SAMSUNG Galaxy A Series හි ප‍්‍රථම 5G ජංගම දුරකතනය නිෂ්පාදනය කරමින් අනාගතයට සරිලන Galaxy A22 5G ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Share with your friend

  • අධිවේගී ක‍්‍රියාකාරීත්වයක් සහ ultra-low latency හැකියාව හා 11 bands’ තාක්ෂණය සහිත 5G පහසුකමෙන් යුත් ප‍්‍රථම Galaxy A Series ස්මාර්ට් ජංගම දුරකතනය 
  • 90 Hzl refresh rate සහ 6.6’’ FHD තිරය සමඟ සුපැහැදිලි ඡුායාරූප සඳහා සුවිශේෂී  48MP ත‍්‍රිත්ව කැමරාව

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන්ග් වසර දෙකක මෙහෙයුම් පද්ධතිය වැඩි දියුණු කිරීමේ සිය පොරොන්දුව සමඟ නවතම 5G අත්දැකීම සඳහා වන 11 bands’ තාක්ෂණය සහිත Galaxy A22 5G ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දුන්නේය. සැම්සුන්ග් Galaxy A Series නිෂ්පාදන පෙළෙහි 5G සම්බන්ධතාවය සහිත ප‍්‍රථම ස්මාර්ට් ජංගම දුරකතනය වන එය smartphone පාරිභෝගිකයන් වෙත අසමසම අත්දැකීමක් එක් කරනු නොඅනුමානය. විශේෂයෙන් 6.6” FHD සහ 90Hz refresh rate සහිත තිරයකින් මෙන්ම 48MP බහු කාර්ය ත‍්‍රිත්ව කැමරාවකින් සන්නද්ධ Galaxy A22 5G ආකර්ෂණීය නිමාවකින් මෙන්ම 5000mAh අධිබල බැටරියකින්ද, මෙතෙක් අත් නොදුටු තවත් බොහෝ විශේෂාංගයන්ගෙන්ද සමන්විත නවතම නිෂ්පාදනයක් ලෙස සඳහන් කළ හැකිය.  

මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතනය ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සැම්සුන්ග් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා සඳහන් කර සිටියේ ‘‘නවතම Galaxy A22 5G smartphone එක හඳුන්වා දීම තුළින් සියලූ පාරිභෝගිකයන්ට ගැලපෙන නවීන පන්නයේ නිෂ්පාදනයන් හඳුන්වාදීමේ සැම්සුන්ග් හි දර්ශනය නැවත නැවතත් යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකි වුණා. 5G තාක්ෂණය සහිත ප‍්‍රථම smartphone එක වන මෙය අපගේ 5G උපාංගයන් අතර සියලූ පාරිභෝගිකයන්ට මිලදී ගත හැකි දුරකතනය ලෙසද පෙන්වා දිය හැකියි. වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් නිෂ්පාදනය කර ඇති මෙම Galaxy A22 5G ස්මාර්ට් ජංගම දුරකතනය සුමට 90Hz තිරයකින් මෙන්ම බහුකාර්ය කැමරාවකින්ද, වේගවත් හා කාර්යක්ෂම ප්‍රොසෙසරයකින්ද සමන්විතයි. විශේෂයෙන් 11 bands’ තාක්ෂණය හා මෙහෙයුම් පද්ධතිය වැඩි දියුණු කිරීමේ වසර දෙකක පොරොන්දුව නිසාම අනාගතයට ගැලපෙන smartphone එකක් සොයන පාරිභෝගිකයන් හට මෙය කදිම තේරීමක් වනු ඇති බවට විශ්වාසයි.’’ යනුවෙනි.

ආකර්ෂණීය තිරය

ඉතා පහසුවෙන් හැසිරවිය හැකි, gaming සඳහා මනාව ගැළපෙන 90Hz refresh rate වේගයකින් යුත් 6.6″ FHD+ Infinity-V විශේෂාංගයන්ගෙන් සැදුම් ලත් ආකර්ෂණීය තිරයක් Galaxy A22 5G සතුය. ඒ තුළින් පරිශීලකයන් හට සුපැහැදිලි දසුන් නැරඹීමේ නවමු අත්දැකීමක් එක් කරනුයේ යන එන අතරතුදීද ඔවුන් ප‍්‍රිය කරන විශේෂාංගයන් නැරඹීමේ පහසුවද අත්කර දෙමිනි. එසේම Dolby Atmos තාක්ෂණයෙන් යුත් එහි වයර් සහිත හා bluetooth headsets දෙසවනට මිහිරක් එක් කරනුයේ විශිෂ්ට ගීත ශ‍්‍රවණය කිරීමේ හා චිත‍්‍රපට නැරඹීමේ මිහිරි අත්දැකීමක්ද පාරිභෝගිකයා වෙත එක් කරමිනි. නරඹන්නන්ගේ ඇස් අධික ලෙස වෙහෙස වීම පාලනය කිරීමට සමත් තිරයෙහි අන්තර්ගත dark mode තාක්ෂණය ජංගම දුරකතනයේ බැටරියටද වැඩි ආයු කාලයක් එක් කරනු ලබයි.

සුපිරි කැමරාව

මනස්කාන්ත ඡුායාරූප සඳහා  සුවිශේෂී බහුවිධ ත‍්‍රිත්ව කැමරාවක් සහිත Galaxy A22 5G හි පිටුපස ඇති 48MP ප‍්‍රධාන කැමරාව මගින් දවසේ  ඕනෑම වේලාවක සුපැහැදිලි හා ඉහළ ධාරිතාවයකින් යුත් ඡුායාරූප ලබා ගැනීමේ පහසුව අත්කර දෙනු ලබයි. එහි ඇති වඩා පුළුල් පැතිකඩක් කැමරාවට හසුකර දෙනු ලබන 5MP ප‍්‍රමාණයේ ultra-wide lens පැහැදිලි ඡුායාරූප සඳහා සුවිසල් මෙහෙවරක් සලසයි. එමෙන්ම ඉතා පැහැදිලි සමීප ඡුායාරූප ගැනීම හා ඒ සඳහා වන පසුතලය මනාව හසුරුවනු ලබන 2MP කැමරාවක්ද එහි අන්තර්ගත වේ. දුරකතනයේ ඉදිරිපස පිහිටා ඇති 8MP කැමරාව පැහැදිලි හා ආකර්ෂණීය සෙල්ෆි ඡුායාරූප ලබා දෙමින් ඔබට නැවුම් ආශ්වාදයක් එක් කරනු නිසැකය.

ආකර්ෂණීය නිමාව 

අළු සහ වයලට් යන වර්ගයන්ගෙන් වෙළෙඳපොලට පැමිණෙන Galaxy A22 5G පරිශීලකයන්ට තමන්ගේ අදහස් හා අනන්‍යතාව ප‍්‍රදර්ශනය කිරීමේ අවස්ථාවද සලසා දී ඇති අතර දුරකතනයේ ඇති සුමට හා පාරිභෝගිකයාගේ අතට මනාව ගැලපෙන නිමාව එහි ආකර්ෂණීය බව තවත් ඉහළ නංවනු ඇත. එමෙන්ම දුරකතනය වටා වන වක‍්‍රාකාර සුවපහසු දාරයද ඊට තවත් හේතුවක් වනු නොඅනුමානය. ඊටම ආවේණික නිමාවකින් යුත් Galaxy A22 5G භාවිත කරන පාරිභෝගිකයන් හට තම smartphone එක සුවපහසු බවක් මෙන්ම ප‍්‍රසන්න බවක් නිරන්තරයෙන් අත්කර දෙනු ඇත.

අසමසම කාර්ය සාධනය 

MediaTek Dimensity 700 තාක්ෂණයෙන් බලගන්වනු ලබන processor එකකින් සමන්විත විවිධ යෙදුම් භාවිතයේදී සහ සෙවීමේදී එහි ප‍්‍රශස්ත කාර්ය සාධනය, බහුකාර්ය හැකියාව හා ක‍්‍රියාකාරීත්වය මෙන්ම අවම බල ශක්ති පරිභෝජනය මනාව ප‍්‍රදර්ශනය කරනු ලබයි. දෛනික වැඩ කටයුතු කරදරයකින් තොරව සිදු කරගෙන යාම උපකාරී වන දැවැන්ත 5000 mAh බැටරියක් මෙන්ම වේගයෙන් charge වන  15W USB-C චාජරයක් Galaxy A22 5G සතු වීම ඔබට ඉමහත් අස්වැසිල්ලක් වනු නියතය. Android 11සහ One UI Core 3.1 තාක්ෂණයෙන් යුතුව Galaxy A22 5G ජංගම දුරකතනය නිමවා ඇත්තේ ඔබට වඩා ඵලදායී හා නිර්මාණාත්මක දිනයක් නිරන්තරයෙන් උදාකර දීම වෙනුවෙනි.

සැම්සුන්හි  5G උරුමය

වැඩිම 5G උපාංග හා වැඩිම පේටන්ට් බලපත‍්‍ර සංඛ්‍යාවක අයිතිය සහිත සැම්සුන්ග් 5G ජාල සඳහා වන යටිතල පහසුකම් සපයන ලොව ඉහළ පෙලේ සමාගමක් ලෙස සඳහන්කළ හැකිය. Galaxy A22 5G smartphone සමඟ   A-Series ස්මාර්ට් ජංගම දුරකතනයන්හි ප‍්‍රථම 5G තාක්ෂණය සහිත දුරකතනය හඳුන්වා දීමේ ගෞරවය හිමි කරගෙන ඇති සැම්සුන් 5G සම්බන්ධතාව මධ්‍යම මට්ටමට ගෙන ඒමට කටයුතු කර ඇත්තේ පාරිභෝගිකයා වෙත සමීප කරවමිනි. අධි වේගී හා අවම ප‍්‍රමාදය සහිත 11 5G bands තාක්ෂණය තුළින් ක‍්‍රියාත්මක එම ජංගම දුරකතනය තුළින් සැණෙකින් අන්තර්ජාලයට පිවිසීමටත් අන්තර්ගතයන් බෙදා හදා ගැනීමටත් පාරිභෝගිකයන්ට පහසුකම් සපයනු ලබයි. එය විශේෂයෙන් විඩියෝ ඩවුන්ලෝඞ් කිරීම වේගවත් කිරීම, විඩියෝ සම්මන්ත‍්‍රණ පහසුවෙන් පැවැත්වීම සහ අන්තර්ගතයන් බෙදාහැරීම සඳහා නිර්මාණය කොට ඇත.

මතක ධාරිතාවේ වෙනස්කම්, මිල හා ලබාගත හැකි ස්ථාන

රුපියල් 54,999/- වන Galaxy A22 5G ස්මාර්ට් ජංගම දුරකතනය 6GB + 128GB දක්වා විවිධ මතක ධාරිතාවන්ගෙන් මිලදී ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයා වෙත උදා කර දී ඇත. දිවයින පුරා විහිදුණු බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් මෙන්ම පහසුවෙන් හඳුනාගත හැකි ආකාරයෙන් සැම්සුන් වෙළෙඳ ලකුණ ප‍්‍රදර්ශනය කර ඇති John Keells Office Automation හා Softlogic Mobile Distribution බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් Galaxy A22 5G ස්මාර්ට් ජංගම දුරකතනය පහසුවෙන් මිලදී ගත හැකිය.

මීට අමතරව Softlogic Retail, Singer, Singhagiri, Damro සහ සන්නිවේදන සේවා සැපයුම්කරුවන් වන Dialog හා Mobitel ඇතුළුව සැම්සුන්ග් e-Store, MySoftlogic.lk හා Daraz.lk ආදි සියලූම බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් ද මෙය මිලදී ගැනීමේ අවස්ථාව සලසා දී ඇත. 

බ‍්‍රෑන්ඞ් ශ‍්‍රී ලංකා විසින් ශ‍්‍රී ලංකාවේ වටිනාම වෙළෙඳනාම පිළිබඳ සිදුකළ සමීක්ෂණන් තුළින් වසර 3ක් තිස්සේ අඛණ්ඩව ‘Most Loved Electronics Brand’ ලෙස පිළිගැනීමට ලක්ව ඇති සැම්සුන් ශ‍්‍රී ලංකාවේ හොඳම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය ලෙස සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply