SLT-MOBITEL, KOKO සමග අත්වැල් බැඳගත් ප්‍රථම දුරකථන සමාගම බවට පත් වෙමින් ඩිජිටල් උපාංග සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දෙයි

Share with your friend

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට පුරෝගාමී පහසු ගෙවීමේ [Buy Now, Pay Later (BNPL)] පදනම වන KOKO සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. මෙරට දුරකථන සමාගමක් KOKO සමග හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මේ යටතේ පාරිභෝගිකයන්ට පහසු ගෙවීමේ ක්‍රමයට 4G සහ 5G දුරකථන මෙන්ම රවුටර් වැනි උපාංග මිලදී ගැනීමට හැකි වනු ඇත. 

KOKO ප්‍රාදේශීය ප්‍රධාන විධායක නිලධාරී මයිකල් සතාසිවම් මහතා සහ MOBITEL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ මහතා විසින් අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව. (වමේ සිට) Mobitel ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන අලෙවිකරණ) සහ eChannelling PLC සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී ඉසුරු දිසානායක, Mobitel ප්‍රධාන නීති නිලධාරී නාමල් රත්නායක, SLT-MOBITEL ප්‍රධාන නිලධාරී (සැපයුම් දාම කළමනාකරණ) ජීවපද්ම සඳගෝමී සහ SLT-MOBITEL ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක යන මහත්වරුන් සමග KOKO වෙනුවෙන් එහි ප්‍රධානී දිනුකි ලක්නා කරුණාතිලක, වාණිජ කළමනාකාරිනී ධරණී සුමනසේකර, ප්‍රධාන ගිණුම් කළමනාකරු අහමඩ් මොහොමඩ් අස්මත් සහ අලෙවි ප්‍රධානී නිරෝධන් සේගර් යන මහත්ම මහත්මීහුද ඡායාරූපයෙහි වෙති. 
  

SLT-MOBITEL යනු කවදත් පාරිභෝගිකයන්ට මුල් තැන දෙමින් නව විසඳුම් හඳුන්වා දෙන දුරකථන සේවා සමාගමකි. පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතා වටහා ගනිමින්, වෙළඳපොළේ පවතින ඉල්ලුමට අනුව සේවා සපයන අතරම සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ගෙවන මිලට උපරිම වටිනාකමක් හිමි වන බව සහතික කිරීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ. එමෙන්ම ප්‍රමිතියට කිසිදු බලපෑමක් ඇති නොවන ආකාරයට පාරිභෝගිකයන්ට සහනදායී ලෙස සේවා ලබාගැනීමට අවස්ථාව සලසා දීමට SLT-MOBITEL සෑම විටම උත්සාහ දරයි. 

මෙම හවුල්කාරීත්වය, රටේ ඩිජිටල් පරිවර්තනයට අත්වැලක් වීම සඳහා SLT-MOBITEL දරන උත්සාහය සමගද මැනැවින් සමගාමී වේ. ආර්ථිකමය බාධාවන්ගෙන් තොරව සැමට උසස් තාක්ෂණය භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම SLT-MOBITEL සතු ප්‍රධානතම ඉලක්කයකි. සහනදායී මාසික ගෙවීම් ක්‍රම යටතේ පාරිභෝගිකයන්ට නවීනතම ඩිජිටල් උපාංග මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම තුළින් රටේ වැඩි පිරිසක් ඩිජිටල් තාක්ෂණය වෙත යොමුකරවීමට SLT-MOBITEL සමාගමට හැකි වනු ඇත. එමෙන්ම එය රට තුළ 5G තාක්ෂණ භාවිතය වේගවත් කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයද තවදුරටත් ශක්තිමත් කරනු නිසැකය. 

SLT-MOBITEL සහ KOKO අතර හවුල්කාරීත්වයත් ඇති වීම යනු පාරිභෝගිකයන්ට බෙහෙවින්ම සුභ ආරංචියකි. මෙමගින් ඔවුන්ට නවීනතම ස්මාර්ට් දුරකථන, රවුටර් සහ වෙනත් උපකරණ හා උපාංග වර්ග සහනදායී මාසික වාරික යටතේ පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගත හැකි වේ. 

නම්‍යශීලී පහසු ගෙවීමේ ක්‍රම යනු ඩිජිටල් වාණිජ සේවාවන් සහ තාක්ෂණ භාවිතය ප්‍රචලිත කිරීමේදී අතිශයින් වැදගත් වන සාධකයකි. එබඳු ක්‍රම පැවතීම  මගින් විශේෂයෙන් තරුණ වෘත්තිකයන්, ශිෂ්‍යයන් සහ පොදුවේ තාක්ෂණය පිළිබඳව උනන්දුවක් දක්වන්නන් ඇතුළු සියලුම දෙනාට විශාල මුදලක් එකවර ආයෝජනය කිරීමෙන් තොරව, තම ආර්ථික හැකියාවන්ට අනුව මාසිකව දැරිය හැකි මුදලක් වැය කරමින් තමන්ට අවශ්‍ය ඩිජිටල් උපාංග මිලදී ගත හැකි වේ. 

KOKO හරහා හඳුන්වා දෙන පහසු ගෙවීමේ ක්‍රම ඔස්සේ පාරිභෝගිකයන්ට මින් ඉදිරියට අවම රු. 3,866 ක් වැනි මුදලක්  සහනදායී මාසික වාරික තුනකින් ගෙවීමේ පහසුව යටතේ නවීනතම ඩිජිටල් උපාංග මිලදී ගැනීමට හැකි වනු ඇත.
Samsung Galaxy F16 5G 6+128GB, Samsung A06 4+64GB, Realme Note 60 4GB, 128GB, and Redmi A5 4+128. High-performance devices comprise the HMD Crest 5G 6+128GB සහ HONOR X5b 4GB+64GB වැනි නවීනතම ස්මාර්ට් දුරකථන මෙන්ම 4G Mobile Router සහ 4G Wingle වැනි නවීනතම අන්තර්ජාල උපාංගද මේ යටතේ මිලදී ගත හැකි වේ. 

KOKO ගෙවීම් පදනම සැලසුම් කර ඇත්තේ පාරිභෝගිකයන් සතු කාඩ්පත් සහ බැංකු ගිණුම් ආදිය පහසුවෙන් සම්බන්ධ කළ හැකි වන පරිද්දෙනි. එම නිසා පාරිභෝගිකයන්ට තම ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් මෙන්ම බැංකු ගිණුම් භාවිතා කරමින් ඉහත සඳහන් ඩිජිටල් උපාංග මිලදී ගැනීමට හැකි වනු ඇත. KOKO සේවාවට ඇතුළත් කර ඇති ගිණුම් කළමනාකරණ ක්‍රමවේදයන් නිසා පාරිභෝගිකයන්ට තම ගෙවීම්, වාරික සහ මිලදී ගැනීම් ඉතිහාසය ඇතුළු තොරතුරු, ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණතක් හරහා පරීක්ෂා කළ හැකි වේ. 

SLT-MOBITEL අලෙවිසැල්, එහි බලයලත් නියෝජිතයන් සහ SLT-MOBITEL ඩිජිටල් නාලිකා හරහා මින් ඉදිරියට KOKO පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ඩිජිටල් උපාංග මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වනු ඇත.


Share with your friend