Vision Care 109th Colombo Championships තරගාවලිය ටෙනිස් ක්‍රීඩාව නඟා සිටුවීමට දායකත්වය ලබාදෙයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නඟා සිටුවීම වෙනුවෙන් ලබාදෙන දායකත්වය තවදුරටත් තහවුරු කරමින් 109වැනි  Colombo Championships ටෙනිස් තරගාවලිය සඳහා නාම අනුග්‍රහක දායකත්වය ලබාදුන්නේය. ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 109වැනි වරටත් සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම A ශ්‍රේණියේ ටෙනිස් තරගාවලිය වන  Colombo Championships  තරගාවලිය පසුගිය ජුනි 21වැනි දින කොළඹ ග්‍රීන්පාත් හී පිහිටි SLTA ක්‍රීඩා භූමියේ දී අති සාර්ථක අන්දමින් ආරම්භ විය. ශ්‍රී ලංකාවේ හොඳම දක්ෂතාවන්ගෙන් පිරිපුන් ක්‍රීඩක ක්‍රිඩිකාවන් විශාල සංඛ්‍යාවක් සහභාගීවන සහ රටේ අංක එකේ ටෙනිස් තරගාවලියට නොකඩවා 10වැනි වරටත් විෂන් කෙයා අනුග්‍රහක දායකත්වය ලබාදීම මෙහිදී කැපී පෙනෙයි.

Vision Care 109th Colombo Championships තරගාවලිය ඉතාමත් තරගකාරී සහ උද්වේගකර තරගාවලියක් වූ අතර රටපුරා සිටින ටෙනිස් ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනාගැනීමට සමත් විය. මෙම තරගාවලියට නොකඩවා 10වැනි වරටත් අනුග්‍රහක දායකත්වය ලබාදීම තුළින් මනා තරගකාරීත්වයක් සහ යහපත් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැංවීම හරහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සහ යහපැවැත්ම නඟා සිටුවීම උදෙසා විෂන් කෙයා ආයතනයේ කැපවීම තවදුරටත් තහවුරු වෙයි.


අවුරුදු 12සිට 18න් පහළ දක්වා කණිෂ්ඨ තරග ද පිරිමි සහ කාන්තා විවෘත තරග කාණ්ඩය ද අවුරුදු 35,45,55 සහ 65න් ඉහළ ජේ්‍යෂ්ඨ තරග කාණ්ඩ ලෙස සෑම වයස් කාණ්ඩයකටම අයත් ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලිය තුළින් සිය ක්‍රීඩා කෞෂල්‍ය විදහා දැක්වීමට අවස්ථාව උදාවිණි. තරගාවලියේ තරග කාණ්ඩ විශාල ප්‍රමාණයක් සංවිධානය කර තිබීම නිසා සියලුම වයස් කාණ්ඩවලට අයත් ලංකාව පුරා විහිදී සිටින ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ හැකියාවන් දියුණු කරගැනීමට සහ ඉහළ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාවන් පු`එල් විය.


දශකයක් පුරා මෙවන් තරගාවලියකට අනුග්‍රහක දායකත්වය ලබාදීම පිළිබඳව අදහස් දැක්වූ විෂන් කෙයා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ජානක ෆොන්සේකා මහතා,“ දශකයක් පුරා නොකඩවා මෙවන් ගෞරවනීය අභිමානවත් ටෙනිස් තරගාවලියකට අපට අනුග්‍රහක දායතක්වය ලබාදීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. මෙම තරගාවලියේ අරමුණත් අපේ ආයතනික අරමුණත් එකට එක්ව එක මගක යන නිසා මේ වගේ තරගාවලියකට අනුග්‍රහක දායකත්වය ලබාදීමට ලැබීමටත් අපිට සතුටක්. විෂන් කෙයා ආයතනයට ලංකාවේ තරුණ ටෙනිස් ක්‍රීඩකයන්ට සහයෝගය දෙන්න අවශ්‍යයයි වගේම ආසියානු රටවල් අතර මේ ක්‍රීඩාවෙන් ඉහළටම යන්න ඔවුන්ට ශක්තියක් වෙන්න අපි හැමවිටම අපේ දායකත්වය ලබාදෙනවා. රටක සෞඛ්‍ය සංවර්ධනයට ක්‍රීඩාව වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා කියලා අපි විශ්වාස කරනවා, එවගේම ඉදිරියටත් මෙම තරගාවලියට මෙන්ම අනෙකුත් ක්‍රීඩාවන් සඳහා ද අපේ අනුග්‍රහක දායකත්වය ලබාදෙන්න අපි අපේක්ෂා කරනවා.”  


මනා සෞඛ්‍ය සහ ක්‍රියාශීලී පැවැත්මක් තුළින් උසස් ජීවන තත්ත්වයක් නඟා සිටුවීමේ විෂන් කෙයා ආයතනික අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් විෂන් කෙයා දක්වන අප්‍රතිහත කැපකිරීම නොයෙකුත් ක්‍රීඩා තරගාවලි හරහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නඟා සිටුවීමට ලබාදෙන අනුග්‍රහක දායකත්වය තුළින් මනාව පිළිබිඹු වෙයි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply