Samsung වෙතින් උසස් තාක්ෂණයෙන් යුත් AI විශේෂාංගවලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

Share with your friend

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව පසුගියදා ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේය. Bespoke නිර්මාණ සැලසුම සහ WiFi සම්බන්ධතාවය, SmartThings AI බලශක්ති මාදිලිය, SmartThings Home Care, Smart Forward සමග Convertible 5-in1, Twin Cooling Plus™ සහ Active Fresh Filter+ වැනි උසස් AI විශේෂාංග සමගින් මෙම නව පෙළගැස්ම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගෙන ඇත.

වානේ නිමාවකින් යුතු Bespoke AI දොර දෙකේ ශීතකරණ Elegant Inox සහ Refined Inox යන වර්ණ දෙකෙන් තෝරා ගත හැකිය. වැඩි ගබඩා ධාරිතාවත්, භාවිතයේ පහසුවත්, නම්‍යශීලී බවත් ලබාදෙන මෙම ශීතකරණ මාදිලිය ලංකාවේ මුදලින් රුපියල් 304,999ක ආරම්භක මිලකට මිලි ලීටර 396ක ධාරිතාවයකින් ලබා ගත හැකිය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් Samsung ශ්‍රී ලංකා හි කළමනාකරණ අධ්‍යක්ෂ SangHwa Song මහතා පැවසුවේ ශීතකරණ කාණ්ඩයේ ප්‍රමුඛයා වශයෙන් සිය අවධානය යොමු කර ඇත්තේ සිසිලන ක්‍රියාවලියට එහා ගිය අත්දැකීමක් වෙනුවෙන් බවයි. සිය උපකරණ ලබා ගැනීමේ පහසුකම මෙන්ම ඒවාගේ දර්ශනීය නිමාවත් එදිනෙදා ජීවිතය උසස් මට්ට්මකට ලඟා කරන බව ඔහු පැවසුවේය. තවද එම උපකරණ AI තාක්ෂණයෙන් යුතු බවත් Bespoke හි සැලසුම සහ එහි විශාල ධාරිතාව මගින් එය භාවිතා කරන්නන්ට කාර්යයසාධනයත්, බලක්ශක්ති කා©ක්ෂමතාවත් අත්විඳිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

SmartThings AI බලශක්ති මාදිලිය

AI බලශක්ති මාදිලිය ශීතකරණයේ භාවිත රටාව විශ්ලේෂණය කිරීමෙන් විදුලිය භාවිතය ප්‍රශස්ත කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි පරිභෝජනය 10% දක්වා අඩු කරයි. මෙම විශේෂාංගය බලශක්ති කා©ක්ෂමතාව වැඩි කරන බැවින් එය පරිසර හිතකාමී පවුල් සඳහා කදිම තේරීමකි. AI බලශක්ති මාදිලිය මගින් ගෘහ උපකරණයන්හි විදුලි පරිභෝජනය කා©ක්ෂමව කළමනාකරණය කිරීමට ඉඩ සලසන බැවින් සැලකිය යුතු පිරිවැයක් ඉතිරි කරයි. මෙම විශේෂාංගය විදුලි භාවිතය අධීක්ෂණය සහ පාලනය කර ශීතකරණය ඇතුලු උපකරණ උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක වන බව සහතික කරයි.

SmartThings Home Care

Home Care මගින් නැවත නැවත ඇතිවන ගැටලු හඳුනා ගැනීම සඳහා ශීතකරණයේ අතීත සහ වර්තමාන මෙහෙයුම් සංසන්දනය කරයි. එය ශීතකරණය ප්‍රශස්ත තත්වයෙන් පවත්වාගෙන යාම, උපරිම විදුලි කාර්යක්ෂමතාව සහතික කිරීම සහ උපකරණයේ ආයු කාලය දීර්ඝ කිරීම සඳහා ප්‍රායෝගික උපදෙස් සපයයි.

සුහුරු ආලෝකය (Smart Lighting) මෘදු ආලෝකය Gentle Lighting)

මද ආලෝකය ක්‍රමයෙන් ආලෝකය ක්‍රියාත්මක කරන අතර මෘදු ආලෝකය ‘gentle lighting’ SmartThings යෙදවුම හරහා දීප්තිය ගලපා ගනු ලබයි. රාත්‍රී ආලෝක මාදිලිය ස්වයංක්‍රීයව දවසේ කාලය පදනම්ව දීප්තිය සකසා ගනියි. එමගින් භාවිතා කරන්නන්ට පහසුව සලසයි.

Convertible 5-in-1

Convertible 5-in-1විශේෂාංගය නවීන ශ්‍රී ලාංකික ගෘහයක සියලු ශීතකරණ ගබඩා අවශ්‍යතාවයන්ට සරිලන පරිදි පරිවර්තන ක්‍රම පහක් සමගින් අමතර නම්‍යශීලී බවක් ලබා දෙයි. එය වඩා හොඳ ශීතකරණ භාවිතාවක් සහතික කරමින් සිල්ලර බඩු සහ ඉතිරි ද්‍රව්‍ය සඳහා ප්‍රමාණවත් ඉඩක් ලබා දෙයි.

Twin Cooling Plus™

මෙම විශේෂාංගය හරහා ඔබට නැවුම් බවක් ලබා දෙයි. Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාව වාශ්පීකරණ දෙකක් සහ පංකා භාවිතා කරමින් ශීතකරණය සහ අධිශීතකරණ කොටස් සිසිලනය වෙන් වෙන්ව කළමනාකරණය කරයි. මෙය 70%ක් දක්වා තෙතමනය රඳවා තබා ගැනීම සහතික කරයි. එමෙන්ම සුවඳ මිශ්‍ර වීම වළක්වන අතර දිගු කාලයක් නැවුම් ප්‍රශස්ත බව රඳවා ගනියි.

Active Fresh Filter+

Active Fresh Filter+ මගින් ශීතකරණය තුළ වාතය පිරිසිදුව සෞඛ්‍ය සම්පන්නව තබා ගන්නා අතර 99.99%ක් බැක්ටීරියා ඉවත් කිරීම මගින් ආහාර නරක් වීමේ අවදානම අඩු කරයි. එය ගන්ධයන් උදාසීන කරන අතර, සක්‍රීය කාබන් ෆිල්ටරය හරහා වාතය නිරන්තරයෙන් විෂබීජහරණය කර දුර්ගන්ධය ඉවත් කරයි.

Power Cool සහ Power Freeze

Power Cool සහ Power Freeze ක්‍රියාකාරකම් මගින් වේගවත් සිසිලනය සහ freez කිරීම සිදු කරයි. ඉක්මණින් බීම වර්ග ශීත කිරීම හෝ කෙටි කාලයක් තුළ ආහාර ශීත කිරීම සක්‍රීය කරයි. ඉක්මණින් ශීත කිරීම හෝ අයිස් සෑදීම අවශ්‍ය වන අවස්ථා සඳහා මෙම අංගය ඉතා යෝග්‍ය වේ.

Digital Inverter Compressor

ඩිජිටල් ඉන්වර්ටර් සම්පීඩකය මගින් ස්ථාවර සිසිලනය, විදුලි නාස්තිය අවම කිරීම මෙන්ම බිඳවැටීම් සහ ගෙවීයාම අවම කරයි. වසර 20ක වගකීමක් සහිතව විශ්වාසනීය දිගු කාලීන භාවිතය සහතික කරයි.

නව Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාව රු. 304,999ක ආරම්භක මිලක සිට Singhagiri, Singer, Softlogic සහ Damro ෘ්පරද වෙතින් මිලදී ගත හැක.


Share with your friend