Unilever Sri Lanka හි වාණිජ වෙබ් අඩවියෙන් පාරිභෝගිකයින්ට සුවිශේෂී අත්දැකීමක් පිරිනැමීමට, CBL Group සමඟ අත්වැල් බැඳ ගනියි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Unilever Sri Lanka සමාගමේ නිල වාණිජ වෙබ් අඩවිය වන UStore.lk, දැන් CBL Group හා ඇති කරගත් හවුල්කාරිත්වයෙන් එහි නිෂ්පාදන පරාසය තවදුරටත් පුළුල් කර තිබේ. ඒ අනුව, UStore.lk නිෂ්පාදන පුළුල් කිරීමේ අදියර මාලාවක පළමු වැන්න ලෙසින් එළඹුණු මෙම සුවිශේෂී පියවර මගින්, අන්තර්ජාල සාප්පු සවාරි අත්දැකීම් පාරිභෝගිකයින්ට වඩාත් පහසු කරමින්, ශ්‍රී ලංකාවේ ඊ – වාණිජ වෙළෙඳාම සාර්ථකව මෙහෙයවීමේ Unilever Sri Lanka අඛණ්ඩ කැපවීමද පිළිබිඹු කෙරේ.

(L-R)- Asanke Ediriarachchige, Head of Modern Trade and Digital Commerce, Unilever Sri Lanka, Bathiya Dayaratne, Customer Development Director, Unilever Sri Lanka, Hajar Alafifi, Chairperson and Managing Director, Unilever Sri Lanka, Shea Wickramasingha, Group Managing Director, CBL Group, Nalin Karunarathna, Director/CEO, Ceylon Biscuits Ltd, CBL Exports (Pvt) Ltd, Danoj Hinshan, Group Head of Modern Trade, CBL Group

UStore.lk මුල්වරට දියත් කෙරුණු 2019 වසරේ පටන්ම නොමද පාරිභෝගික පිළිගැනීමට පාත්‍ර විණි. ඒ, ඔවුන්ට සිය නිවෙස්වල සුවපහසුව හිඳින අතරෙහිම, භාණ්ඩ ඇණවුම් කර නිවසටම ගෙන්වාගත හැකි බැවිනි. ප්‍රකට වෙළෙඳ සන්නාමයන්ගෙන් වෙළෙඳ පොළ ජයගත් බිස්කට් හා රසකැවිලි, කුළුබඩු, ධාන්‍ය වර්ග, පොල් කිරි සහ  සීරියල් ඇතුළුව භාණ්ඩ වර්ග  80 කට අධික ප්‍රමාණයක් දැන්  CBL Group වෙතින් එක් කිරීමත් සමඟ, ප්‍රවාහන ගාස්තුවලින් තොරව දිවයින පුරා බෙදා හැරෙන නිෂ්පාදන 300 කට අධික ප්‍රමාණයකින් මෙම වාණිජ වෙබ් අඩවිය සමන්විත ය.

ස්වකීය අවශ්‍යතා පෙළඹීම් හා අවස්ථාවන්ට අනුකූලව, විවිධ වර්ගයේ භාණ්ඩ අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට පුරුදුව සිටින වත්මන් පාරිභෝගිකයින්, අන් කවරදාටත් වඩා දැනුම්වත්භාවයෙන් යුක්තය. UStore.lk මගින් භාණ්ඩ රැසක්ම ඔවුන් වෙත පිරිනමන Unilever Sri Lanka සමාගමේ අපේක්ෂාව වන්නේ, විශිෂ්ටතම සන්නාමයන්හි භාණ්ඩ හා සුවිශේෂී දීමනා පිරිනමන අතරෙහි, පාරිභෝගික පහසුව සලසමින් සියලු අවශ්‍යතා එකම වෙබ් අඩවියක් තුළින් මිලදී ගැනීමට අවකාශ සැලසීමයි. ඒ හේතුවෙන්, වෙබ් අඩවියෙහි ඇතුළත් සෑම සන්නාමයකම භාණ්ඩ, අදාළත්වය, අවශ්‍යතාවය, විශේෂත්වය සහ තිරසර නිර්ණායක ඇතුළත් පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් දත්ත හා ප්‍රවණතා මත පදනම් වූ ක්‍රියාවලියකට අනුව තෝරා,  ඉදිරිපත් කර තිබේ. ඉන් පාරිභෝගික කේන්ද්‍රීය තෝරා ගැනීමක් සඳහා ඉඩකඩ සලසන නමුත්, විශේෂයෙන්ම, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් ඉලක්ක කරගත් දත්ත හා හඳුනාගත් ප්‍රවණතා මත පදනම්ව සුවිශේෂී භාණ්ඩ පැකේජද පිරිනැමේ. 

මේ පිළිබඳව අදහස් දක්වමින්  Unilever Sri Lanka සභාපතිනි සහ කළමනාකාර අධ්‍යක්ෂිකා හාජාර් අලාෆිෆි   මහත්මිය මෙලෙස සඳහන් කළාය. “UStore.lk මුලින්ම ආරම්භ කළේ, මාදිලි ගණනාවක Unilever නිෂ්පාදන සියල්ල අංග සම්පූර්ණ වෙබ් අඩවියක් මගින් පාරිභෝගිකයින්ට මිලදී ගැනීම පහසු කිරීමටයි. එය පාරිභෝගික භාණ්ඩ වෙත ප්‍රවේශය වඩාත් පහසු කරන පුළුල් වෙබ් අඩවියක් බවට පත් කිරීමේ, Unilever පාරිභෝගික සංවර්ධන හා තොරතුරු තාක්ෂණ කණ්ඩායම්වල උත්සාහය මල්ඵල ගැන්වී තිබීම දැකීමත් සතුටක්. වසර ගණනාවක් තිස්සේ මෙරට මුල් බැස, ජනතාවගේ පිළිගැනීමට පාත්‍ර වූ Unilever සහ CBL Group මේ සඳහා අත්වැල් බැඳ ගැනීම පිළිබඳව මම අතිශය සතුටට පත් වෙනවා.”

CBL Group හි කළමනාකාර අධ්‍යක්ෂිකා ශියා වික්‍රමසිංහ මහත්මියද සිය අදහස් පළ කළාය. “සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වාණිජ වෙබ් අඩවියක් ඔස්සේ පාරිභෝගිකයින් හා සෘජුවම සම්බන්ධ වී ඔවුන්ට ඉහළම පාරිභෝගික අත්දැකීමක් පිරිනැමීමට හැකියාව සලසමින්, UStore.lk හරහා Unilever සමඟ අප ඇති කරගත්  හවුල්කාරිත්වය ගැන මම සතුටට පත්වෙනවා. දිවයින පුරා පාරිභෝගිකයින්ට  දැන් UStore.lk වෙත පිවිස  සුවිශේෂී දීමනා හා වාසි අත්විඳින අතරෙහි  ආහාරපාන වර්ග, පෞද්ගලික සත්කාරක භාණ්ඩ සහ නිවෙස්වලට අවශ්‍ය ද්‍රව්‍ය පහසුවෙන් මිලදී ගත හැකියි.”

පාරිභෝගිකයින්ට 2023 ජූනි මස 16 වැනිදා දින සිට CBL Group නිෂ්පාදන මෙලෙස UStore.lk වෙතින් ලබා ගත හැක. වසර 85ක් තිස්සේම මෙරට ගැඹුරින් මුල් බැස තිබෙන Unilever Sri Lanka, සැබෑ ශ්‍රී ලාංකේය ජීවන රටාව ආරක්ෂා කරමින් එය පෝෂණය කරමින් කටයුතු කරයි. එය ශ්‍රී ලංකාව තුළ සීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගෙන ඇත්තේ, සමාගමේ නිෂ්පාදනවලින් 96% ක්ම දේශීය වශයෙන් නිෂ්පාදනය කරමින් වීම විශේෂත්වයකි


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply