SLT-MOBITEL සියලු ප්‍රජාවන් සමග එක්ව ආදරවන්තයන්ගේ දිනය සමරයි

Share with your friend

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ‘සබැඳියාවේ ආදරය’ නමින් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේ ය. සාම්ප්‍රදායික ආදරවන්තයන්ගේ දින සැමරුම් වල සීමාවෙන් ඔබ්බට යමින්, විවිධ ප්‍රජාවන් සමග එක්වී, වයස් භේදයකින් තොරව සතුට හා දයාව සමග සුභවාදී සිතිවිලි බෙදාහදා ගැනීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ විය. 

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, ළමා නිවාස වල වෙසෙන දරුදැරියන්ට සහ, නගරය පිරිසිදුව තබාගැනීමට ඉමහත් කැපවීමෙන් යුතුව කටයුතු කරන නගර සභා කාර්ය මණ්ඩලයට ‘සබැඳියාවේ ආදරය’ වැඩසටහන සමග එක්වීමට අවස්ථාව උදා විය. සියලු දෙනාට තම ආදරණීයයන් සමග සතුට බෙදා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා Independence Arcade හිදී සංගීත ප්‍රසංගයක්ද පවත්වන ලදි. මෙහිදී වාසනාවන්ත ජයග්‍රාහකයන් 24 දෙනෙකුට කොළඹ නගරයේ සීප්ලේන් සංචාරයක් සඳහා සුවිශේෂී අවස්ථාවක් උදා විය. 


Share with your friend