TikTok, text posts හඳුන්වා දෙමින් පරිශීලකයින්ට තම අදහස් ප‍්‍රකාශ කිරීමට ආකර්ෂණීය නව මඟක් විවෘත කරයි

Share with your friend

කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛතම වේදිකාවක් වන TikTok, නිර්මාණකරුවන් සවිබල ගැන්වීමට සහ ස්වයං ප‍්‍රකාශනය සඳහා ආකර්ෂණීය අවස්ථා ලබා දීමට නිර්මාණය කර ඇති නව්‍ය ආකෘතියක් වන text posts දියත් කිරීම පිළිබඳව නිවේදනය කළේය. Text posts සමඟින්, TikTok අන්තර්ගත නිර්මාණකරණයේ සීමාවන් පුළුල් කරමින් එහි නිර්මාණශීලී ප‍්‍රජාවට ඔවුන්ගේ කථා, කවි, කෑම වට්ටෝරු සහ අනෙකුත් ලිඛිත අන්තර්ගතයන් ප‍්‍රදර්ශනය කිරීමට තවත් නව ක‍්‍රම ඉදිරිපත් කරයි.

TikTok සැමවිටම උත්සාහ කරන්නේ සිය පරිශීලකයින්ගේ නිර්මාණශීලී ප‍්‍රකාශනයට අනුබල දෙන නව්‍ය මෙවලම් සමඟින් එහි නිර්මාණකරුවන් සහ ප‍්‍රජාව සවිබල ගැන්වීමටයි TikTok හි නිර්මාණශීලිත්වය පෝෂණය කිරීමට ඇති කැපවීම වීඩියෝ, ඡායාරූප, යුගල ඉදිරිපත් කිරීම් සහ මැහුම් ඇතුළු විවිධ අන්තර්ගත ආකෘති නිර්මාණයට හේතු වී ඇත. Text posts හඳුන්වාදීම අන්තර්ගතයන්ට තවත් මාර්ගයක් විවර කරයි. නිර්මාණකරුවන්ට ඔවුන්ගේ අදහස් ලිඛිතව පහසුවෙන් බෙදා ගැනීමට හැකි වන අතර එය පේ‍්‍රක්ෂකයින් ආකර්ෂණය කර ගැනීම වඩාත් පහසු කරයි.

බාධාවකින් තොර ප‍්‍රකාශන අත්දැකීමක් ලබාදීම
Text posts පදනම් වූ අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ බෙදාහදා ගැනීම කිසි විටෙක සරල කටයුත්තක් නොවෙයි. පරිශීලකයින්ට දැන් Camera page හි විකල්ප තුනක් තෝරා ගත හැකිය. එනම් ඡායාරූප, වීඩියෝ සහ text posts ආදියයි. Text posts තේරීමෙන් text නිර්මාණ පිටුව විවෘත වන අතර, නිර්මාණකරුවන්ට තම සිතුවිලි සහ අදහස් වඩාත් පරිශීලක-හිතකාමී ලෙස පහසුවෙන් සටහන් කළ හැකිය.

ඒ ඒ පරිශීලකයාගේ කැමැත්ත මත ප‍්‍රබල post එකක් පළ කිරීමට දිරිගන්වයි
ඔබ TikTok හි post පිටුවට ගිය පසු, පරිශීලකයින් තම text posts ඕනෑම වීඩියෝවක් හෝ ඡුායාරූපයක් මෙන් වෙනස් කිරීමට සහ ආකර්ෂණීය කිරීමට ඉඩ සලසයි. ශබ්දය එකතු කිරීම, ස්ථාන ටැග් කිරීම, අදහස් දැක්වීම් සක‍්‍රීය කිරීම සහ යුගල ඉදිරිපත් කරන්නන්ට ආරාධනා කිරීම යන සියල්ල TikTok වෙතින් අත්විඳීමට සලස්වනු ලබයි.

නිර්මාණශීලීත්වය පුළුල් කිරීම සඳහා ආකර්ෂණීය විශේෂාංග
Text posts පෙර නොවූ විරූ ලෙස එැංඑ පාදක කරගත් අන්තර්ගතය ඉහළ නැංවීමට සහ පේ‍්‍රක්ෂකයින් ආකර්ෂණය කර ගැනීමට සැලසුම් කර ඇති විශේෂාංග රාශියකින් පිරී ඇත. 

  • ස්ටිකර්ස්: අන්තර්ගතයට අනුපූරක වන සහ ඒ ඒ පරිශීලකයාගේ පෞරුෂය මනාව ප‍්‍රකාශ කරන ස්ටිකර් එකතුවකි.
  • ටැග් සහ හෑෂ්ටැග්: නිර්මාණකරුවන්ට ගිණුම් ටැග් කිරීමෙන් සහ නව ප‍්‍රවණතා හැෂ්ටැග් සමඟ අදාල සංවාදවලට සම්බන්ධ වීමෙන් අන් අය සමඟ සම්බන්ධ විය හැක.
  • පසුබිම් වර්ණ: ඒ ඒ පරිශීලකයින්ට ගැලපෙන පරිදි සහ ඔවුන්ගේ text posts වඩාත් ආකර්ෂණීය කිරීමට පසුබිම් වර්ණ පුළුල් පරාසයකින් තෝරා ගත හැක.
  • ශබ්දය එකතු කිරීම: සංගීතය TikTok හි මූලික සාධකයක් වන අතර, දැන්, එය සටහන්වලට බාධාවකින් තොරව ඒකාබද්ධ වන අතර, පරිපූර්ණ ශබ්ද සමඟින් කියවීමේ අත්දැකීම වැඩි දියුණු කරයි.
  • කටු සටහන සහ ඉවත් කිරීම (Draft and discard): නිර්මාණාත්මක අත්හදා බැලීම් වෙනුවෙන්, කටු සටහන සුරැකීමේ සහ ප‍්‍රකාශනය නොකළ පළ කිරීම් නැවත බැලීමේ හැකියාව සමඟ, නිර්මාණකරුවන්ට ඔවුන්ගේ කාර්යය කිරීමට නිදහස මෙහිදී තිබේ. 

TikTok නිර්මාණාත්මක සීමාවන් පුළුල් කිරීමට සහ විවිධ අවස්ථාවන් ලබාදෙන වේදිකාවක් වැඩිදියුණු කිරීමට කැපවී සිටී. ලිඛිත ප‍්‍රකාශනය සඳහා නිර්මාණකරුවන් සවිබල ගැන්වීමෙන්, TikTok කතා ඉදිරිපත් කිරීමට, කලාත්මක අන්තර්ගතයන් ගවේෂණයට සහ නිර්මාණකරණයේ නියැලීම සඳහා නව මංපෙත් විවර කරයි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply