‘SLIM Brand Excellence 2025′ සම්මාන උළෙලේදී dsityreshop.com විසින් Online Brand of the Year අංශයේ සම්මාන දිනා ගනී

Share with your friend

මෙරට ප්‍රමුඛ පෙළේ ටයර් සන්නාමයක් වන DSI Tyres හි විශ්වාසනීය ශක්තියෙන් බලගැන්වෙන  dsityreshop.com ඩිජිටල්-වාණිජ වේදිකාව පසුගියදා පැවැති  ‘SLIM Brand Excellence 2025′ සම්මාන උළෙලේදී  වසරේ හොඳම අන්තර්ජාල සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය.ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් වාණිජ වේදිකාවක් ලෙස dsityreshop.com මෙතෙක් පැමිණි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙම ජයග්‍රහණය ඔස්සේ සනිටුහන් කරයි. එමෙන්ම ඩිජිටල් වාණිජ සන්නාමයේ වර්ධනය, එහි විශ්වසනීය වෙළෙඳපල පැවැත්ම සහ  අන්තර්ජාලය ඔස්සේ ටයර් ඇණවුම් කිරීමේ  ක්‍රමවේදය ප්‍රතිනිර්මාණය කිරීමට සමාගම දක්වන ලද නොසැලෙන කැපවීම මෙම ඇගයීම ඔස්සේ මැනවින් ඉස්මතු කෙරේ.

මෙම ඇගයීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය සහ මෙම ජයග්‍රහණය පසුපස ඇති සාමුහික කැපවීම පිළිබඳව අවධාරණය කරමින් DSI Tyres හි කළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කළේය.“SLIM Brand Excellence 2025′ සම්මාන උළෙලේදී අප හිමි කරගත් මෙම ජයග්‍රහණය පිළිබඳව අප  නිහතමානීව සතුටු වෙනවා.ඒ වගේම අප කෙරෙහි අඛණ්ඩව  විශ්වාසය තැබූ පාරිභෝගික ජනතාව වෙත ද අපගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරනවා.සියලු දෙනාටම පහසුවෙන් ළඟා විය හැකි වඩාත් සරල සහ ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස අන්තර්ජාලය ඔස්සේ ටයර් මිලදී ගැනීමේ ක්‍රියාවලිය දියත් කිරීම සම්බන්ධයෙන් අප් දැක්වූ අපමණ කැපවීම මෙම සම්මානය හරහා මැනවින් ප්‍රදර්ශනය වෙනවා.ටයර් සඳහා මෙරට ඇති වඩාත් විශ්වසනීය වේදිකාව ලෙස dsityreshop.com පවත්වාගෙන යාම සහ අපගේ සේවාවන් තවදුරටත් පුළුල් කිරීම සඳහා අඛණ්ඩව අපගේ ඩිජිටල් නවෝත්පාදනයන් වෙනුවෙන් ආයෝජනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

බාධාවකින් තොර විශ්වසනීය සහ විනිවිදභාවයකින් යුත් ඩිජිටල් අත්දැකීමක් පසුගිය වසර පුරාවට පාරිභෝගික ජනතාව වෙත පිරිනමමින්  dsityreshop.com ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස සිය ස්ථාවරය තහවුරු කර ගෙන ඇත.ඔවුන්ගේ සේවාවන්ට  ‘Pick Up from Dealer’ සේවාව ,දිවයින පුරා බෙදාහැරීම, සුරක්ෂිත ගෙවීම් ක්‍රමවේද සහ අඛණ්ඩව වැඩිදියුණු කළ පරිශීලක අතුරු මුහුණත (user interface) ඇතුළු නවෝත්පාදන රැසක් අන්තර්ගත වේ. පාරිභෝගියන් තුළ විශ්වාසය ගොඩනැංවීමට මෙන්ම අන්තර්ජාලය පදනම් කරගත් වෙළෙඳපල තුළ ප්‍රබල කාර්ය සාධනයක් නිර්මාණය කිරීමට මෙම සුවිශේෂී විශේෂාංගයන් ඉවහල් වී ඇත.

ශ්‍රී ලංකාවේ වඩාත් කීර්තිමත් සම්මාන උළෙලක් වන SLIM Brand Excellence 2025′ සම්මාන උළෙලේදී දිනා ගත් මෙම සම්මානය ඔස්සේ, DSI Tyres සන්නාමය ටයර් කර්මාන්තය තුළ  සිදුකර ඇති ධනාත්මක බලපෑම සහ නිරන්තරයෙන් වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන් සතු විශිෂ්ට හැකියාව පිළිබිඹු කරයි. එමෙන්ම එය dsityreshop.com හි ඩිජිටල් උපාය මාර්ගයන් මඟින් පාරිභෝගික තෘප්තිය සහ අන්තර්ජාල වෙළෙඳ කටයුතු  අඛණ්ඩ වැඩිදියුණු කිරීම සඳහා සිදුකළ මෙහෙයුම්වල ඵලදායීතාවය පිළිබඳ කදිම සාක්ෂියකී.මෙම ජයග්‍රහණයත් සමඟ තවදුරටත් සවිබල ගැන්වෙමින් අන්තර්ජාලය ඔස්සේ ටයර් මිලදී ගැනීම පිළිබඳ පාරිභෝගික විශ්වාසය සවිමත් කිරීමට මෙන්ම මෝටර් රථ අංශයේ ඩිජිටල් වාණිජ ක්ෂේත්‍රයේ අනාගතය අඛණ්ඩව  නිර්මාණය කිරීමට dsityreshop.com කැපවී සිටියි.


Share with your friend