නැගෙනහිර මුහුදු තීරයේ නොඉඳුල් සුන්දරත්වයක් දෙස් විදෙස් සංචාරකයින්ට සමීප කරවන Sun Siyam Pasikudah හෝටලය, ඉතාලි ජාතික සුප්‍රකට පොප් ගායිකාවකවන Matilde G සහ ශ්‍රී ලාංකික DJ ශිල්පියෙක් සහ සංගීත නිෂ්පාදකයෙක්වන DJ Rapa සමඟින් දෙසැම්බර් මාසයේ උත්සවශ්රීය තවදුරටත් තීව්ර කිරීමට පියවර ගෙන තිබේ.
ඉකුත් වසරේ ඩුබායිහිදී පැවැති MUSIVV Award 2023 සම්මාන උළෙලේදී මැදපෙරදිග කලාපයෙන් පිටත හොඳම ගායිකාව ලෙස ද සම්මාන දිනූ පොප් ගායිකා Matilde G, ලොව පුරා ප්‍රසිද්ධ සංගීත වේදිකා රැසක් සිය ගායනයෙන් හැඩගන්වා තිබේ. සිංගප්පූරුවේ වාසය කරන ඇය දෙසැම්බර් 21 දින Sun Siyam Pasikudah හිදී විශේෂ සංගීත වැඩසටහනක් ඉදිරිපත් කිරීමට නියමිතය. Universal සංගීත ලේබලය සමඟ ස්වාධීන කලාකාරිනියක ලෙස කටයුතු කරන ඇගේ සංගීත නිර්මාණ මිලියන 10කට අධිකව ශ්‍රවණ වාර සංඛ්‍යාවක් සහ මිලියන 8කට වැඩි YouTube නැරඹුම් වාර හිමිකරගැනීමට ද සමත්ව තිබේ. මාලදිවයිනේ Sun Siyam Resort හෝටල් සමූහය සමඟ සහයෝගීතාවක් ඇති Matilde, 2023 සිංගප්පූරු Formula 1 Grand Prix තරගාවලිය ඇතුළු ඉහළ මට්ටමේ උත්සව රැසකදී තම ගායනා ඉදිරිපත්කර තිබේ.
මේ අතර ශ්‍රී ලාංකික සංගීත ශිල්පී DJ Rapa සමඟ එක්ව Sun Siyam Pasikudah හි නත්තල් දින සන්ධ්‍යාව රසවත් කිරීමට ද Matilde G යළිත් එක්වනු ඇත. එදිනම කුඩා දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ නත්තල් කුකී සෑදීමේ සූපවේදී වැඩසටහනක් ද හෝටලය විසින් සංවිධානයකර තිබේ.
නත්තල් දිනයේදී ද පිහිනුම් තටාකය අද්දර DJ RAPAගේ සංගීත මුසුවෙන් මත්වීමට සංචාරකයින්ට අවස්ථා උදාවේ. සන්ධ්‍යා භාගයේදී බාබක්‍යු රාත්‍රී ආහාරයක් සැලසුම්කර ඇති අතර, සජීවී සංගීතය ද සමඟින් නත්තල් සීයා හෝටල් බිමට පිවිසීමට නියමිත ය. මේ සියල්ල අතරේ Aqua Lounge හිදී කොක්ටේල් මිහිර අත්විඳීමට ද සංචාරකයින්ට අවස්ථාව හිමිවේ.
වසර අවසානයේ උත්සවශ්රීය තවදුරටත් ඔප් නංවමින් විවිධ වැඩසටහන් රැසක් Sun Siyam Pasikudah හෝටලය මගින් සංවිධානයකර තිබේ. කුඩා දරුවන් වෙනුවෙන් විනෝදය පිරුණු treasure hunt තරගයක් සංවිධානය කෙරෙන අතර වැඩිහිටියන්ට පිහිනුම් තටාකය අද්දර DJ සංගීතය විඳගත හැක. වසරේ අවසාන දින සන්ධ්‍යාවේදී නව වසර පිළිගනිමින් වෙරළ මත දැවැන්ත රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කෙරේ. නව වසරේ උදාව සමරමින් සාම්ප්‍රදායිකත්වයට මුල් තැන දෙමින් කිරි ඉතිරවීමේ චාරිත්‍රයත්, දේශීය ආහාරපානවලින් යුත් නව අවුරුදු උදා ආහාර භෝජනයක් ද සැලසුම්කර තිබේ. කෙරේ.
විලා කාමර ඒකක 34කින් සහ පෞද්ගලික පිහිනුම් තටාකවලින් සුසැදි Sun Siyam Pasikudah හෝටලය තිරසර සුඛෝපභෝගී ගමනාන්තයක් ලෙස නමක් දිනාගෙන සිටියි. Beach Shack, The Cellar සහ Tea House ඇතුළු හෝටලය සතු විවිධ අවන්හල් ආශ්‍රිතව දිවයිනේ නන් විධ ආහාරපාන රස රැසක් සංචාරකයින්ට සමීප කිරීමට ද හැකිවී තිබේ. නැගෙනහිර වෙරළ තීරයේ විශාලතම වයින් එකතුවට හිමිකම් කියන්නේ ද Sun Siyam Pasikudah හෝටලය වීම තවත් විශේෂත්වයකි. තව ද හෝටලය සතුව කුඩා දරුවන් වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ පෙදෙසක්, කැරෝකේ කාමරයක් ආදී තවත් අවශේෂ පහසුකම් රැසක් ද පවතී. www.sunsiyam.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +94 65 2055555 දුරකථන අංකය ඇමතීමෙන් වැඩිදුර තොරතුරු විමසීමටත්, වට්ටම් ආදිය ගැන දැනුවත් වීමටත් මෙන්ම නවාතැන් වෙන්කරවාගැනීමටත් හැකිවේ.
– අවසන් –