YKK HOLDING ASIA PTE. LTD. (YHA) හා YKK Lanka (Pvt) Ltd එක්ව, රියල් මැඩ්රිඩ් පදනම (RMF) හා අත්වැල් බැඳ ගනිමින් පවත්වන YKK ASAO ළමා පාපන්දු සායනය (YKK AKFC) 29 වැනි වරටත් සාර්ථකව නිමාවට පත්විණි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් අගෝස්තු 27 සිට 29 දක්වා දින තුනක් පුරා කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවති මෙම පාපන්දු සායනය, මෙවර ශ්‍රී ලංකාවේදී පවත්වනු ලැබුවේ තෙවැනි වරටයි. ක්‍රීඩාවේ ශක්තිය උපයෝගී කරගනිමින් තිරසාර අනාගතයක් මෙරට ගොඩනැංවීම උදෙසා YKK හි කැපවීම යළිත් වරක් එමගින් තහවුරු කරනු ලැබිණි.


මෙම පාපන්දු සායනය සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. YKK Holding Asia හි සභාපති කසුටෝ ඩයිමන් මහතා, YKK ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කී ටනාකා මහතා, YKK Lanka හි සාමාන්‍යාධිකාරී රවුෂාන් අසීම් මෙනෙවිය සහ රියල් මැඩ්රිඩ් පදනමේ කඳවුරු සහ සායන අධ්‍යක්ෂ, අන්ද්‍රෙස් මුන්තනෙර් බොරාහෝ මහතා මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
YKK AKFC ළමා පාපන්දු සායනය මුල් වරට ආරම්භ කරනු ලැබුවේ 2007 වසරේදීය. එම පුහුණු සායනය ඇරඹූ දා සිට මේ දක්වා රටවල් ගණනාවක අඩු පහසුකම් සහිත ළමුන් විශාල පිරිසකට එයින් සෙත සලසා තිබේ. ඒ අනුව, බංග්ලාදේශය, කාම්බෝජය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, මියන්මාරය, පකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය ඇතුළු ආසියාවේ රටවල් 12 ක, අඩු පහසුකම් සහිත දරුවන් 8,000 කට වැඩි පිරිසකට, පාපන්දු ක්‍රීඩාව තුළින් ඔවුන්ගේ ජීවිතවල සුබවාදී බලපෑමක් සිදුකර තිබේ. මෙම වසරේ පැවැති පාපන්දු සායනය මගින් ළමා නිවාස සහ අඩු පහසුකම් සහිත ප්‍රජාව අතරෙන් වයස අවුරුදු 8-17 වයස්වල පසුවන ළමුන් 300 ක් පමණ පිරිසකට ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු පුහුණු අත්දැකීමක් ලබාදෙන ලදී. ඒ සමගින්, ශ්‍රී ලාංකික පුහුණුකරුවන් 30 දෙනෙකුටද එම ජාත්‍යන්තර පාපන්දු පුහුණු අත්දැකීම ලබාගැනීමට අවස්ථාව සැලසිණි
මෙම පාපන්දු සායනය සඳහා ළමුන් සහභාගි කරගැණුනේ, වයස අනුව ඔවුන් කාණ්ඩගත කිරීමෙනි. ඒ අනුව, ළමා ක්‍රීඩකයින්ට (අවුරුදු 8–12) පාපන්දු ක්‍රීඩාව සම්බන්ධ මූලික කරුණු හඳුන්වා දුන් අතර, යොවුන් ක්‍රීඩකයින්ට (අවුරුදු 13–17) පාපන්දු ක්‍රමවේද, විනය සහ ක්‍රීඩාශීලීත්වය සම්බන්ධ උසස් කුසලතා වර්ධනය කරගැනීමට ඔවුන් පුහුණු කෙරිණි. මෙම පුහුණුව සෑම දරුවෙකුටම අමතක නොවන සුවිශේෂී පුහුණු අත්දැකීමක් බවට පත් කරමින්, පාපන්දු ක්‍රීඩාව සඳහා අවශ්‍ය ජර්සි, කොට කලිසම්, මේස්, බූට් ඇතුළත් සම්පූර්ණ පාපන්දු කට්ටලයක් ලබාදුන් අතර, පුහුණුව අවසානයේ පදක්කමක් හා සහතිකයක්ද ඔවුන්ට හිමි විය.
වැඩසටහනේ බැලපෑම තවත් ඉහළ නංවමින්, ශ්‍රී ලාංකික පාපන්දු පුහුණුකරුවන් 30 කට අධික සංඛ්‍යාවක් ඒකරාශි කරගනිමින් පැවති මෙම පාපන්දු සායනයේදී මෙරට පුහුණුකරුවන් RMF හි විශේෂඥ ජාත්‍යන්තර පුහුණුකරුවන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වුණු සුවිශේෂී පුහුණු සැසියකටද සහභාගී කර ගැණිනි. එහිදී ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු පුහුණු ක්‍රමවේද සහ තාක්ෂණික ක්‍රමවේද ඉගෙන ගැනීමට හැකියාව සැලසුණු අතර, මෙම පුහුණු වැඩසටහනෙන් අනතුරුවද මෙරට පාපන්දු ක්‍රීඩාවේ ඉදිරි පරපුර අඛණ්ඩව පුහුණු කිරීමට ඔවුන්ට හැකි වේ. ඒ බැව්, සහතික කරමින්, පාපන්දු පුහුණු උපකරණ, වැඩසටහනට සහභාගි වූ පාසල්වලට පරිත්‍යාග කෙරිණි. එමගින් ක්‍රීඩාව හරහා ප්‍රජාව තුළ දිගුකාලීන සංවර්ධනය ගොඩනැඟීම සඳහා YKK හි කැපවීමද, තවදුරටත් ශක්තිමත් විණි.
YHA හි සභාපති, කසුටෝ ඩයිමොන් මහතා මෙම වැඩසටහනේ පුළුල් අරමුණ පිළිබඳව අදහස් දැක්විය. “විශේෂයෙන්ම, මේ රටේ අඩු පහසුකම් සහිත දරුවන් දිරිගැන්වීමට පාපන්දු අසමසම ලෙසින් යොදාගත හැකියි. එය ක්‍රීඩාවක් වශයෙන් පමණක් භාවිත නොකර, මෙම වැඩසටහන තුළින් ළමුන් අතර කණ්ඩායම් හැඟීම, විනය, ආත්ම විශ්වාසය සහ ගෞරවය වගේ ජීවිතයට අවශ්‍ය ගුණාංග ඉගැන්වීමට පාපන්දු හරහා හැකි වුණු අතර, පුහුණුවෙන් පසුත් එම ගුණාංග දරුවන්ගේ ජීවිත හා බැඳී පවතිනවා. එමෙන්ම, ශක්තිමත් මිනිස් සබඳතා ගොඩනැංවිමටත් පාපන්දු ඉවහල් වනවා. ඒ හරහා ප්‍රජාව අතර ශක්තිමත් සම්බන්ධතා තුළින් සමගිය උදාකිරීමට මග පෑදෙනවා.”
මෙවර පාපන්දු සායන වැඩසටහනට, ආර්ක්ලෝ පිරිමි ළමා නිවාසය, ගාල්ල SOS ළමා ගම්මානය සහ පිළියන්දල SOS ළමා ගම්මානය වැනි, ළමුන්ට රැකවරණය හා ඔවුන්ගේ අභිවෘද්ධිය පිණිස අවස්ථාවන් උදාකර දෙන නිවාස රැසක සිටින දරුවන් ද එක්කර ගනිමින්, පාපන්දු හරහා ඔවුන්ගේ ජීවිතද ආලෝකමත් කර තිබේ. ප්‍රාදේශීය මට්ටමෙන් වැඩිම ළමුන් පිරිසක් වෙත YKK AKFC ළමා පාපන්දු සායනය ළඟාවන බවත්, සෑම ජන කොටසකටම දීර්ඝකාලීන ප්‍රතිලාභ එමගින් හිමිකර දෙන බවත් සහතික කරමින් දියත් වන මෙම වැඩසටහන, ආසියාවේ රටවල් පුරාම ක්‍රියාවට නැංවෙන, YHA වැඩසටහනේ මෙරට සමාජ සත්කාර වැඩසටහනයි.
පාපන්දු ක්‍රියාකාරකම්වලට අමතරව, YKK Lanka, මෙරට සෞඛ්‍ය සේවාව නඟා සිටුවීම සඳහාද සිය දායකත්වය ලබාදේ. ඒ අනුව, අවිස්සාවේල්ල මූලික රෝහල ප්‍රතිසංස්කරණය කිරීම වැනි සෞඛ්‍ය සේවා ව්‍යාපෘති ඇතුළු සමාජ සතාකාර වැඩසටහන් ශ්‍රී ලංකාවේ දියත් කිරීමටද එම සමාගම අඛණ්ඩව කැප වෙයි.
“අන් අයට ප්‍රතිලාභ ලබා නොදී කිසිවෙකුට සමෘද්ධියක් අත් නොවේ” යන අදහස පෙරදැරි කරගත් සමාගමේ මූලික දැක්ම වන CYCLE OF GOODNESS® ට අනුකූලව, YKK කැප වන්නේ, ළමුන්ගේ යහපැවැත්මට හා වර්ධනයට සහය වෙමින්, සියලු ළමුන් ඇතුළත් තිරසර සමාජයක් ගොඩනැගීමටයි.