Xterm සන්නාමය සිය දසවෙනි සංවත්සරය සමරමින් ශ්‍රී ලංකාව තුළ වේයන් ගැටළුව සඳහා වඩාත් බුද්ධිමත් විසඳුම් ලබා දීමට Suren Cooke Agencies මුල පුරයි

Share with your friend

Xterm Termite Baiting System ශ්‍රී ලංකාවේ වේයන් පාලන ක්‍රමවේදය නව දිශානතියකට පරිවර්තනය කිරීමේ 10 වන සංවත්සරය පසුගියදා සමරනු ලැබුවේය. මෙම නිෂ්පාදනය දේශීය වෙළඳපොළට හඳුන්වා දී ඇත්තේ 2015 වර්ෂයේ දීය. වේයන් ගැටළුව සඳහා පෙරළිකාරී විසඳුමක් වූ මෙම නිෂ්පාදනය මඟින් වේයන්ගේ රැජිණ ඇතුළු සමස්ත වේ ජනපදයම ඉවත් කිරීමේ හැකියාව ඇත. සාම්ප්‍රදායික ද්‍රව රසායනික යෙදුම්වලින් ඔබ්බට ගොස් වඩාත් කාර්යක්ෂමව, පරිසර හිතකාමීව සහ මිනිසුන් සඳහා අහිතකර නොවන ලෙස ද මෙම නිෂ්පාදනය භාවිත කළ හැකි වීම මෙහි සුවිශේෂීත්වයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පළිබෝධ කළමනාකරණ සමාගමක් වන Suren Cooke Agencies සහ Sumitomo Chemical Asia අතර ඇති වූ හවුල්කාරිත්වය හරහා දිවයින පුරා “Xterm” නිෂ්පාදනය සාර්ථකව ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබී ඇත.

මෙම පෙරළිකාරී විසඳුම පිළිබඳව අදහස් දක්වමින් Suren Cooke Agencies හී අධ්‍යක්ෂක ෂෙරාන් කුක් මහතා පවසා සිටියේ “වේයන් කළමනාකරණ විසඳුමක් ලෙස, Xterm මඟින් බිම් හෝ අත්තිවාරම් කැණීමේ අවශ්‍යතාවය ඉවත් කර තියෙනවා.” යනුවෙනි.

Xterm හි පළමු දශකය තුළ ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන උස් ගොඩනැගිලි, පාරම්පරික නිවාස සහ මහල් නිවාස සංකීර්ණවල වේයන් සාර්ථකව කළමනාකරණය කිරීමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. 

“උස් ගොඩනැගිලි සඳහා වේයන් කළමනාකරණය සඳහා ප්‍රායෝගික මෙන්ම අහිතකර නොවන විසඳුමක් ලබා දීමේදී Xterm වැදගත් අවශ්‍යතාවයක් ඉටු කරලා තියෙනවා. එසේම කැණීම් හෝ ව්‍යුහාත්මක වෙනස්කම් දැඩි ලෙස තහනම් කර ඇති ශ්‍රී ලංකාවේ සංකේතාත්මක සන්ධිස්ථාන සහ පුරාවිද්‍යාත්මකව ආරක්ෂිත ස්ථාන ආරක්ෂා කිරීමේදී ද මෙම විසඳුම වටිනා බව සනාථ වී තිබෙනවා. මෙම හේතූන් නිසා පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකා වෙළඳපොළ මෙම නිෂ්පාදනය ධනාත්මකව වැළඳගෙන තිබෙන බවක් දැකගන්න පුළුවන්.” යනුවෙන් කුක් මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

සාම්ප්‍රදායික ලෙස ද්‍රව රසායනික ද්‍රව්‍ය යෙදීමේ දී එම පරිසරය සම්පූර්ණයෙන්ම නිදහස් කරගත යුතු වුවද, Xterm භාවිතයේ දී එසේ කළ යුතු වන්නේ නැත. ඒ අනුව දෛනික මෙහෙයුම්වලට කිසිදු බාධාවක් නොමැතිව මෙන්ම ආහාර පහසුකම් සහිත ස්ථානවල ද වේයන් කළමනාකරණය කිරීම සඳහා මෙම නිෂ්පාදනය ඉතාමත් සුදුසු බව තහවුරු වී ඇත.

Xterm Termite Baiting මඟින් සෑම වසරකම විශාල ලෙස රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම වළක්වා ඇත. එමඟින් පාරිසරික ආරක්ෂාව සඳහා ධනාත්මක දායකත්වයක් ද මෙම සන්නාමය විසින් ලබා දී ඇත.

Suren Cooke Agencies සහ Sumitomo Chemical Asia යන සමාගම් ද්විත්වයම ජනතාව සහ පරිසරය ආරක්ෂා කරන නිෂ්පාදන ලබා දීම සඳහා පොදුවේ කැපවී ඇත. වේයන් ආකර්ෂණය කර ගැනීම වඩාත් ඵලදායී කිරීමට Xterm වසර ගණනාවක් පුරා සිය ක්‍රියාවලිය දියුණු කර තිබේ. Sumitomo Chemical Asia සමඟ වූ Suren Cooke Agencies හවුල්කාරිත්වය විසින් ශ්‍රී ලාංකික පළිබෝධ පාලන වෘත්තිකයන් වෙනුවෙන් පළිබෝධ පාලනයේ ආරක්ෂිත සහ ඵලදායී භාවිතය පිළිබඳව පවත්වන ලද පුහුණු වැඩසටහන් දේශීය විශේෂඥතාවය තවදුරටත් ගොඩනැගීමට මනා දායකත්වය ලබා දී ඇත. ඉදිරියේ දී, මෙම හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීමට මොවුන් අපේක්ෂා කරන අතර වෙළඳපොළට වඩාත් නව්‍ය සහ පරිසර හිතකාමී පළිබෝධ කළමනාකරණ නිෂ්පාදන ලබා දීමට ද බලාපොරොත්තු වේ.ශ්‍රී ලංකාව තුළ මෙම නිෂ්පාදනය භාවිතා කරන බලයලත් බලපත්‍රලාභී වෘත්තිකයන් අතර Suren Cooke Agencies, John Piper International පුද්ගලික සමාගම, Ultrakleen පුද්ගලික සමාගම පළිබෝධ පාලන අංශය, Abans Pest Control සහ Eco Services පුද්ගලික සමාගම ඇතුළත් වේ.


Share with your friend