සුන්දර පාසිකුඩා වෙරළ තීරයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී බුටික් හෝටලයක්වන Sun Siyam Pasikudah හෝටලය පසුගියදා නැගෙනහිර වෙරළතීරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත්කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.

හෝටලයේ තිරසර ව්‍යාපෘතියවන , Sun Siyam Cares යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනට හෝටල් කාර්යමණ්ඩලය, සංචාරකයින් මෙන්ම ප්‍රදේශවාසීන් ද එක්වීම කැපීපෙනුණි. වෙරළට ගොඩගසා තිබූ ප්ලාස්ටික් කැළිකසල ඉවත් කිරීම ඉලක්ක කරගත් මෙම වැඩසටහන තුළින් පරිසර ආරක්ෂණයට සහ ප්‍රජා සත්කාර වෙනුවෙන් හෝටලය සතු කැපවීම සහ උනන්දුව මැනවින් පිළිබිඹු විය.
පරිසර පද්ධතියේ ජෛව විවිධත්වයට මෙන්ම සංචාරක ආකර්ෂණයට අහිතකර ලෙස බලපාන, ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් ආවරණ, අත්හැර දැමූ ධීවර ආම්පන්න සහ වෙනත් මුහුදාශ්‍රිත අපද්‍රව්‍ය රැසක් මෙහිදී ඉවත් කෙරුණි. මෙම අපද්‍රව්‍ය සියල්ල වෙන්කර අදාළ ප්රතිචක්රීයකරණ වැඩසටහන් වෙත යොමුකිරීම ද ඊට සමගාමීව සිදුවිය. තව ද ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර හානිය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමට ද මෙම අවස්ථාව භාවිතයට ගැනුණි.
මෙම වැඩසටහන ජාත්‍යන්තර කීර්තියට පත් Sun Siyam Pasikudah හි පුළුල් තිරසර න්‍යාය පත්‍රයට අයත් වේ. මේ අතර Tripadvisor Travelers’ Choice හරහා 2025 වසරේ ‘Best of the Best’ කාණ්ඩයේ හෝටලයක් ලෙස ද Sun Siyam Pasikudah නම් කෙරුණි. අද්විතීය සේවාව, සංචාරක අත්දැකීම් සහ තිරසර භාවිතාව වෙනුවෙන් ලොව සියලු හෝටල් අතුරින් සියයට 10කට පමණක් හිමිවන සුවිශේෂී සහතිකයකි. ඊට අමතරව බලශක්ති සංරක්ෂණය සහ වනජීවී ආරක්ෂණය වෙනුවෙන් වූ පුළුල් පාරිසරික සහ සමාජීය පරාමිතීන් අනුගමනය කිරීම වෙනුවෙන් සුප්‍රකට Travelife Gold සහතිකය ද හෝටලයට හිමිව තිබේ.
Sun Siyam Pasikudah හි සෑම ක්‍රියාකාරකමක් තුළම තිරසරත්වය අන්තර්ගත වී ඇති අතර, හෝටල් භූමිය තුළම කාබනික වගාවක් පවත්වාගෙන යාමට පියවර ගෙන තිබේ. එහි විවිධ පලතුරු, එළවලු, පලා ඇතුළු භෝග වර්ග 38කට වැඩි ප්‍රමාණයක් පවතින අතර ආහාර වර්ග රැසක් ආනයනය කිරීමේ අවශ්‍යතාව ද ඉන් වළක්වාගත හැක. තව ද බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් සූර්ය පැනල භාවිතකරන අතර, ජල කළමනාකරණ පද්ධතියක් හරහා ජලය අපතේ යාම ද වළක්වාගෙන තිබේ. හෝටලය තුළ අලෝකකරණය වෙනුවෙන් ද ඉතාමත් කාර්යක්ෂම ලෙස බලශක්තිය භාවිත කෙරෙන අතර,වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් භාවිතය මුළුමනින්ම අත්හැර තිබේ.

මෙසේ පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් දායකවීමට අමතරව, ප්‍රාදේශීය ජනතාවගේ ජීවනෝපාය නැංවීමට ද හෝටලය විශාල කාර්යභාරයක් ඉටුකරයි. හෝටල් කාර්යමණ්ඩලයෙන් සියයට 90ක්ම ප්‍රදේශයෙන් බඳවාගෙන ඇති අතර, ප්‍රාදේශීය කලාශිල්පීන් සහ උරුමය හෝටලයට පැමිණෙන සංචාරකයින් වෙත හඳුන්වාදීමට ද කටයුතු කර තිබේ.
2023 වසර අගභාගයේදී Sun Siyam Pasikudah හෝටලය යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ සංචාරක පිබිදීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකිරීමට සමත්විය. විශේෂයෙන්ම නැගෙනහිර වෙරළට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය සැළකිය යුතු ලෙස වර්ධනය කිරීමට මෙන්ම පාසිකුඩා ප්‍රදේශය සංචාරක මරමස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, ප්‍රදේශයට දිගුකාලීන ආර්ථික ප්රතිලාභ සැලසීමටත් හැකිව තිබේ.
මෙවැනි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් වැනි දෑ සංවිධානය කිරීම තුළින් සංචාරක ක්ෂේත්රයේ ආයතන සාමූහික ලෙස සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ කදිම ආදර්ශයක් සපයයි. Sun Siyam Pasikudah පිළිබඳ වැඩිදුර තොරතුරු 0652055555 දුරකථන අංකය ඔස්සේ හෝ https://www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.