝමෝනය වැඩි කරවන විස්මිත වූ මෝටර් රථ හඹා යාමේ ක්‍රීඩාවකි.

”Viber සමඟ අප ඇතිකර ගත් හවුල්කාරිත්වය මේ තුළින් ප්‍රතිලාභදායක අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා වන අපගේ කැපවීම පිළිබිඹූ කරන්නක්. මෙම ඒකාබද්ධ වූ  Hypercasual ක්‍රීඩා ඔස්සේ ප්‍රජාවන් අතර  ආදරයක් ගොඩනැගීම Mineski සමාගමේ මුල් අවදිය සිහිපත් කරවන අතර Viber හට පමණක් එක් කළ හැකි විශාල සහ විවිධ Hypercasual ක්‍රීඩා ප්‍රේක්ෂකයින් වෙත මෙම පොරොන්දුව ලබා දීම ගැන අපි ආඩම්බර වන බව ”Mineski හි ප්‍රධාන විධායක නිලධාරී රොනාල්ඩ් රොබින්ස් වැඩිදුරටත් සඳහන් කළේය.

දැන්ම Viber හි ක්‍රීඩා කිරීම ආරම්භ කර ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ විනෝදය බෙදා ගැනීමට පුද්ගලික ලොබි සදා ගන්න. Viber හි mgames ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට www.viber.com සහ www.mineskiglobal.com/mgames වෙත පිවිසීමෙන් හෝ සමාජ මාධ්‍ය හරහා Rakuten Viber සහ Mineski Global සෙවීමෙන් ලබා ගත හැකිය.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply