Sysco LABS විසින් අවශ්‍යතා ඇති ප්‍රජාවන් සඳහා ‘Share a Meal. Share a Moment’ වැඩසටහනේ 4 වන අදියර ක්‍රියාත්මක කරයි

Share with your friend

Sysco LABS Sri Lanka විසින් සිය සමාගමේ ප්‍රමුඛතම සමාජ සුභසාධන(CSR) ව්‍යාපෘතිය වන ‘Share a Meal. Share a Moment’ වැඩසටහනෙහි 4 වන අදියර අවශ්‍යතා ඇති හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. Sysco LABS යනු ලොව ගෝලීය ආහාර සේවාවේ ප්‍රමුඛයා වන Sysco Corporation හි නවෝත්පාදන අංශය වේ. මෙම මුලපිරීම ‘ආහාර බෙදා ගැනීමට සහ එකිනෙකාව රැකබලා ගැනීමෙන් ලෝකය එක් කිරීම’ යන Sysco හි අරමුණ සමඟ පෙළගැසී ඇත.

පෙර නොවූ විරූ ලෙස ඉහළ යන උද්ධමනය සහ වේගයෙන් කඩා වැටෙන ආර්ථිකය හේතුවෙන් මේ වන විට ජනතාව මුහුණ දෙන අරගල සහ දැවැන්ත පීඩාවන් සැලකිල්ලට ගනිමින්,Sysco LABS හි ‘Share a Meal. Share a Moment’ වැඩසටහනෙහි 4 වන අදියර කොළඹ තදාසන්න ප්‍රදේශවල අඩු ආදායම් ලාභී හා වරප්‍රසාද නොලත් ප්‍රජාවන් හට සහාය වීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක විය. ඒ අනුව පසුගිය අප්‍රේල් මස අවසන් සතියේ අවශ්‍යතා ඇති පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම මෙන්ම සහන කටයුතු සලසා දීම සිදු කරන ලදී.

මෙම 4 අදියර සංවිධානය කරන ලද්දේ Sysco හි කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ සුහදත්වය වර්ධනය සඳහා පහසුකම් සපයන, සේවකයින් විසින් මෙහෙයවන අභ්‍යන්තර සංගමයක් වන Sysco LABS Ministry of Fun විසිනි. Sysco LABS විසින් සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය සඳහා වෙන් කරන ලද මුදලෙන් කොටසක් මෙම වටිනා කාර්යයට අරමුදල් වශයෙන් නැවත වෙන් කරන ලදී. Sysco LABS හි සේවකයින්ගේ පුද්ගලික පරිත්‍යාග සහ බෙදාහැරීමේ කටයුතු සාර්ථකව කර ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙමින් මෙම මුලපිරීම වෙනුවෙන් ඔවුන් මුළු හදවතින්ම දායක විය.

ශ්‍රී ලංකාව පුරා සිටින ප්‍රජාවන් ගොඩනැගීමට සහ නඟා සිටුවීමට කැපවී සිටින ලාභ නොලබන සංවිධානයක් වන Alliance Development Trust (ADT) සමඟ එක්ව මෙම වියළි සලාක බෙදා දෙන ලදී.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply