‘Wellness Month 2025’ වෙනුවෙන් Spa Ceylon සමඟ Shangri-La Colombo සහ Mastercard අත්වැල්බැඳගනී.

Share with your friend

ලොව විශාලතම Luxury Ayurveda Wellness ජාලය වන Spa Ceylon සෑම වසරකම ජුනි මාසයේ දියත් කරන ‘Wellness Month’ වෙනුවෙන් Shangri-La Colombo සහ Mastercard සමඟ එක්ව කටයුතු කරන්නට තීරණය කර තිබෙනවා.

ජුනි මාසය පුරාවට යෙදී ඇති වැදගත් දින වන; ලෝක සාගර දිනය, පරිසර දිනය, ගෝලීය සුවතා දිනය, ජාත්‍යන්තර යෝගා දිනය වැනි සුවිශේෂී දින ආශ්‍රය කරගෙන මෙම වැඩසටහන් සංවිධානය කිරීමට Spa Ceylon සැලසුම් කර තිබෙනවා.

‘Wellness Month 2025’ හි නිල වශයෙන් ආරම්භය සනිටුහන් කිරීම වෙනුවෙන් Spa Ceylon, Shangri-La Colombo සහ Mastercard එක්ව මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර ඒ වෙනුවෙන් Fitness සහ Wellness අංශයේ ප්‍රවීණයින්, ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් මෙන්ම තවත් අනුග්‍රාහක පිරිසකගේ සහභාගීත්වයත් සිදු වුණා.

Spa Ceylon හි සම නිර්මාතෘ සහ සමූහ අධ්‍යක්ෂ ශලින් බාලසූරිය, Shangri-La Colombo හි සාමාන්‍යාධිකාරී හර්ව් ඩුබොස්ක් (Herve Duboscq), Mastercard වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින් දේශීය කළමනාකරු සඳුන් හපුගොඩ මේ මාධ්‍ය හමුවේදී සිය අදහස් දැක්වූවා.

වසරේ මැද බාගයේදී කෙනෙකුගේ යහපැවැත්ම පිළිබඳ සිතා බලා කටයුතු කිරීම Wellness Month තුළින් සිදු වනවා. ගෝලීය වශයෙන් වගකිවයුතු Wellness Brand එකක් විදියට Spa Ceylon, ‘Disconnect to Reconnect’ යන තේමාව මත පදනම්ව, නවීන ජීවන රටාවට සහ චර්යාවන්ට ගැළපෙන Events ඇතුළත් කරමින්, තවත් සාර්ථක වසරක් සඳහා මේ සංක්ෂිප්ත, Multi-Sensory අත්දැකීම් මාලාව සිදු කරනවා.

මෙහිදී Spa Ceylon හි සම-නිර්මාතෘ සහ සමූහ අධ්‍යක්ෂ ශලින් බාලසූරිය සිය අදහස් දක්වමින් පැවසූවේ “Wellness කියන දේ දැන් වෙද්දි ලෝකය පුරාම ප්‍රමුඛත්වයක් බවට පත්වෙමින් තියෙනවා. මිනිස්සු, ඔවුන්ගේ යහපැවැත්මට සහ පුද්ගලික යහපැවැත්මට සොබාදහමේ ඇති බලපෑම සොයා ගනිමින් ඉන්නවා. ආයුර්වේදය මුල් කරගත් සම්මානලාභී Global Wellness Brand එකක් විදියට, වර්තමාන ජීවන රටාවට ගැළපෙන විදියට වසර 5,000ක් පැරණි ආයුර්වේද දැනුම එක්ක නවීන විද්‍යාව ඒකාබද්ධ කරන අපේ Wellness Formulae හරහා අපිට මේ ඉදිරි දර්ශනය දියුණු කරගන්න පුළුවන්. අපේ මේ ප්‍රවේශය; මිනිසුන්ට එදිනෙදා ජීවිතයේ කලබලකාරී බව සහ අවුල් සහගත තත්ත්වයෙන් ඉවත් වෙලා, තමා එක්ක, තමන්ගේ ආදරණීයයන් එක්ක, අනෙකුත් අය එක්ක සහ වඩාත් වැදගත් වන සොබාදහමත් එක්කත් අර්ථවත් විදියට සම්බන්ධ වෙලා ඔවුන්ගේ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කරන්නට උදව් වෙනවා.” යනුවෙන් අදහස් දැක්වූවා.

Wellness Month එක පුරාවටම සිදු කරන Events මඟින් එදිනෙදා ජීවිතයේ විවිධ Wellness Moments ගැන සළකන අතර හොඳින් ජීවත් වීම යනු ශක්තිමත් බව, කඩිසර බව සහ සුවය වැනි විවිධ පැතිකඩවලින් කාලයත් සමඟ නිරන්තරයෙන් විකාශනය වන්නක් බව හඳුනා ගෙන තිබෙනවා. මේ වසරේ පැවැත්වීමට නියමිත මේ සුවිශේෂී Wellness Events මාලාවට; Sunrise Yoga Ritual, De-Stress Art Therapy, Sleep Therapy, Skin Wellness Ritual සහ Multi-Sensory Dining Experiences යන Events Shangri-La Colombo හෝටල් පරිශ්‍රයේදී පවත්වන්නට නියමිතව තිබෙනවා. 

මේ ගැන අදහස් දැක්වූ Shangri-La Colomboහි සාමාන්‍යාධිකාරී හර්ව් ඩුබොස්ක් (Herve Duboscq) පැවසූවේ, “ආසියානු උරුමයේ පොහොසත් බව, පරිපූර්ණ යහපැවැත්ම සහ ආයුර්වේදයේ සුව කිරීමේ කලාව එක් වුණ මේ Wellness Month එක වෙනුවෙන්  Spa Ceylon සමඟ ඇති කරගත් අපේ සහයෝගීතාව දිගටම පවත්වාගෙන යන්නට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මේ වසරේදී, Mastercard, වටිනා හවුල්කරුවෙකු ලෙස අපත් එක්ක එක්වීමත් සමඟ, මේ Wellness Journey එක සංචාරකයින් ඇතුළු පුළුල්  ප්‍රජාවක් වෙත ගෙන යන්නට හැකි වී තිබෙනවා. Shangri-La Colombo හිදී, සැබෑ ආගන්තුක සත්කාරය කියන්නේ සැප පහසුව සැලසීමට වඩා වැඩි යමක් බව අපි විශ්වාස කරනවා – එය ශරීරය පෝෂණය, මනස සන්සුන් කිරීම වගේම මනස වැඩි දියුණුවටත් සහයක්. මේ සහයෝගීතාවය අපිට පුරාණ දැනුම සමඟ නවීන සුඛෝපභෝගීත්වය සපුරාලන තැනක් නිර්මාණය කිරීමට ඉඩ සලසනවා. ඒ වගේම හැම මොහොතක්ම; සාමකාමී, පුද්ගලයෙක් වශයෙන් අලුත් වෙන සහ ආසියානු ආගන්තුක සත්කාරයේ හෘදයාංගම උණුසුම ඇති ස්ථානයක් වන Shangri-La හි සාරය පිළිබිඹු කරන්නට කල්පනාකාරීව නිර්මාණය කර තිබෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දැක්වූ Mastercard වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින් දේශීය කළමනාකරු සඳුන් හපුගොඩ පැවසූවේ, “Global Wellness Day එක සැමරීමට Wellness Month 2025 වෙනුවෙන් Spa Ceylon සහ Shangri-La Colombo සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නට ලැබීම Mastercard අපිට ආඩම්බරයක්. මේ සහයෝගීතාව, යහපැවැත්ම සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීමේ හවුල් කැපවීමක් පෙන්වන අතරම එදිනෙදා ජීවිතය හොඳින් ගත කරන්නට සහ කෙනෙක්ට  ඔවුන්ගේ සෞඛ්‍යය සහ සමතුලිතතාවට ප්‍රමුඛතාවය දෙන්නට උපකාරී වනවා. ඇත්තටම Wellness කියන්නේ තෘප්තිමත් ජීවිතයක පදනමයි. මිනිස්සුන්ට තමා සමඟ නැවත සම්බන්ධ වෙලා වඩා සිහිකල්පනාවෙන් යුත් ජීවන රටාවක් ගත කරන්නට  මේ අත්දැකීම් සහ පරිසරය ඉඩ ලබාදෙනවා.” යන ලෙසයි


Share with your friend