ZTE Blade V30 දැවැන්ත තිරයක් සහ සුපිරි කැමරා පද්ධතියක් සමග දැන් වෙළඳපොළේ

Share with your friend

ZTE වෙළඳපොළට හඳුන්වා දුන් ස්මාර්ට් දුරකථන මාදිලි අතර සුවිශේෂී මාදිලියක් වන ZTE Blade V30 මිලදී ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ටද උදා වී තිබේ. ZTE Blade V30 ස්මාර්ට් දුරකථන දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින් මිලදී ගත හැක. 

4GB RAM සහ 128GB ROM සහිත ZTE Blade V30 මාදිලියේ වඩාත්ම කැපීපෙනෙන අංග දෙකක් වන්නේ, එහි සුවිශේෂී කැමරාව සහ දර්ශන තිරයයි. එහි යොදා ඇත්තේ 6.67” Full HD 20:9, 2400*100+  Punch Hole Display වර්ගයේ දර්ශන තිරයකි. මෙය දුරකථනය භාවිතා කරමින් වීඩියෝ දර්ශන නැරඹීම, සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම ආදිය සිදුකරන කොයිකාටත් පෙර නොවූවිරූ සුවිශේෂී අත්දැකීමක් ගෙනෙනු ඇත. 

ජීවිතයේ සුවිශේෂී අවස්ථා කැමරාවට හසුකර ගැනීම අද දවසේ අප කාගේත් ජීවන රටාවන්හි අනිවාර්ය අංගයකි. ZTE Blade V30 මාදිලියෙහි පසුපස යොදා ඇති 64MP+8MP+5MP+2MP කැමරා පද්ධතිය, ඡායාරූප සහ වීඩියෝ දර්ශන නවතම මානයක් වෙත රැගෙන යයි. මේ නිසා ZTE Blade V30 භාවිතා කරන්නන්ට, තම ජීවිත වල සදානුස්මරණීය මොහොතවල් සදාතනික කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. තවද සෙල්ෆි ඡායාරූප සඳහා මෙහි ඉදිරිපස 16MP AI Quad Front කැමරාවක් ද සහිතව ඔබ අතට පත් වේ. 

මෙහි Full HD දර්ශන තිරය වර්තමාන සංකීර්ණ ඩිජිටල් ජීවන රටාවන්ට නව අරුතක් ලබාදීමට සමත් සුවිශේෂී දර්ශන තිරයක් ලෙස හැඳින්විය හැක. විශේෂයෙන්ම ව්ලොග්කරණයෙහි යෙදෙන සහ ටික් ටොක් වැනි Apps නිතර භාවිතා කරන කාටත් මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු නිසැක ය. 

ZTE Blade V30 මාදිලියට 5000mAh බැටරියක් යොදා ඇති නිසා, එක් ආරෝපණ වාරයකින් අනතුරුව දීර්ඝ කාලයක් දුරකථනය භාවිතා කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ. එමෙන්ම අද දවසේ කාර්යබහුල ජීවිත ගතකරන කාටත් අත්‍යවශ්‍යම පහසුකමක් වන Fast Charging තාක්ෂණයද මීට යොදා ඇත. 

Android R මෙහෙයුම් පද්ධතියක් සහිත ZTE Blade V30 මාදිලිය දැන් රු. 73,999/- කට, Gradient, Blue සහ Black යන වර්ණ වලින් මිලදීගත හැකි වේ. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට www.singersl.com වෙබ් අඩවිය ඔස්සේ හෝ සිංගර් ප්‍රදර්ශනාගාර සහ දිවයින පුරා අලෙවි නියෝජිතයන් වෙතින් ZTE ස්මාර්ට් දුරකථන මිලදීගත හැක.

ZTE යනු ලොව දුරකථන සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රමුඛයෙකි. 1985 දී ආරම්භ වූ එම සමාගම Hong Kong සහ Shenzhen කොටස් වෙළඳපළවල ලැයිස්තුගත වී තිබේ. ZTE සමාගම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කර තවමත් දීර්ඝ කාලයක් ගත වී නොතිබුණද, වසර 20 කට අධික කාලයක් තිස්සේ එම සමාගම මෙරට දුරකථන සමාගම් සඳහා උපකරණ හා උපාංග සපයා තිබේ. මේ වනවිට රටවල් 160 කට අධික සංඛ්‍යාවක පාරිභෝගිකයන්, සමාගම් හා ආයතන සමග ගනුදෙනු කරන ZTE සමාගමේ දැක්ම වන්නේ, සියලුම දෙනා වෙනුවෙන් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම ය.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply