ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඕස්ට්‍රේලියානු උසස් අධ්‍යාපනික ආයතනයක් වන VIEC, ශ්‍රී ලාංකික සිසුන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරමින්, ඕස්ට්‍රේලියානු අධ්‍යාපනික ප්‍රදර්ශනය පවත්වයි. මෙරට සිසුන්ගේ ඕස්ට්‍රේලියානු අධ්‍යාපනික ගමනේ මුල්ම පියවර මල්ඵල ගැන්වීම උදෙසා, අධ්‍යාපනික ක්ෂේත්රයේ මහත් බලාපොරොත්තු දල්වමින් සංවිධානය කර තිබූ එම ප්‍රදර්ශනය, දිවයිනේ ප්‍රදේශ දෙකකදී අති සාර්ථකව පැවැත්විණි.
ශ්‍රී ලාංකීය සිසුන් වෙත ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන අවස්ථා විවර කරමින්, පෙබරවාරි 14 වැනිදා කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේ ක්‍රිස්ටල් බෝල්රූම් හිදී මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය පැවති අතර, 17 වැනිදා ප්‍රදර්ශනය පැවැත්වුණේ, මහනුවර VIEC පරිශ්‍රයේය. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල ගණනාවක එකතුවෙන් ප්‍රදර්ශනය පැවති අතර, ලා ට්‍රෝබ් විශ්ව විද්‍යාලය, වික්ටෝරියා විශ්ව විද්‍යාලය, කප්ලන් ව්‍යාපාරික පාසල, නවිටාස්, RMIT විශ්ව විද්‍යාලය, Macquarie විශ්ව විද්‍යාලය, මෙල්බර්න් තාක්ෂණික ආයතනය මෙන්ම, කර්ටින් විශ්ව විද්‍යාලය, JMC ඇකඩමි යන විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනයන්හි නියෝජිතයෝද ඊට එක්ව සිටියහ. අනාගතයේ තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු, ව්‍යාපාරික හා විද්‍යා යන අංශවලින් උසස් අධ්‍යාපන සිහින දකින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් වෙනුවෙන්, ඕස්ට්‍රේලියානු අධ්‍යාපනික දොරගුළු විවර කිරීමට කොළඹත්, මහනුවරත් පැවැති ප්‍රදර්ශනය මාහැඟි තෝතැන්නක් බවට පත්ව තිබුණු අතර, මෙරට බොහෝ සිසු සිසුවියන්ගේ ඕස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන සිහිනය වෙනුවෙන් වූ පළමු පියවර බවටද එය පත්ව තිබිණි.
කොළඹ හා මහනුවර පැවති ප්‍රදර්ශන දෙකම පැවැත්වුණේ, එවැනි සිසුසිසුවියන් විශාල ප්‍රමාණයකට ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල හා ආයතනවල නියෝජිතයින් හා සම්බන්ධ වීමට සුවිශේෂී අවස්ථාවන්ද සලසමිනි. එමෙන්ම, ඔවුන්ට උසස් අධ්‍යාපනික වැඩසටහන් පිළිබඳ ගවේෂණය කිරීමට, විශ්ව විද්‍යාල ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සේම, යෝග්‍යතාව පිළිබඳව දැන ගැනීමටද අවස්ථාව සැලසිණි. එමෙන්ම, එම ප්‍රදර්ශනය පැවතියේ බොහෝ දෙනකුට සිය අධ්‍යාපනික අනාගතය පිළිබඳව මුල්ම චිත්රණය මවා ගැනීමටද එය මහඟු අවස්ථාවක් බවට පත් කරමිනි. සිසුන්ට ඕස්ට්‍රේලියානු ඩොලර් 20,000 ක ශිෂ්‍යත්ව මෙන්ම, සිසුන්ට මාහැඟි මූල්‍යාධාර අවස්ථා උදාකර ගැනිමට අවකාශ සැලසෙන පරිදි අත්‍යවශ්‍ය මග පෙන්වීම් VIEC ප්‍රවීණයින් විසින් එහිදී ලබා දෙන ලදී. එමෙන්ම, වීසා සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පහසු කරමින්, ඒ සඳහා මාර්ගෝපදේශද පිරිනැමිණි. විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනයන්හි ජූලි බඳවා ගැනීම් සඳහා සිසුන්ට තමන් කැමති උපාධිය තෝරාගෙන අයදුම් කිරීමට 2024 අප්‍රේල් දක්වා කාලය පවතී.
මේ පිළිබඳව අදහස් දක්වමින් VIEC හි මෙහෙයුම් සහ බඳවා ගැනීම් කළමනාකාරිනී, රෝෂිනී පෙරේරා මහත්මිය මෙලෙසින් අදහස් දැක්වූවාය. “ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට විදේශ රටවල අසීමිත අධ්‍යාපන අවස්ථා පිළිබඳව දැන ගැනීමට මෙම ප්‍රදර්ශනය ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. VIEC පසුගිය වසර ගණනාව තිස්සේම, ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතන සමග සෘජු හවුල්කාරිත්වයක් පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාව තුළ හා කලාපය තුළ කීර්තියක් අත්පත් කරගනු ලැබුවා. VIEC සමග සිසුන්ට සීමා මායිම් නොමැති අධ්‍යාපනික ලෝකයක් ගොඩනගා ගැනීමට හැකිවන අතර, එවිට ලෝකයම ඔවුන්ගේ පන්තිකාමරය බවට පත්වනු දැකගත හැකියි. අප එලෙසින් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව පුරාත්, කලාපය පුරාත් අධ්‍යාපනික වාර්තාවලින් දැක්වෙන පරිදි, VIEC අත් කරගෙන ඇති සාර්ථකත්වය අනුවයි. ඒ නිසා තමන්ගේ අධ්‍යාපන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නොපමාව කටයුතු කිරීමට කැමති සිසු සිසුවියන්ට VIEC සමගින් එක්වන ලෙස, අපි ඉතාමත් සුහදව ආරාධනා කරනවා.”
මෙරට ප්රමුඛ පෙළේ ඕස්ට්‍රේලියානු ආයතනයක් වන VIEC, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ නේපාලය ඇතුළු රටවල කාර්යාල 38 කට අධික ප්‍රමාණයක් ඔස්සේ පවත්වා ගන්නා උසස් අධ්‍යාපනික ජාලයකින් සමන්විත වන අතර, ඉන්දියාවේ පමණක් කාර්යාල 30 කට අධික ජාලයක් එය සතුවේ. එමෙන්ම, ඕස්ට්‍රේලියාව, ආසියාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව පුරා පිහිටි විශ්ව විද්‍යාල, අධ්‍යාපනික ආයතන සහ වෘත්තීය ආයතන ඇතුළු අධ්‍යාපන සේවා සපයන ආයතන 300 කට අධික සංඛ්‍යාවක්ද නියෝජනය කරමින්, අධ්‍යාපනික ක්ෂේත්රයේ පිළිගැනීමක් හිමි කරගත් සමාගමකි. 1996 වසරේ ආරම්භ කළ තැන් පටන් මේ දක්වා, VIEC සිය හවුල්කාර ආයතන හරහා සිසුන් 40,000+ කට අධික පිරිසක් බඳවා ගෙන තිබේ. ඕස්ට්‍රේලියාවෙන් ඔබ්බෙහි, එක්සත් රාජධානිය, කැනඩාව, අයර්ලන්තය, මැලේසියාව සහ සිංගප්පූරුව ඇතුළුව ගෝලීය අධ්‍යාපනික ගමනාන්ත විශාල ප්‍රමාණයක් සඳහා පිවිසුම් දොරටුව ලෙසින්ද, VIEC කටයුතු කරයි.
VIEC සමගින් අධ්‍යාපන සිහින මල්ඵල ගැන්වීමට කැමති සිසු සිසුවියන්ට, www.viec.lk වෙත පිවිසීමෙන් හෝ ක්ෂණික ඇමතුම් අංක 0777 001 004 හෝ 0777 031 032 ඇමතීමෙන්, 2024 ජූලි බඳවා ගැනීම් සඳහා මෙන්ම, ඉදිරි බඳවා ගැනීම් සඳහා ලියාපදිංචි විය හැකිය.