SLIIT ආයතනය, “පාසල් අධ්‍යාපනික වැඩසටහන්” ඔස්සේ ශ්‍රී ලංකාවේ තරුණ සිසු මනස දැනුමෙන් පෝෂණය කරයි.

Share with your friend

අධ්‍යාපනය, ජාතික සංවර්ධනයේ මූලික අඩිතාලම බවට පත්ව ඇති යුගයක, SLIIT ආයතනය, ‘අධ්‍යයන ආයතනයක’ පැවතිය යුතු සැබෑ වගකීම පිළිබඳව නව අර්ථකථනයක් සපයමින් දේශන ශාලා සහ විද්‍යාගාරවලට සීමාවූ අධ්‍යාපන රටාවෙන් ඔබ්බට ගොස්, දිවයින පුරා පාසල් දහස් ගණනකටම  දැනුම සහ කුසලතා ලබා දීමට කටයුතු කර ඇත. එහිදී පරිගණක, ඉංජිනේරු, ව්‍යාපාර, මානව ශාස්ත්‍ර හා විද්‍යා, සහ ගෘහ නිර්මාණ ශිල්ප යන පීඨ සමඟ එක්ව පවත්වනු ලබන මෙම “පාසල් ව්‍යාප්ත වැඩසටහන්” හරහා, නව මානයන් කෙරෙහි සිය සිතීම් පරාසයන් පුළුල් කරවීමට, නව්‍යකරණයන් සඳහා පිවිසීමට මෙන්ම ඒ ඔස්සේ නව නිර්මාණයන්ට එළඹීමට අනාගත පරපුර සවිබල ගන්වයි.

මෙම වැඩසටහන් අතරට රොබෝ තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික පාසල් වැඩමුළු, සංඛ්‍යානය පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සැසි, සහ සිසුන්ට නව කුසලතා හා අවස්ථා සොයා ගැනීමට මග පෙන්වන පුළුල් පරාසයක වැඩසටහන් මාලාවක් ඇතුළත් විය. මේ හරහා සිසුන්ගේ මනස තුළ ඇතිවන ධනාත්මක බලපෑම, කුඩා කල සිටම, දක්ෂතා පෝෂණය කරගනිමින්, ඵලදායි නිර්මාණ සමාජගත කිරීමට ඔවුන්ව පොළඹවයි. ගම්පහ සිට මාතර දක්වාත්, මීගමුවේ සිට මහනුවර දක්වාත්, කොළඹ සිට කුරුණෑගල දක්වාත්, නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ ද එකසේ ආවරණය කරමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක විය. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ මධ්‍ය මහා විද්‍යාලවල සිසුන්ට, පන්ති කාමරයේ දී ලබන ඉගෙනුම් දැනුම, සැබෑ ලෝකයේදී යෙදවුම්  සමඟ සම්බන්ධ කරන ගතික සැසි සඳහා සහභාගී වීමට අවස්ථාව උදා විය.

මෙම වැඩමුළු, අනාගතයේදී නිසැක වශයෙන් අත්‍යවශ්‍ය දැනුම සහිත, පුළුල් විෂය පරාසයක් ආවරණය කරන ලදී. කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය, සයිබර් ආරක්ෂණය, තිරසාර තාක්ෂණයන්, ජෛව තාක්ෂණය, නායකත්ව කුසලතා, සහ වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ වැඩමුළු මගින් සිසුන්ව, නව දැනුම් සහ අති නවීන මෙවලම් වෙත නිරාවරණය කර ඇත. ඒ අතරම, අධ්‍යයන කටයුතු කළමනාකරණය, නිර්මාණශීලිත්වය, නව්‍යකරණය සහ අනාගතයට සූදානම් වීමට අවශ්‍ය කුසලතා ඉගෙනීම පිළිබඳ සැසි, පාසල් ජීවිතයෙන් එපිට වූ පද්ධතීන් සඳහා ඔවුන් සූදානම් කිරීමට උපකාරී වී ඇත. මෙම මූලාරම්භයේ ඇති සුවිශේෂීත්වය නම්, එහි ද්විත්ව අවධානයයි; එනම්, සිසුන් ශාස්ත්‍රීය හා වෘත්තීය සාර්ථකත්වය සඳහා සූදානම් කරන අතරම, ඔවුන්ගේ පුද්ගලික සංවර්ධනය ද හැඩගැස්වීමයි. පීඨ සාමාජිකයින් මෙම සැසි නිර්මාණය කර ඇත්තේ වර්තමානයට ඉතාමත් ගැලපෙනෙ සහ අත්‍යවශ්‍ය වන නිර්මාණශීලිත්වය, ගැටලු විසඳීම සහ අනුවර්තනය වීමේ හැකියාව පෝෂණය කිරීම සඳහා ය. ‘Smart Education සඳහා AI’, ‘රොබෝ තාක්ෂණය හැඳින්වීම’ සහ ‘තාක්ෂණයේ අනාගත-සුරක්ෂිත වෘත්තීන්’ වැනි සෑම වැඩසටහනක්ම, සිසුන්ගේ ඉලක්කයන් සැබෑ අවස්ථාවන් බවට පරිවර්තනය කිරීමට උපකාරී වේ.

මෙම “පාසල් ව්‍යාප්ත වැඩසටහන්” මගින් සමානාත්මතාවය සහ සියල්ලන්ම ඇතුළත් කර ගැනීම යන සංකල්පයද පෙරදැරි කරගනී. කොළඹින් බැහැර බොහෝ පාසල් සිසුන්ට අත්විඳිය නොහැකි අකාරයේ අවස්ථාවන් රැසක්, ඔවුන් වෙත නිරාවරණය කිරීමට මෙම විශේෂඥයින් විසින් මෙහෙයවන ලද සැසි සමත්විය. ඒ තුළින්, SLIIT ආයතනය, භූගෝලීය පිහිටීම නොසලකා, දක්ෂ තරුණ තරුණියන්ට, සිහින දැකීමට සහ ඒවා හඹා යාමට අවස්ථාව උදාකර දී තිබේ. තවද වෘත්තීය මාර්ගෝපදේශන සැසි, අභිප්‍රේරණ දේශන සහ ප්‍රායෝගික නවෝත්පාදන වැඩමුළු පැවැත්වීම තුළින්, SLIIT ආයතනය සිසුන් උසස් අධ්‍යාපනය සඳහා පමණක් නොව, සමාජයට දායක වීමට සූදානම් වගකීම් සහගත පුරවැසියන්  ලෙස ද සූදානම් කරයි.

මෙම වැඩසටහන් පිළිබඳව අදහස් දක්වමින්, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය පවසා සිටියේ, “SLIIT ආයතනය විසින් පවත්වන ලද මෙම අන්තර්ක්‍රියාකාරී වැඩමුළු, සම්ප්‍රදායික පන්තිකාමර ඉගෙනුමෙන් බොහෝ ඔබ්බට ගොස්, කුතුහලය, නිර්මාණශීලිත්වය සහ සැබෑ ලෝකයේ යෙදවුම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කළා. බොහෝ සිසුන්ට මෙය, අනාගතයට සූදානම් වීමට අත්‍යාවශ්‍ය කුසලතා සහ නවෝත්පාදනයන් දෙසට තැබූ පළමු පියවරක් වුණා. අනාගත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නායකයින් සවිබල ගැන්වීම සඳහා ඔවුන් දැක්වූ නොමසුරු දායකත්වය සහ නොසැලෙන කැපවීම පිළිබඳව අප SLIIT ආයතනයට අපගේ අවංක ස්තූතිය පිරිනමනවා. මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට මිල කළ නොහැකි සහයෝගයක් ලබා දුන් අධ්‍යාපන අමාත්‍යාංශයටත් අපගේ කෘතඥතාව හිමි වෙනවා. අනාගතයේදීත් මෙවැනි අඛණ්ඩ සහයෝගීතාවයක්  අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

SLIIT ආයතනයේ පීඨ මට්ටමේ මූලාරම්භයන් වන ‘Robofest’, ‘SoftSkills+’, ‘Mathfest’, ‘Scifest’ සහ ‘Codefest’ වැනි වැඩසටහන්, පාසල් දරුවන්ගේ නිර්මාණශීලිත්වය සහ තාක්ෂණික කුසලතා ප්‍රදර්ශනය කිරීමට දිරිගන්වන ඒවා බවට පත්ව ඇත. මේවාට සමගාමීව, SLIIT හි ආයතනික සමාජ වගකීම් (CSR) සඳහා වන මුලපිරීම් ද, තම මෙහෙවර හුදෙක් උපාධිධාරීන් බිහි කිරීමට වඩා එහා ගිය, සමාජය සඳහා අගයක් නිර්මාණය කිරීමක් බව ඉස්මතු කරයි.

අනාගතය දෙස බලන විට, SLIIT ආයතනය සිය ව්‍යාප්තිය තවත් පුළුල් කිරීමට අදහස් කරයි. ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුටම ඉගෙනීමට, නව්‍යකරණයට සහ වර්ධනය වීමට අවස්ථා ලබා දීම සහතික කරමින්, තවත් පාසල් සහ වැඩි සිසුන් සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වීමටද සැලසුම් කරයි. එහි හරය දෙස බැලීමේදී, SLIIT ආයතනයේ මෙම “පාසල් ව්‍යාප්ත වැඩසටහන” අධ්‍යාපනය නගාසිටුවීම සඳහා ශක්තියක් වන ජාතිය කාර්යයකි. වත්මන් තරුණ ප්‍රජාව වෙනුවෙන් ආයෝජනය කිරීම මගින්, SLIIT ආයතනය හෙට දවසේ නායකයින් නිර්මාණය කරමින් සිටී.  “අනාගතයට අත්වැලක් වෙමින්, මෙරට තාරුණ්‍යය සවිබල ගන්වමින්” – SLIIT සිය සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, ශ්‍රී ලංකිකයින්ගේ හදවතේ නොමැකෙන ස්ථානයකට ලඟාවී සිටී.


Share with your friend