Scope cinemas සහ Liberty Lands ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් , පළමු එළිමහන් හොලිවුඩ් චිත්‍රපටය එළිදක්වයි.

Share with your friend

Scope cinemas සහ Liberty Lands සමඟ එක්ව, හැව්ලොක් සාප්පූ සංකීර්ණයේ අනුග්‍රහය ඇතිව, ශ්‍රී ලංකාවේ පළමු එළිමහන් හොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය සනිටුහන් කරමින්, ජේම්ස් ගන් (James Gunn) අධ්‍යක්ෂණයක් වන ‘සුපර්මෑන්’ චිත්‍රපටයේ විශිෂ්ට එළිදැක්වීම ජුලි 9 වනදා සිදු කරනු ලැබීය.

‘LookUpColombo’ ලෙස නම් කරන ලද මෙම ඓතිහාසික උත්සවය, කොළඹ අහස සිනමාත්මක ආලෝකයෙන් හා වර්ණවත් බවකින් බැබළවූ අතර, ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය.

Havelock City Mall හී එළිමහන් භූමියේ පැවති මෙම උත්සවය, වර්ණවත් ආලෝක සංදර්ශනයක්, සුපර්මෑන් තේමාවෙන් යුත් ගොඩනැගිලි බිත්ති සිතියම්ගත කිරීමක්, සහ විශ්මයජනක ගිනිකෙළි සංදර්ශනයක් සමඟින් සිනමාත්මක විස්මයක් ජනිත කළේය. DC රසිකයින්, චිත්‍රපට ලෝලීන්, සහ මාධ්‍යවේදීන් දහස් ගණනක් එක්වූ මෙම උත්සවය, සුපර්මෑන්ගේ නව චිත්‍රපටය පිළිබඳ උද්යෝගයක් හා විශ්මයක් ඇති කිරීමට සමත් විය.

රාත්‍රී 7:00ට ආරම්භ වූ එළිමහන් සංදර්ශනයෙන් පසු, විශේෂිත ආරාධිත මාධ්‍යවේදීන් හා පුවත්පත් නියෝජිතයින් විශාල පිරිසකට රාත්‍රී 8:00ට ස්ක්‍රීන් 01 හි පැවති ‘සුපර්මෑන්’ ප්‍රදර්ශනය සඳහා සුවිශේෂී අවස්ථාව  ලබා දෙන ලදී. මහජනතාවට ද ජාතික නිල නිකුතුවට දින දෙකකට පෙර පැවති ‘Fan First Early Access IMAX’ ප්‍රදර්ශනයකට සහභාගී වීමේ දුර්ලභ අවස්ථාව හිමි වූ අතර, එය සිනමා ලෝලීන්ට අමතක නොවන අත්දැකීමක් විය.

මෙම ප්‍රවර්ධනාත්මක වැඩසටහන් සම්බන්ධයෙන් අදහස් දක්වමින්,Scope cinemas හි අලෙවිකරණ හා මහජන සම්බන්ධතා ප්‍රධානී චැසි කෝර්ටෙස් (Chassy Cortes)විසින් පැවසූවේ,“මෙය ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසයේ සුවිශේෂී මොහොතක්. LookUpColombo උත්සවය චිත්‍රපටයක් පමණක් නොව, ලෝක මට්ටමේ සිනමාත්මක අත්දැකීමක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ අපි අවස්ථාවක් කරගත්තා. මේක ඇත්තටම, නව සිනමා යුගයක ආරම්භය සනිටුහන් කිරීමක් ලෙස හදුන්වන්න පුලුවන්.”බවයි.


Share with your friend