‘She Can Sail the Seas’ වැඩසටහන හරහා නාවික ක්ෂේත්‍රය තුළ කාන්තා දායකත්වය බලගැන්වීමට Centrum Marine Consultancy දැරූ උත්සහය විශිෂ්ටතා සම්මානයට පාත්‍රවෙයි

Share with your friend

නාවික වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු මෙන්ම ස්ත්‍රී පුරුෂ සමභාවිතාවය වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් ලෙස ප්‍රකට  Centrum Marine Consultancy ආයතනය, පස්වැනි වරටත් පැවැත් වූ වාර්ෂික  Maritime SheEO සමුළුවේ  දී “Empowering Diversified Maritime Education” ගෞරව සම්මානයට පාත්‍රවිය.  Peter Döhle Schiffahrts-KG සමග එක්ව දියත් කළ ‘She Can Sail the Seas’ කාන්තා සවිබල ගැන්වීමේ මූලිකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ආරම්භ කළ නාවික කැඩෙට්වරියන් පුහුණු කිරීමේ ප්‍රයත්නය උදෙසා මෙම සම්මානය හිමිවිය. මෙමගින් නාවික ක්ෂේත්‍රයේ ඇති ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාව අවම කිරීම සහ නාවික ක්ෂේත්‍රයේ දී කාන්තාවන්ට ද සමාන අවස්ථා උදාකර දීම වෙනුවෙන්  Centrum Marine Consultancy ආයතනයේ කැපවීම ඉතා හොඳින් පැහැදිළි වෙයි.


“Setting Sail for Equality: Empowering Women Leaders”  තේමාව යටතේ  Maritime SheEO   සමුළුව මුම්බායි නගරයේ  TAJ Santacruz  හී දී පැවැත්වුණු අතර එහිදී ගෝලීයව සිටින සියලු ප්‍රධාන අත්දැකීම් නිලධාරීන් එකතු කරගනිමින් නාවික ක්ෂේත්‍රය තුළ විවිධත්වයට අවස්ථාවක් ලබාදීමට සහ එකාත්මිකතාවය ඇති කිරීමට අවකාශයක් නිර්මාණය කළේය. එම උළෙලේ දී ස්ත්‍රී පුරුෂ සමභාවීබව ප්‍රවර්ධනය කිරීම සහ ඒකාත්මිකතාවයෙන් පිරි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ සිය නව්‍ය ප්‍රවේශය හරහා Centrum Marine Consultancy ආයතනය අනෙක් ආයතන අතරින් කැපී පෙනිණි.


2023 වසරේ දී දියත් She Can Sail the Seas වැඩසටහන මගින් කැඩෙට් නිලධාරිනියන් 15 දෙනෙකුට පමණ ඇමරිකානූ ඩොලර් 110,000ට ආසන්න සම්පූර්ණ ශිෂ්‍යත්ව ලබාදී ඇත. මෙම වැඩසටහන වෘත්තීය අධ්‍යාපනය, ප්‍රායෝගික පුහුණුව ඒකාබද්ධ කරමින් නිර්මාණය කර ඇති අතර නිලධාරිනියකට අවශ්‍ය දැනුම වගේම ප්‍රායෝගිකභාවය මෙහිදී වඩාත් හොඳින් අවධාරණය වෙයි. 2029 වසරේ දී මෙම වැඩසටහන හරහා කෙඩෙට් නිලධාරිනියන් 200ක් පමණ නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයට සුවිශේෂී පෙරළියක් ඇතිකරමින් ක්ෂේත්‍රයේ සුවිසල් ශඛ්‍යතාවයකින් පිරි කාන්තා වෘත්තිකයන් පිරිසක් ගොඩනැංවීමට පෙරමුණ ගනී.


Centrum Marine Consultancy ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කාලිංග ද සිල්වා මහතා මෙසේ සිය අදහස් දැක්වීය, “She Can Sail the Seas යනු හුදු පුහුණු වැඩසටහනක් නෙවෙයි, එය වෙනසක් ඇති කිරීමේ බලවේගයක්. තමන්ගේ නාවික වෘත්තීය ක්ෂේත්‍රයේ දී කාන්තාවන්ට සවිබලයක්වීමට, අභිප්‍රේරණයක් ඇති කිරීමට සහ ඔවුන්ට සහයක් වීම තමයි අපේ දැක්ම. වඩාත් එකාත්මික වූ සමභාවී වෘත්තීය ක්ෂේත්‍රයක් ඇති කිරීම වෙනුවෙන් අපේ ඇති කැපවීම මෙම සම්මාන ප්‍රදානයෙන් මනාව ඔප්පු වෙනවා. අපේ උවමාන වෘත්තීය නිපුණතාවය සහිත කැඩෙට්වරියන් නිර්මාණය කිරීම පමණක්ම නොවෙයි, අපේ උවමනාව ඉදිරි කාන්තා නාවික වෘත්තිකයන්ගේ පරම්පරාවට අභිප්‍රේරණයක් ඇති කරන වෘත්තීය විශිෂ්ටයන් නිර්මාණය කිරීමයි.”

මෙම වැඩසටහන තුළින් පරිපූර්ණ සංවර්ධනයක් දිරිගැන්වෙයි, කැඩෙට්වරියන්ට නායකත්ව පුහුණු කඳවුරු පැවැත්වෙයි, එසේම කථන පුහුණුව, ශාරීරික යෝග්‍යතාවය ඉහළ නැංවීම, මානසික පරිපූර්ණත්වය සහ ඉංග්‍රීසි භාෂා දැනුම සංවර්ධනය කිරීම ද සිදුවෙයි.


ගෞරවාදරයට පාත්‍ර වුණු කාන්තාවන් වන ශ්‍රී ලංකාවේ ඇමරිකානූ තානාපති ජූරි චෑන්ග් මහත්මිය, ශ්‍රී ලංකාවේ ඇමරිකානූ තානාපති කාර්යාලයට ආබද්ධ නාවික විධානය ලුතිනල් කමාන්ඩර් ජෙසිකා ඩී මොන්ට්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරු නන්දනී විජේදොරු ආදීන් කාන්තා කැඩෙට්වරියන්ගේ වෘත්තීය ජීවිතය ගොඩනංවා ගැනීම වෙනුවෙන් එකිනෙකාට සමීප වූ මාර්ගෝපදේශනයක් සහ සැබෑ ලෝකයේ උදාහරණ සහිතව දැනුම ලබාදීම සිදුකෙරිණි.


She Can Sail the Seas  වැඩසටහන නාවික ක්ෂේත්‍රය තුළ මෙවැනි ආකාරයේ භාවිතාවන් ක්ෂේත්‍රය තුළ දිරිගැන්වීමට නිර්මාණය කර ඇති ප්‍රතිරූපකයක් ද වෙයි.  Centrum Marine Consultancy සහ Peter Döhle Schiffahrts-KG ආයතන ද්විත්වය දිගින් දිගටම සාධනීය වෙනස්කම් වෙනුවෙන් දිරියට පැමිණ සාම්ප්‍රදායිකව පිරිමි ආධිපත්‍ය පැතිරී ඇති ක්ෂේත්‍රයක් තුළ සැබෑ සමානාත්මතාවය වර්ධනය කිරීමට කළ ප්‍රගතිගාමී පියවරක් තබා තිබේ. එසේම මෙම එකාබද්ධතාවයේ තාක්ෂණික සහකරුවා ලෙස  CINEC campus  කටයුතු කරයි.


Share with your friend