SLIITහි MATHFEST 2025 ගණිතමය ගැටළු විසඳීම තුළින් සිසුන්ගේ විශ්ලේෂණාත්මක බුද්ධිය මැනවින් විදහා දක්වයි

Share with your friend

SLIIT ආයතනය විසින් පවත්වනු ලැබූ MATHFEST 2025 තරගාවලිය එම ආයතන ශ්‍රවණාගාරයේදී පසුගිය මැයි මස සාර්ථකව පැවැත්විය. එය සිසුන් තම   විශ්ලේෂණාත්මක බුද්ධිය සහ ගණිතමය ගැටළු විසඳීමේ හැකියාවන් ප්‍රදර්ශනය කළ අභියෝගාත්මක තරගාවලියක් විය.

SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ, ගණිත හා සංඛ්‍යාලේඛන අධ්‍යන අංශය විසින් අඛණ්ඩව 3 වන වරටත් සංවිධානය කරන ලද MATHFEST තරගය කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් 45 ක අ.පො.ස. උසස් පෙළ සිසුන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබිණි.

MATHFEST 2025 තරගාවලියේ ශූරතාවය කොළඹ තර්ස්ටන් විද්‍යාලය විසින් දිනා ගත් අතර මෙහි අනුශූරතාවය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය, පස්යාල මහා විද්‍යාලය සහ කොළඹ විශාඛා විද්‍යාලය විසින් හිමි කර ගැනීම විශේෂත්වයක් විය. මෙම තරගාවලිය සඳහා සහභාගී වූ සියලුම සිසුන්ට ඔවුන්ගේ කැපී පෙනෙන දක්ෂතා හා උත්සාහයන් අගය කරමින් වටිනා සහතිකපත් සහ ත්‍යාග ද ප්‍රධානය කරන ලදී.

පීඩනය යටතේ සිසුන්ගේ වේගවත් බව සහ නිරවද්‍යතාවය පිළිබඳ හැකියාවන් පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති ගණිතමය ගැටලු පෙළගැස්මක් මෙම තරගයට ඇතුළත් කොට තිබුණි. මෙම තරගය අති සාර්ථක ලෙස අවසන් වූ අතර, සියලු විද්‍යාවන් අතරින් කිරුළ හිමි විෂය ලෙස ගණිතය පිළිබඳ වඩාත් පුළුල් අගය කිරීමක් MATHFEST 2025 හරහා ඇති කරනු ලැබීය.

මේ සඳහා සහභාගී වූ සියලුම සිසුන් සුවිශේෂී වූ හැකියාවන් සහ දැඩි අධිෂ්ඨානයක් පෙන්නුම් කරනු ලැබුවේය. ඔවුන්ගේ ජයග්‍රහණ තුළින් තරඟකාරිත්වයෙන් ඔබ්බට ගිය අවස්ථාවන්හි වටිනාකම අවධාරණය කරමින්, විශිෂ්ටත්වය සහ තීරණාත්මක බුද්ධිය හඹා යාමට සිසුන්ට අවශ්‍ය ධෛරය හා පෙළඹවීම MATHFEST 2025 විසින් ලබා දුනි.

මෙම තරගය සඳහා පරිගණක මත පදනම් වූ MCQ ප්‍රශ්න වටයක් ඇතුළත් වූ අතර, ඉන් පසුව කණ්ඩායම් හැඟීම සහ ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව පරීක්ෂා කරන තරඟ වටයක් ද පැවැත්විණි. සංකීර්ණ ගැටළු විසඳීම සඳහා සෑම කණ්ඩායමක්ම සහයෝගයෙන් කටයුතු කරමින් සිසුන් මහත් උද්යෝගයක්, බුද්ධියක් සහ ශක්තිමත් තරඟකාරී කුසලතා පෙන්නුම් කළේය. 

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය සහභාගී වූහ. මේ සඳහා සහභාගී වූ සම්භාවනීය අමුත්තන්ගේ පැමිණීම MATHFEST 2025 තරගය සඳහා ජාතික වශයෙන් වැදගත්කමක් ලබා දෙමින්, අධ්‍යාපන සහ නවෝත්පාදන කර්මාන්තයේ අනාගත දැක්ම සමගින් අධ්‍යයන ක්ෂේත්‍රය සම්බන්ධ කළේය.

MATHFEST 2025 හි විශේෂත්වය වන්නේ සිසුන්ගේ මනසට තර්කිකබව, නිර්මාණාත්මක ගැටළු විසඳීම සහ ඵලදායී සන්නිවේදනයේ තීරණාත්මක කුසලතා සෘජුවම අත්විඳිය හැකි වේදිකාවක් වීමයි. මෙම ගුණාංග ගණිතයේදී පමණක් නොව විශ්ලේෂණාත්මක බුද්ධිය මත රඳා පවතින වෙනත් විවිධ ක්ෂේත්‍රවලදී ද අත්‍යවශ්‍ය වේ.

ගණිත හා සංඛ්‍යාලේඛන අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය සරත් පීරිස් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”ගණිතය ඔබේ ජීවිතය පහසු කරවනවා. ගණිතය විෂයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ විශ්ලේෂණය හා තාර්කික අවබෝධයි. කණ්ඩායමක් ලෙස ගණිතමය ගැටළු විසඳීම හරහා විශ්ලේෂණාත්මක හා තාර්කික බුද්ධිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය පරිසරය MATHFEST තරගය නිර්මාණය කර දුන්නා.”

ගණිතය පිළිබඳ අවබෝධය සහ එහි වටිනාකම වර්ධනය කරමින්, ගැටළු විසඳීම සඳහා තාර්කික බුද්ධියේ ඇති වැදගත්කම සහ ඒ සඳහා භාවිතා කරනු ලබන ප්‍රවේශය අගය කිරීම ඉස්මතු කිරීමට මෙම තරගය දායක විය. සිසුන්ට ස්වයංව අභියෝග කර ගැනීමට සහ ගණිතයේ ප්‍රබෝධමත් බව හා එහි ශක්තිය සැමරීමට MATHFEST 2025 තරගය අවස්ථාවක් සලසා දෙනු ලැබීය. 


Share with your friend