අද්විතීය ආගන්තුක සත්කාර හා නවතම තාක්ෂණය සමග පාරිභෝගිකයින්ට පහසුව සලසන, ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්රයේ සුවිශේෂී නමක් තබා ඇති Waters Edge හෝටල්, සිය අවන්හල් සඳහා ඩිජිටල් බිල්පත් ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. Waters Edge හි Bakery අවන්හල සඳහා මෙම නවතම ඩිජිටල් බිල්පත් ක්‍රමවේදය පසුගියදා මුල්වරට හඳුන්වා දෙනු ලැබිණි.
පාරිභෝගිකයින්ට පිරිනමන විශිෂ්ට සේවාව හේතුවෙන් නිරන්තරයෙන් හෝටල් ක්ෂේත්රය තුළ පිළිගැනීමට පාත්‍ර වන Waters Edge, ස්වකීය පාරිභෝගිකයින්ට අසමසම හෝටල් අත්දැකීමක් ලබා දීමට නිරන්තරයෙන් කැප වෙයි. ඒ අනුව, ක්ෂේත්රයට නව තාක්ෂණය හඳුන්වා දීමට ඉකුත් වසර ගණනාවක් තිස්සේම Waters Edge කටයුතු කර තිබේ. Cloud තාක්ෂණය යොදා ගනිමින් පාරිභෝගික අදහස් විමසා බැලිය හැකි Cloud Customer Feedback System හා අන්තර්ජාලය මගින් ඇණවුම් කිරීමට හැකි Online Ordering System ඇතුළු තවත් ක්‍රමවේද හඳුන්වා දී තිබේ. මෑත දී හඳුන්වා දුන් ඩිජිටල් බිල්පත් ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්රය නවීන තාක්ෂණය සමග සුවිශේෂී වෙනසක් කරා යොමුවන බවට පෙරමග ලකුණකි. කඩදාසි භාවිතය 90% කින් අඩුකර හරිත පරිසරයක් කරා ගමන් කිරිමේ පළමු පියවර ලෙසින් සෑම Waters Edge අවන්හලකින්ම මෙලෙස ඩිජිටල් බිල්පත් නිකුත් කෙරේ.
“අපගේ දැක්ම හා සමගාමීව නවතම තාක්ෂණය ප්‍රයෝජනයට ගනිමින් පාරිභෝගිකයින්ට අද්විතීය ජීවන අත්දැකීමක් පිරිනැමීමට අපි සෑම විටම කටයුතු කරනවා. හෝටල් ක්ෂේත්රයට ඩිජිටල් බිල්පත් ක්‍රමය හඳුන්වා දීම නවතම තාක්ෂණික ඇරඹුමක්.” Waters Edge සභාපති මලික් පෙරේරා සඳහන් කරයි.
නවතම ඩිජිටල් බිල්පත් හඳුන්වා දීමත් සමඟ එහි Bakery අවන්හල මේ වන විටත් මුද්‍රිත බිල්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව තිබේ. ඩිජිටල් බිල්පත් ක්‍රමවේදය ඔස්සේ සේවාව පුළුල් කරමින්, පාරිභෝගිකයින්ට Waters Edge හි නිෂ්පාදන හා සේවාව ශ්‍රේණිගත කිරීමටද, අදහස් පැමිණිලි හා යෝජනා ද ඉදිරිපත් කිරීමටද අවකාශ සලසා දී තිබේ. එලෙස ලැබෙන අදහස් හා යෝජනා එම හෝටල් හා අවන්හල්වල නිෂ්පාදන හා සේවාවන්හි ගුණාත්මක තත්ත්වය නගා සිටුවීමටද ආහාර නාස්තිය හා පිරිවැය අඩු කර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටද බෙහෙවින් ඉවහල් වේ. එසේම, පාරිභෝගිකයන් සඳහා නිරන්තරයෙන් පිරිනමන දීමනා හා ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීමටද මෙම ඩිජිටල් බිල්පත් ක්‍රමවේදය සමග Waters Edge වෙත හැකියාව ලැබී තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් Waters Edge හි ප්‍රධාන විධායක නිලධාරී රොහාන් ප්‍රනාන්දුපුල්ලේ මෙලෙස පවසයි. “අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් සෑම අතින්ම පහසු හා කාර්යක්ෂම සේවාවක් සැලසීමට අපට අවශ්‍යයි. ආයතනයක තිරසර ක්‍රමවේද එහි සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපාන කාරණයක්. ඒ නිසා තාක්ෂණය භාවිතයෙන් තිරසර ආහාර නාස්තිය අඩු කර කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අපේ අරමුණයි.”
මෙම ඩිජිටල් පරිවර්තනය තවදුරටත් පුළුල් කරමින්, Waters Edge හෝටල් පරිශ්‍රයන් 90% කඩදාසි වලින් තොර පරිසර කලාප බවට පත් කිරීමේ ඉලක්කය කරා ගමන් කරන අතරෙහි, ගස්වැල් සුරක්ෂිත වන හරිත පරිසරයක් ගොඩ නැංවීම අරමුණයි. එමෙන්ම, ක්ෂේත්රය තුළ තරඟකාරීත්වය පවත්වාගෙන යාම පිණිස අනාගත තාක්ෂණික ක්‍රමවේද තවදුරටත් හඳුන්වා දීමටද Waters Edge කටයුතු කරයි.
එහි ව්‍යාපාර සංවර්ධන හා තොරතුරු තාක්ෂණ අංශයේ අධ්යක්ෂ එනෝජ් මුතුකුමාරණ මෙලෙස අදහස් දක්වයි. “අපි මෙම ඩිජිටල් පරිවර්තනය Waters Edge පටන් ගත්තේ වසර ගණනකට කළින්. මෙය ඩිජිටල් බිල්පත් ක්‍රමවේදයක් පමණක් නොවෙයි. එය, අපගෙන් යම් නිෂ්පාදයක් හෝ සේවාවක් මිලදී ගත් පළමු මොහොතේ පටන්ම පාරිභෝගිකයන් හා පවත්වාගෙන යන සුවිශේෂී සම්බන්ධයක්.”
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් හා Waters Edge අධ්යක්ෂ මණ්ඩලය ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.