XI වන විවෘත ප්‍රවීණයන්ගේ මළල ක්‍රිඩා ශූරතාවලියේදී පීපල්ස් ලීසිං සමාගමේ ක්‍රිඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වයි

Home » XI වන විවෘත ප්‍රවීණයන්ගේ මළල ක්‍රිඩා ශූරතාවලියේදී පීපල්ස් ලීසිං සමාගමේ ක්‍රිඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වයි
Share with your friend

මධ්‍යම පළාත් මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ XI වන විවෘත ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා ශුරතාවලිය අගෝස්තු මස 27 සහ 28 දිනයන්හිදී මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවත්විණි. එම තරගාවලියට සහභාගී වු පීපල්ස් ලීසිං සමාගමේ ක්‍රීඩකයෝ තරග ඉසව් රැසකින් ජයග්‍රහණ ලබාගැනිමට සමත්වූහ. 

පීපල්ස් ලීසිං සමාගමේ ෂර්මන් ප්‍රනාන්දූ විසින් පිරිමි මීටර් 110 සහ මීටර් 400 කඩුලු මතින් දිවීම යන තරග ඉසව් ද්විත්වයේ රන් පදක්කම් දිනාගැනීමට සමත් විය. පිරිමි මීටර් 1500 සහ 5000 තරග ඉසව් ද්විත්වයෙන් එස්. සිව කුමාර්ද මීටර් 110 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වෙන් එම්. මොහාන් නානායක්කාර ලෝකඩ පදක්කම් දිනාගත්හ. පිරිමි හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වෙහි ලෝකඩ පදක්කම එම්. ඒ. වී. වසන්ත විසින් දිනාගත් අතර මිටිය විසිකිරීමේ තරග ඉසව්වෙහි ලෝකඩ පදක්කම දිනාගැනීමට කේ. සම්පත් ප්‍රසංග සමත්විය. 

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.


Share with your friend

Leave a Reply

%d bloggers like this: