SLT-MOBITEL වෙතින් කෑරගල රණවිරු ගම්මානයට අධිවේගී සන්නිවේදන පහසුකම්

Share with your friend

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාව 100% 4G LTE සන්නිවේදන පහසුකම් වලින් බලගැන්වීමේ තවත් ඉදිරි පියවරක් ලෙස, ගම්පහ කෑරගල රණවිරු ගම්මානයට අධිවේගී අන්තර්ජාල පහසුකම් සමග තවත් සේවාවන් එකතුවක් පිරිනැමීමට පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් කෑරගල රණවිරු ගම්මානයේ වෙසෙන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වලටත්, එම ගම්මානය අවට වෙසෙන ජනතාවටත් විශිෂ්ට මට්ටමේ 4G LTE සම්බන්ධතා පහසුකම් හිමිවනු ඇත. 

රණවිරු ගම්මාන යනු ජාතික ආරක්ෂාව වෙනුවෙන් මහත් වූ කැපකිරීම් සිදුකළ රණවිරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රට පුරා ඉදිකරන ලද නිවාස ව්‍යාපෘති එකතුවකි. මෙම අවස්ථාවට SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයෝ පිරිසක් එක්වූහ. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply