ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමය වන Signature ආයතනය 2024 වසරේ සිට 2027 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් සහ සාමාන්‍ය ඇඳුම් විලාසිතා සහකරුවා ලෙස ගිවිසුම් ගත වෙයි. මෙම සහයෝගීතාවය යටතේ ශ්‍රි ලංකා ක්‍රිකට් පිරිමි ජාතික කණ්ඩායමේ සහ කාන්තා ජාතික කණ්ඩායමේ නිල විධිමත් සහ සාමාන්‍ය ඇඳුම් සැපයුම්කරුවා ලෙස ඉදිරියේ පැවැත්වෙන තරගාවලි මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ආසියා ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන උත්සව වල දී ආදාළ ඇඳුම් විලාසිතා නිර්මාණය කරදීමේ වගකීම Signature ආයතනය සතුවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථාන වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය, 2014 T20 ලෝක කුසලාන ජයග්‍රහණ ආදී අවස්ථාවල දී එම කණ්ඩායම්වල නිල ඇඳුම් සැපයුම්කරුවා ලෙස පැමිණි අභිමානවත් ගමන් මග නොනවත්වා ඉදිරියට ගෙනයමින් තැබූ තවත් එක් පියවරක් ලෙස මෙම සැපයුම් සහකාරීත්වය සැළකිය හැක. 2024 ICC T20 පිරිමි ලෝක කුසලාන තරගාවලියේ දී ද ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල විධිමත් ඇඳුම් සැපයුම් සහකරුවා ලෙස Signature සන්නාමය කටයුතු කළ අතර ඉදිරියටත් එම අභිමානවත් උරුමය පවත්වා ගනිමින් ජාත්‍යන්තර තරගාවලි වල දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සිය දායකත්වය ලබාදීමට ඉදිරිපත් වෙයි.
සහයෝගීතාවය පිළිබඳ නිල නිවේදනය විශේෂ උත්සවයක දී එළිදැක්වූ අතර එහිදී දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් ද හුවමාරු කරගනු ලැබීය. මෙම උත්සවයේ සුවිශේෂී අවස්ථාව වූයේ ක්‍රීඩාවේ සදාතනික ක්රීඩාශීලීත්වයෙන් ආභාෂය ලබාගෙන නිර්මාණය කළ Signature නවතම පිරිමි ඇඳුම් විලාසිතා එළිදැක්වීමයි. මෙම විලාසිතා එකතුව විධිමත්, උත්සව, සහ සාමාන්‍ය කාණ්ඩයේ පිරිමි ඇඳුම් වූ අතර විලාසිතා දැක්මක් හරහා මෙම එකතුව එළිදක්වන ලදී.
මෙම නව පිරිමි විලාසිතා එකතුව Signature ශාඛාවල දී මෙන්ම දිවයින පුරා සිටින අලෙවි නියෝජිත ජාලය හරහාද ද ලබාගත හැක. මෙම විලාසිතා එකතුව තුළින් ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ චමත්කාරය එදිනෙදා විලාසිතාවන්ට එකතුකිරීමට උත්සහ දරා ඇති අතරම තම ඇඳුම් පැළඳුම් තෝරාගැනීමේ දී උසස් තත්ත්වය සහ අභිමාණවත් බව අපේක්ෂා කරන සියලු ශ්‍රී ලාංකික පිරිමි ප්‍රජාවට පහසුවෙන් ලබාගත හැකි අයුරින් නිර්මාණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙහි දී සිය අදහස් දැක්වීය,“තරුණ සන්නාමයක් ලෙස Signature සන්නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් සමග අත්වැල් බැඳගැනීම ඔවුන් ගත් නිවැරදි තීරණයක් බව මට විශ්වාසයි. එසේම හඳුන්වාදෙන විලාසිතා පරාසය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අපේ කණ්ඩායමට කැමති මිලියන ගණනක් වූ රසිකයන් අතර වඩාත් ජනප්‍රියව ව්‍යාප්ත වෙයි කියලා මම හිතනවා.”
Signature සන්නාමයේ අධ්‍යක්ෂක අම්ජාඩ් හමීඩ් මහතා මෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඇතිකර ගත් සහයෝගීතාවය පිළිබඳව සිය අදහස් දැක්වීය, “ජාතියේ අභිමානවත් සන්නාමයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් සමග අපේ සහයෝගීතාවය තවදුරටත් ඉදිරියට ගෙනියන්නට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපේ සන්නාමය සෑම විටම ඉලක්ක කරගත්තේ ශ්‍රී ලාංකික පිරිමින්ගේ අභිමානය තමන් අඳින විලාසිතා හරහා ඉහළට ඔසවන්න. මෙම සහයෝගීතාවය හරහා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුම් ආයිත්තම් ශ්‍රී ලාංකීය සම්ප්‍රදායන් සහ නවීනත්වය මුසුව එන නව විලාසිතාවන්ට අනුව නීර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකාවම එකට එකතු කළ, අපට ආත්මීයව බැඳුණු ක්‍රීඩාවක් වගේම ක්‍රීඩාවේ මහත්මා ගුණය, ඔරොත්තු දීමේ හැකියාව සහ පිටියේ දී හෝ ඉන් පිටදී එකිනෙකාට ගරු කිරීම පුරුදු පුහුණු කළ අනගි අවස්ථාවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් සමග අපේ සහයෝගීතාව දිගු කාලයක් නොකඩවා පවත්වා ගැනීම තුළින් ක්‍රිකට් යනු අපට ක්‍රීඩාවකට වඩා වැඩියමක් බවත් ඒ වෙනුවෙන් සන්නාමයක් ලෙස Signature සිදු කරනා කැපකිරීමත් මනාව පැහැදිළි වෙනවා.”
1990 වසරේ දී ආරම්භ කළ Signature සන්නාමයට ශ්‍රී ලංකාවේ පිරිමි ඇඳුම් පැළඳුම් ක්ෂේත්රයේ ශක්තිමත් පදනමක් ගොඩ නැගීමට හැකි විය. උසස් තත්ත්වය සහ සියලු දෙනාට මිලදී ගත හැකි සාධාරණ මිල පදනම් කරගෙන සාමන්‍ය සහ විධිමත් ඇඳුම් නිර්මාණය කළ ඔවුන් මේවන විය සියලු පිරිමි ඇඳුම් ආයිත්තම් වර්ග එකම වහලක් යටින් ජනතාවට ලබාදීම වෙනුවෙන් කැපවෙයි. තමන්ගේ ශාඛා ජාලය දිවසින පුරා ව්‍යාප්ත කිරීමේ ඉලක්කය අරමුණු කොටගත් සන්නාමය උපාය මාර්ගික සහයෝගීතාවයන් හරහා ජාත්‍යන්තරව පිළිගත් සන්නාමයන් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට අපේක්ෂා කරයි. මෙම සන්නාමය විසින් තොග සහ සිල්ලරට ඇඳුම් ආයිත්තම් ලබාගැනීමේ අවස්ථාව ජනතාවට ලබාදී ඇති අතර සුවිශේෂී ශාඛා ජාලයක් සහ දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් හරහා සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කර තිබේ. https://signature.lk වෙත පිවිස ඔන්ලයින් ඇඳුම් තෝරාගැනීමේ පහසුව සමග දිවයින පුරා ක්ෂණික බෙදාහැරීම් සේවාවක් ද පවත්වාගෙන යාමට Signature කටයුතු කරයි. Hameedia සමූහය යටතේ පවතින සන්නාමයක් ලෙස අභිමානයෙන් ඉදිරියට යන ශ්‍රි ලාංකික පිරිමි පාර්ශවයේ ප්‍රියතම විලාසිතා සන්නාමය බවට පත්වීමට Signature සමත්වී තිබේ.